Friday, November 16, 2012

සත 50 මහත්තයා

හොදින් ඇද පැලදගත්තත්, ටිකක් විතර විඩාබර මුහුණ හා එයින් තනිකමක් සේ දැනවෙන හැගීමක් දැනෙන, මහත්තයෙක් ඔන්න හෙමින් සැරේ දෙපැත්ත තුන්පැත්ත බල බල හොරෙන්ම කොකෙක් මරන්ට වෙන්ටෑ මේ ගාටන්නේ පරණ පොට් එකකට. මිනිහා දැං පිළිගැනීමේ කවුන්ටරේ ගාව. එතැන ඉන්නේ පොට් මැනේජර්.

“ආ එන්න මහත්තයා. හුග දවසකින් මේ පැත්තේ ආවේ නැති නිසා මට ටිකක් අදුරගන්නත් බැරි උනා.“

“ඔව් ඔව්. මම පහුගිය ටිකේම සෑහෙන්ට අමාරුවෙන් හිටියේ. ලෙඩ ඒ මදිවට ඒවට සල්ලි. දැන්නං ඇත්තටම හරි අමාරුයි, මට අද එකක් ඕන. දැං කොහොමද ගනන් හෙම?“

“අද හොදම එක රු. 3000 යි. 2500 ටත් තියෙනවා. 1500 දෙකයි තියෙන්නේ දැන්ටම ඒකනං බුකිං“

මහත්තයා ටිකක් විතර තක්බීර් උන ස්වරූපයෙන්,

“නැත්ද ටිකක් අඩු එකක්“

“අඩු එකක්.... ආ.. පරණ ඒවා ටිකක් තියෙනවා. 750 යි, 500 යි 250 යි වගේ.“

“නෑ නෑ. එහෙනං කමක් නෑ මං යන්නං. අද වැඩේ හරියන්නේ නෑ“

“එහෙම කියන්න එපා මහත්තයෝ. ඊට ටිකක් අඩු ඒවත් තියෙනවා. සීයට පනහට උනත් තියෙනවා හැබැයි ටිකක් කොලිටි මදි“

“ඕන නෑ. මං යනවා. අද බැහැ“

පොට් මැනේජර් කල්පනා කරන්නේ චක් ආපු බිස්නස් එක හරවල යවන්න බෑනේ. කොහොම හරි ගානක් කඩා ගන්න ඕන කියන මාර්කටින් මානසිකත්වයේ ඉදගෙන.

“හරි හරි මහත්තයෝ මට තේරෙනවා. ඒ උනත් අපි කස්ටමර්ස්ලට සලකනවා. මහත්තයා කියන්නකෝ මහත්තය ගාව කීයක් තියෙනවද කියලා? එතකොට අපි මොකක් හරි කරන්නං“

දැං මහත්තයා ඇඹරෙයි. මොනා කරන්නද? දැං මේකට අතේ තියෙන ගානත් කියන්න වෙනවා ඒ මදිවට ඒ ගානට එකක් නැතෙයි කිව්වොත් ආයි නෝන්ඩිය. කමක් නෑ මගේ වැඩේ කර ගන්නත් එපාය කියල හිතමින්ම හෙමින් කිට්ටු වෙලා පොට් මැනේජර්ට මෙහෙම කියනවා.

“මිස්ටර්. අද ඇත්තටම මගේ අතේ සත 50 යි තියෙන්නේ. මට මේ උවමනාව හින්ද ආව මිසක් නැත්නං එන්නේ නැහැ.. ඒ ගානට මුකුත් නැතිව ඇති මයේ හිතේ“

“අයියෝ.. මහත්තයෝ කියන්න එපාය.. මහත්තයල වගේ අයට සුපර් බඩුවක් තියෙනවා.. චැක්.. මේච්චර වෙලා ගත්තේ හෙන අපරාදයක් නේ... ගුණසිරි මෙන්න මේ මහත්තයට 31 කාමරේ ගාවට එක්කං යන්න“

එහෙම කිව්වම කොචෝක් හිනාවක් දාපු ගුනසිරි, මහත්තයා එක්ක 31 කාමරේට යනවා. දැං මේක සම්පුර්ණයෙන්ම මහත්තයගේ ලෝකේ නෙව.

ටිකක් පරණ පාට උනාට ඒ දවස් වල කාමරේ ටොප් එකට තියෙන්න ඇති කියල හිතාගෙන මහත්තයා කාමරේ දොර අරිනවා. එතකොටම පොඩි ගදක් වගේ දෙයක් ආවත් ඉස්සරහම තියෙන දේ දැක්කම සත 50  ත් වටින බව මහත්තයට හිතෙනවා. හරියටම දොර ඉස්සරහ තියෙන ඇදේ මේලෝ ඇදුමක් නැතිව සුට්ටක් වයසක සත 50 කොකා දපල ඉන්නවා. චූන් එකේ ඉන්න මහත්තයට දැං වැඩේ කර ගන්න ඉස්පාසුවක් නෑ. දැං මහත්තයගෙත් මෙලෝ දෙයක් ඇගේ නෑ. යනවා ඇද ළගට.

“මේ මහත්තයෝ ආපු වැඩේ විතරක් කොරගන්න. අනං මනං අල්ලන්ට තලන්ට ඕන නෑ“ කියල ටිකක් සුන්දර තගක් දැම්මම සිලින්ඩරේ හොයාගෙන මහත්තයා, මල්ලි ඉස්සර කොරගෙන එතනට යනවා.

හත්දෙයියනේ. ...

පට්ට පුදුමයක්නේ. ....

මෙතන ඒක තියෙන්න ඕන තැන නෑ නෙව. මහ ලොකු කළු ලපයක් විතරයි නේ තියෙන්නේ. ඉතිං කොහොමෙයි මං මේක කරගන්නනේ. අප්පේ.. ඕනම දේ නැති ගෑනියෙක් දැක්කමයි කියල මහත්තය විස්සෝප වෙනවා. (ඇයි සත 50 ත් අපරාදේ නේ.. වැඩේ කර ගන්න බැරිනං.) 

දැං මේ වෙච්චි අලකලංචියට මහත්තයට හෙන තරහයි. ආවේගෙන්ම ආයිත් යන්තං ඇදුම් ටික ඇගට ඔබාගෙන යනවා පොට් මැනේජර් ලගට.

“මිස්ටර් බොහොම කැතයි. මට කරපු වැඩේ. ඒ ගැනිට අරහම එකක් නැති බව දැන ගෙනම මගේ සත පනහ ගන්න වංචාවක් කරන්න හදන්නේ නේද? මම මේක ලේසියෙන් අතඅරින්නේ නෑ. ඔහේගේ බොසාටත් කියනවා මේක“

“හා.. හා.. මහත්තයා කලබල වෙන්ට එපා. යං යං බලන්න. ඒක වෙන්නම බැරි දෙයක්. මොකද එයා මෙතන ඉන්න පරනම කෙනා. කෝ යං යං“ කියා පොට් මැනේජර් මහත්තයත් ඇදගෙන 31 කාමරේට ගිහිල්ල දොර අරිනවා.

“ආං පේනවද.. හිලක් නෑ.. මහ තඩි ලපයක් විතරයි. හරිද???“

“අයියෝ කලබල වෙන්ට එපා මහත්තයෝ.. පොඩ්ඩක් ඉන්න“

එහෙම කියපු පොට් මැනේජර් එතන තිබ්බ පත්තරයක් අරගෙන අර අපි කෑමට මැස්සෝ වැහුවම පත්තරේ ගසන්නේ ඒ විදියට පොට් එක ගාවට කිට්ටු කරල පත්තරේ වැනුව විතරයි මෙන්ම සූ.. සූ.. ගාලා මැස්සෝ රංචු පිටින් පියාඹල සිදුර පාදල දෙනවා.. හයි හයියෝ අන්න නැතිය කිව්ව බඩු...

ප.ලි. - මේ මහත්තයා, රසකතා වල කලින් දාපු කොකුන් මැරීම කියවල තිබුන හින්ද යන්තං  බටේ සුද්ද කරගන්න වෙන සල්ලි ටික ඉතුරු කරගෙන ගෙදර ගියා. හැබෑට සත පනහට ඊට වඩා හොද එකක් ලැබෙන්නේ නැති විත්තිය නං යස අගේට කියත හැකි..

මීළගට පොඩි පිස්සු කතා කිහිපයක්


Tuesday, November 13, 2012

කොකුන් මැරීම

මේකේ තියෙන ගණන් හිලව් ජුනියස් සීයා ආර්ථිකයේ කට ඇරිය දවස් වල ගණන් කියල හිතාගත්තොත් හොදා. 

මේ පුද්ගලයා තෘප්තිය සදහා ඉතාම ලොල් වූ පුද්ගලයෙක්. අපිට දැන් මේ මනුස්සයා පරණ දිරච්ච ගෙයකට වෙලා ඔහේ කාන්සියෙන් පාං වත් නැතිව කල් ගෙවන බවක් තමයි දැනගන්න තියෙන්නේ.

මේ පුද්ගලයාගේ අවසන් දිනපොතෙහි සදහන් කරුණු ටිකක් සදහන් කරන්න කැමතියි. හැබැයි රජෝ අන්තිම ඩිංග ලිව්වට පස්සේ දින පොත් පාවිච්චි කරල නෑ හරිනේ.

මේ දින පොතේ එක් එක් දිනට ආරෝහන පටිපාටියට අනුව දාල තිබ්බ එයාගේ සටහන්.. අතර මැද දින දහව පහළව එකම සටහන තිබුන බවත් මතක තියා ගන්න ඕන.

“අද මම මුල්ම වතාවට කොකෙක් මරන්න ගියා. රු. 2000 යි“

“අද කොකෙන් මැරුවා රු. 1950 යි

“අද කොකෙන් මැරුවා රු. 1900 යි“

අද කොකෙන් මැරුවා රු. 1850 යි

“අද කොකෙන් මැරුවා රු. 1800 යි“

.......
..........
.............
...............
....................
........................
...............................
....................................
.......................................

“අද කොකෙන් මැරුවා රු.300 යි“

අද කොකෙන් මැරුවා රු. 250 යි

“අද කොකෙන් මැරුවා රු. 200 යි“

“අද කොකෙන් මැරුවා රු. 150 යි

........
..........
.............
...............
.................

“අද කොකෙන් මැරුවා රු. 2 යි“

අද කොකෙන් මැරුවා රු. 1.50 යි

“අද කොකෙන් මැරුවා රු. 1 යි“

අද කොකෙන් මැරුවා සත 50 යි


“බටේ සුද්ද කරා රු. 50000 යි“



මීළගට සත 50 මහත්තයා

Wednesday, November 7, 2012

කීකරු දියණිය

පොරොන්දුව ඉෂ්ට කරන්නයි යන්නේ. ඊට කලිං කියන්ට ඕන මේ රසකතා බ්ලොගේ මේ ටිකේ දිව්වේ කිසිම සින්ඩියක සහය නැතිව. ඒත් අතිජාත මාතලං අයියට කිව්වම නාරිලතා කතා කියා විනාඩි භාගෙන් එල්ලල දුන්න, මාතලං සින්ඩියේ. ඔයාට තෑන්ක්ස් මාතලං අයියේ!!

සාමාන්‍යෙයෙන් දන්නවනේ අම්ම කෙනෙක් දරුවන්ට කොයිතරං ආදරේද කියල. කොයි තරං දේවල් කියල දෙනවද කියල. මේකත් ඒ වගේ.

මේ ආදරණිය අම්මට ඉන්නවා දූවරු තිදෙනෙක්. තුන්දෙනාම එක පඩි පෙලක් වගේ උඩින් උඩින් ඉන්නේ. (ඒක කොහොම උනාද කියල මගෙන් අහල කට කඩාගන්නව එහෙම නෙමෙයි මෙයාලා). ඉතිං අපේ අම්මල වගේම මේ දූවරුන්ටත් ඉපදුන දවසේ ඉදල මවකගෙන ලැබිය යුතු හැම දෙයක්ම ලැබුනා.


ඒ වගේම දූලා ටිකක් ලොකුවෙලා වැඩිවිය පත්වෙලා කොල්ලො හැරි හැරි බලන කාලේ වෙන කොට ඒවට මුහුණ දෙන ආකාරයේ ඉදල හැම දේම උගැන්නුවා.

කොහොම උනත් අම්මට තිබුන එකම ආසාව තමා එයාගේ දූලා තුන්දෙනාම එක දවසක කසාද බන්දල දෙන්න. ඉතිං මේ අභියෝගය වෙනුවෙන් අම්මා හුගක් මහන්සි වෙලා, ලොකු කැපවීමක් කරලා මනමාලයෝ තුන්දෙනා හොයාගත්තා. දැං කොහොම හරි මගුල් ගේ එකම දවසක ගන්නත් ලෑස්තියි. ඒ වෙන කොට දූලට විවාහ ජීවිතේ ගැන හොද අවබෝධයක් ඔළුව පිරෙන්නම මේ අම්මා ලබා දීලා තිබුනා.

ඉතිං මගුල් ගේ පළමුවැනි දවස තිබුනා. ඒකේ විස්තර ඕන නෑනේ. මුළු මගුල් ගේම ලීඩ් කරන්නේ අම්මා හින්දා හැමෝටම දන්නල තිබුනේ හනිමූන් එකට තුන්දෙනාම එකම හෝටලයක ඉන්න ඕන කියලා. (හත් ඉලව්වයි. ඔක්කෝටම කිව්වේ තුන් මනාල පාර්ශවයේ අයව)

දැං මධුසමයට යන්ට සුදානං වෙලා අම්මගෙන් සමුගන්න කදුළු පෙර පෙර දූල තුන්දෙනා අම්ම ගාවට ආවම අම්මා පොඩි දේශනාවක් දෙනවා.

“මම ඔය තුන්දෙනාම හදන්න ලොකු මහන්සියක් ගත්තා. මට කරන්න පුළුවන් හැම කැප වීමක්ම කරල තමා මේ තත්වෙට ඕගොල්ලෝ ගෙනාවේ. මං දන්නව ලොකු දූ හුගාක් හොදයි, පොඩි දුව පොඩ්ඩක් සැර උනාට ඒක නරකම නෑ. බාල දූ හුගක්ම අහිංසකයි. ඒ නිසා ඔයගොල්ලන්ට වරදින්නේ නෑ.“

“හැබැයි ඒ වගේම මේ අම්ම කියල දීල තියෙන දේවල් කවදාවත් අමතක කරන්න එපා. අද ඕගොල්ලෝ ඉන්න හෝටලේම කාමරයක් මමත් බුක් කරගත්තා ඕනම දේකට මං ළග ඉන්නව කියල හිතාගෙන දැං යන්න“

ඔය විදියේ දේශනාවෙන් පස්සේ සියල්ලෝ සතුටින් විසිර යද්දී මේ ජෝඩු තුන විතරක් තවත් ළං වෙන්ට හිතාගෙන හෝටල් කාමර වල හනිමුන් රාත්‍රියට සුදානං වෙනවා. අම්මත් ඒ කිට්ටුවම කාමරේක ඉන්නේ බොහොම විමසිල්ලෙන්.. වෙලාව එහෙම බල බල. කොල්ලෝ තුන්දෙනා කුලප්පු වෙන මොහොත හරියටම දැනෙන මේ අම්ම කල්පනා කරනවා. “දැං තමයි හොදම වෙලාව මුං මං දීපු උපදේස ක්‍රියාත්මක කරනවද කියල බලන්න“ කියල හිතාගෙන හෙමින් කාමරේ දොර ඇරගෙන ලොකු දූ ඉන්න කාමරේ දොර ගාවට කිට්ටු වෙනවා.

දොර ගාවට කිට්ටු උනාම තමා වැඩේ. අප්පේ මෙච්චර හොද කාමරේක උනත් ඇද පුදුම සද්දයක් දානව නේ. ඩක ඩක. තාලෙට. අම්මට හීන් හිනාවකුත් එනවා ඒ වගේම ලොකු දූ ගැන ලොකු ආඩම්බරයකුත් ඇති වෙනවා. ඇයි එයා අම්මා දීපු උපදේස පිළිපදින බව ඩක ඩක සද්දෙන්ම අම්මට සහසුද්දෙන්ම කියන්න පුළුවන්. 

දැං යනවා පොඩි දූගේ කාමරේ දොර ගාවට.

බුදු සන්තෝ.. එතම එකම විලාපයයි. මෙතන විස්තර කොරන්න බෑ දෙයියෝ ඒ සද්දේ. අයියෝ.. අම්මෝ.. හ්ම්.. ආ... හයියෙන්... හෙමින් හෙමින්. එපා... තව තියෙනවානං ඒවා ඕගොල්ලෝ හිතාගන්ට. ඉතිං අම්මට දැං ඩබල් සන්තෝසයි. හරි පොඩි දූත් මං කියන දේ ඒ විදියටම පිළිපැදල තියෙනවා. මගේ කෙල්ලෝ රත්තරන් කෙල්ලෝ කියල හිතමින්ම අම්ම බාල දූගේ කාමරේ දොර ගාවට කිට්ටු වෙනවා.

එතන ටික වෙලාවක් බැලුවා. ම්හ්.. කිසි සද්දයක් නෑ... විනාඩි දෙක තුනක් ම බැලුවා. ඇත්තෙන්ම නෑනේ කිසිම සද්දයක්. අම්මට දැං ඉවසීමක් නැතිව කේන්තියක් එනවා බාල දූ ගැන. මේකි තමා දවසකටවත් ගෑනි .. “මං කියල දීපු කිසි දෙයක් කනකට අර ගෙන නෑ. අනිත් එක මේ හනිමුන් දවසේ. මේකිනං හොදම මැට්ටියක්.“ අම්මට පට්ට තරහ ගිහිල්ල.. “තව හිතනවා හිටපියකෝ මං ඕකිව හෙට උදේට පතුරු ගහනවා. දැං ඔතනට කඩාපනින එක හරි නෑ මේ හෝටලේ උන්දැල බලයි මොකද කියලා. නැත්නං මං දනී කරන දේ කියල“ හිතමින් අම්මත් එයාගේ කාමරේට ගිහිං නිදාගන්නවා.

උදෙන්ම අවදි වෙච්චි අම්ම පණිවිඩ යවල දූල තුන්දෙනාම තමන්ගේ කාමරේට ගෙන්නගන්නවා. හැබැයි ඉතිං ටිකක් අමාරුවෙන් තමා කට්ටිය ආවේ. මොකෝ අහන්නේ... ඉතිං අළුත් වැඩ සටහන් කරල නෙව ඉන්නේ. දැං අම්ම ආයේ දේශනාව

“මට ඊයේ ඕන උනා උඹල මං දීපු උපදේශ ඒ විදියටම කරනවද කියල බලන්න. ඒක නිසා මහ රෑ මං උඹල ඉන්න කාමර ගාවට හෙමින් ආවා. ලොකු දූ.. මට දූ ගැන ආඩම්බරයි. ඇත්තටම මං කියුවට වැඩිය හොදට උඹ වැඩ කරනවයි කියල මට තේරුනා. “ 

දැං පොඩි දුව දෙසට හැරී,

පොඩි දූ උඹ ටිකක් තරහකාරයෙක් උනාට උඹත් හොදට හිටි වග මට තේරුණා. පුදුම සද්දයක්නේ තිබුනේ. උඹලගේ කාමරේ. එහෙම තමා කරන්න ඕන.“ 

දැං බාල දුව දෙසට හැරී,

“ඔන්න බලපං උඹනං අක්කල දෙන්නගේ අහලකින් වත් තියන්න බැරි මහ ගොං ගෑනියෙක්. ඇයි මෝඩියේ තොට මං දීපු උපදේස අමතක වෙලාද නැත්නං තොට මේ අම්ම වටින්නේ නැත්ද?? ඊයේ රෑ උඹ බේරුනේ මේක හෝටලයක් නිසා නැත්නං තෝව මං ඊයේ රෑම පතුරු ගහනවා. මෝඩි“

අනේ මේ පවුලෙන්ම අහිංසක දැරිවි කවදාවත් අම්ම මේච්චර සැරෙන් කතා කරනව අහල නෑ. ඒ වගේම මේකිගේ තිබ්බ අහිංසක කම හින්ද අක්කල වගේ අම්මගෙන් කවදාවත් බැනුම් අහලත් නෑ. ඉතිං මේ දැරිවිට ආපු සෝකෙට මහා හයියෙන් අඩන්න ගත්තා නවත්තන්නෙම නැතිව. අම්මට දැං ඊටත් තරහයි. මේ මෝඩි දැං හොද එකී වෙන්න බොරුවට අඩනවා කියලා අම්මට හිතෙනවා. ඒත් දරුවා හින්දා පොඩි දුකකුත් තියෙනවා. අම්මා ආයේ කතා කරනවා.

“හරි. දැං ඔය ඇඩිල්ල පැත්තක තියල කියපං බලන්න උඹට වෙච්චි දේ.. ඉතිං කතාකරපිය“

බයෙන් ඉන්න බාල දූ ඉතිං ඉකි ගහ ගහ අම්මට මෙහෙම කියනවා.

“ඉතිං අම්මම නේ අපිට කියල දීල තියෙන්නේ, කටේ මුකුත් තියෙන වෙලාවට කතා කරන්න එපාය කියලා“

ඊළගට කොකුන් මැරීම