Sunday, June 22, 2014

වඩේ කතාව (රොනී ලීච් ගේ)

මේ කතාව කිව්වේ රොනී ලීච්... කොපි චැට් ද මොකක්ද එහෙක.. ඔන්න මං ඔයැයිටත් හුආපි ඇහෙන්න කියනවා මේක..

දවසක් පිටකොටුවේ එළවළු මාර්කට් එකට ගියපු මහත්තයෙක් අත් දෙකෙන්ම එළවලු මළු දෙකක් අරගෙන පාරේ ඇවිදගෙන යන කොට මිනිහට මාර බඩගින්නක් ආවා. ඒ පාර පොර ළගම තිබුන සයිවර් කඩේ ළගින් නතර වෙලා වේටර්ගෙන් මෙහෙම අහනවා.

“වේටර්.. ඉදිආප්ප තියේද??“

“අයියෝ නේ ෂර්... මේ දැන් තෙමා ඉවෙර වෙලා“

“සැහ්..ඉට්ලි තියේද?“

“ෂොරි ෂැර්. අද එදුවේ නෑ ඉට්ලි“

“මොන මගුලක්ද.. ගන්නවා එහෙනං වඩේ එකක් වත්“

“ඉන්න ෂැර්.. මේ ගේනවා“

වේටර් ගෙනාපු වඩේ එක බාගෙට කැඩුවම වඩේ එක වටේම මයිල් මයිල්.. මේක දැකල මහත්තයට ඌරු ජුවල්.

“ඒයි මල්ලි. මෙහේ එනවා.. බලනවා මේ වඩේ.. ඒක ඇතුලේ මයිල්“

“අනේ ෂෑර්.. ඉන්න මං වෙන එකක් ගෙන්නං.. ෂොරි සෑර්“

වේටර් තව එකක් ගෙනාවම ඒ වඩේ එකත් දෙකට කඩල බැලුවා.

“අයිසේ බලනවා මේ වඩේ එකෙත් මයිල් තියෙනවා“

“අයියෝ මාත්තියා වෙන වඩේ එකක් ගන්න“

“තියාගන්නවා තමුසෙගේ වඩේ එක. මට පෙන්නනවා ඔය වඩේ හදන එකාව..“

“එන්න සෑර් ඇතුලට. මං පෙන්නන්නං“

කුස්සිය ඇතුලට ගියපු වේටර් මහත්තයා එක අතක් නැති තනි අතින් වැඩ කරන පොරක් පෙන්නුවා.

“අන්න සෑර්.. මෙයා තමා වඩේ හදන්නේ“

“අයිසේ තමුසේ කෝමද වඩේ හදන්නේ“

“සර්.. මං තනි අතින් වඩේ එක ගුලි කරල පපුවේ තියල තමා තලන්නේ“

මහත්තයට වැැඩේට තරහ ගියේ නැහැ. මේක විතරයි කිව්වේ හිනා වෙලා.

“තමුසේ උළුදු වඩේ හදන හැටි මට හොදට හිතාගත්තැකි“