Friday, November 16, 2012

සත 50 මහත්තයා

හොදින් ඇද පැලදගත්තත්, ටිකක් විතර විඩාබර මුහුණ හා එයින් තනිකමක් සේ දැනවෙන හැගීමක් දැනෙන, මහත්තයෙක් ඔන්න හෙමින් සැරේ දෙපැත්ත තුන්පැත්ත බල බල හොරෙන්ම කොකෙක් මරන්ට වෙන්ටෑ මේ ගාටන්නේ පරණ පොට් එකකට. මිනිහා දැං පිළිගැනීමේ කවුන්ටරේ ගාව. එතැන ඉන්නේ පොට් මැනේජර්.

“ආ එන්න මහත්තයා. හුග දවසකින් මේ පැත්තේ ආවේ නැති නිසා මට ටිකක් අදුරගන්නත් බැරි උනා.“

“ඔව් ඔව්. මම පහුගිය ටිකේම සෑහෙන්ට අමාරුවෙන් හිටියේ. ලෙඩ ඒ මදිවට ඒවට සල්ලි. දැන්නං ඇත්තටම හරි අමාරුයි, මට අද එකක් ඕන. දැං කොහොමද ගනන් හෙම?“

“අද හොදම එක රු. 3000 යි. 2500 ටත් තියෙනවා. 1500 දෙකයි තියෙන්නේ දැන්ටම ඒකනං බුකිං“

මහත්තයා ටිකක් විතර තක්බීර් උන ස්වරූපයෙන්,

“නැත්ද ටිකක් අඩු එකක්“

“අඩු එකක්.... ආ.. පරණ ඒවා ටිකක් තියෙනවා. 750 යි, 500 යි 250 යි වගේ.“

“නෑ නෑ. එහෙනං කමක් නෑ මං යන්නං. අද වැඩේ හරියන්නේ නෑ“

“එහෙම කියන්න එපා මහත්තයෝ. ඊට ටිකක් අඩු ඒවත් තියෙනවා. සීයට පනහට උනත් තියෙනවා හැබැයි ටිකක් කොලිටි මදි“

“ඕන නෑ. මං යනවා. අද බැහැ“

පොට් මැනේජර් කල්පනා කරන්නේ චක් ආපු බිස්නස් එක හරවල යවන්න බෑනේ. කොහොම හරි ගානක් කඩා ගන්න ඕන කියන මාර්කටින් මානසිකත්වයේ ඉදගෙන.

“හරි හරි මහත්තයෝ මට තේරෙනවා. ඒ උනත් අපි කස්ටමර්ස්ලට සලකනවා. මහත්තයා කියන්නකෝ මහත්තය ගාව කීයක් තියෙනවද කියලා? එතකොට අපි මොකක් හරි කරන්නං“

දැං මහත්තයා ඇඹරෙයි. මොනා කරන්නද? දැං මේකට අතේ තියෙන ගානත් කියන්න වෙනවා ඒ මදිවට ඒ ගානට එකක් නැතෙයි කිව්වොත් ආයි නෝන්ඩිය. කමක් නෑ මගේ වැඩේ කර ගන්නත් එපාය කියල හිතමින්ම හෙමින් කිට්ටු වෙලා පොට් මැනේජර්ට මෙහෙම කියනවා.

“මිස්ටර්. අද ඇත්තටම මගේ අතේ සත 50 යි තියෙන්නේ. මට මේ උවමනාව හින්ද ආව මිසක් නැත්නං එන්නේ නැහැ.. ඒ ගානට මුකුත් නැතිව ඇති මයේ හිතේ“

“අයියෝ.. මහත්තයෝ කියන්න එපාය.. මහත්තයල වගේ අයට සුපර් බඩුවක් තියෙනවා.. චැක්.. මේච්චර වෙලා ගත්තේ හෙන අපරාදයක් නේ... ගුණසිරි මෙන්න මේ මහත්තයට 31 කාමරේ ගාවට එක්කං යන්න“

එහෙම කිව්වම කොචෝක් හිනාවක් දාපු ගුනසිරි, මහත්තයා එක්ක 31 කාමරේට යනවා. දැං මේක සම්පුර්ණයෙන්ම මහත්තයගේ ලෝකේ නෙව.

ටිකක් පරණ පාට උනාට ඒ දවස් වල කාමරේ ටොප් එකට තියෙන්න ඇති කියල හිතාගෙන මහත්තයා කාමරේ දොර අරිනවා. එතකොටම පොඩි ගදක් වගේ දෙයක් ආවත් ඉස්සරහම තියෙන දේ දැක්කම සත 50  ත් වටින බව මහත්තයට හිතෙනවා. හරියටම දොර ඉස්සරහ තියෙන ඇදේ මේලෝ ඇදුමක් නැතිව සුට්ටක් වයසක සත 50 කොකා දපල ඉන්නවා. චූන් එකේ ඉන්න මහත්තයට දැං වැඩේ කර ගන්න ඉස්පාසුවක් නෑ. දැං මහත්තයගෙත් මෙලෝ දෙයක් ඇගේ නෑ. යනවා ඇද ළගට.

“මේ මහත්තයෝ ආපු වැඩේ විතරක් කොරගන්න. අනං මනං අල්ලන්ට තලන්ට ඕන නෑ“ කියල ටිකක් සුන්දර තගක් දැම්මම සිලින්ඩරේ හොයාගෙන මහත්තයා, මල්ලි ඉස්සර කොරගෙන එතනට යනවා.

හත්දෙයියනේ. ...

පට්ට පුදුමයක්නේ. ....

මෙතන ඒක තියෙන්න ඕන තැන නෑ නෙව. මහ ලොකු කළු ලපයක් විතරයි නේ තියෙන්නේ. ඉතිං කොහොමෙයි මං මේක කරගන්නනේ. අප්පේ.. ඕනම දේ නැති ගෑනියෙක් දැක්කමයි කියල මහත්තය විස්සෝප වෙනවා. (ඇයි සත 50 ත් අපරාදේ නේ.. වැඩේ කර ගන්න බැරිනං.) 

දැං මේ වෙච්චි අලකලංචියට මහත්තයට හෙන තරහයි. ආවේගෙන්ම ආයිත් යන්තං ඇදුම් ටික ඇගට ඔබාගෙන යනවා පොට් මැනේජර් ලගට.

“මිස්ටර් බොහොම කැතයි. මට කරපු වැඩේ. ඒ ගැනිට අරහම එකක් නැති බව දැන ගෙනම මගේ සත පනහ ගන්න වංචාවක් කරන්න හදන්නේ නේද? මම මේක ලේසියෙන් අතඅරින්නේ නෑ. ඔහේගේ බොසාටත් කියනවා මේක“

“හා.. හා.. මහත්තයා කලබල වෙන්ට එපා. යං යං බලන්න. ඒක වෙන්නම බැරි දෙයක්. මොකද එයා මෙතන ඉන්න පරනම කෙනා. කෝ යං යං“ කියා පොට් මැනේජර් මහත්තයත් ඇදගෙන 31 කාමරේට ගිහිල්ල දොර අරිනවා.

“ආං පේනවද.. හිලක් නෑ.. මහ තඩි ලපයක් විතරයි. හරිද???“

“අයියෝ කලබල වෙන්ට එපා මහත්තයෝ.. පොඩ්ඩක් ඉන්න“

එහෙම කියපු පොට් මැනේජර් එතන තිබ්බ පත්තරයක් අරගෙන අර අපි කෑමට මැස්සෝ වැහුවම පත්තරේ ගසන්නේ ඒ විදියට පොට් එක ගාවට කිට්ටු කරල පත්තරේ වැනුව විතරයි මෙන්ම සූ.. සූ.. ගාලා මැස්සෝ රංචු පිටින් පියාඹල සිදුර පාදල දෙනවා.. හයි හයියෝ අන්න නැතිය කිව්ව බඩු...

ප.ලි. - මේ මහත්තයා, රසකතා වල කලින් දාපු කොකුන් මැරීම කියවල තිබුන හින්ද යන්තං  බටේ සුද්ද කරගන්න වෙන සල්ලි ටික ඉතුරු කරගෙන ගෙදර ගියා. හැබෑට සත පනහට ඊට වඩා හොද එකක් ලැබෙන්නේ නැති විත්තිය නං යස අගේට කියත හැකි..

මීළගට පොඩි පිස්සු කතා කිහිපයක්


Tuesday, November 13, 2012

කොකුන් මැරීම

මේකේ තියෙන ගණන් හිලව් ජුනියස් සීයා ආර්ථිකයේ කට ඇරිය දවස් වල ගණන් කියල හිතාගත්තොත් හොදා. 

මේ පුද්ගලයා තෘප්තිය සදහා ඉතාම ලොල් වූ පුද්ගලයෙක්. අපිට දැන් මේ මනුස්සයා පරණ දිරච්ච ගෙයකට වෙලා ඔහේ කාන්සියෙන් පාං වත් නැතිව කල් ගෙවන බවක් තමයි දැනගන්න තියෙන්නේ.

මේ පුද්ගලයාගේ අවසන් දිනපොතෙහි සදහන් කරුණු ටිකක් සදහන් කරන්න කැමතියි. හැබැයි රජෝ අන්තිම ඩිංග ලිව්වට පස්සේ දින පොත් පාවිච්චි කරල නෑ හරිනේ.

මේ දින පොතේ එක් එක් දිනට ආරෝහන පටිපාටියට අනුව දාල තිබ්බ එයාගේ සටහන්.. අතර මැද දින දහව පහළව එකම සටහන තිබුන බවත් මතක තියා ගන්න ඕන.

“අද මම මුල්ම වතාවට කොකෙක් මරන්න ගියා. රු. 2000 යි“

“අද කොකෙන් මැරුවා රු. 1950 යි

“අද කොකෙන් මැරුවා රු. 1900 යි“

අද කොකෙන් මැරුවා රු. 1850 යි

“අද කොකෙන් මැරුවා රු. 1800 යි“

.......
..........
.............
...............
....................
........................
...............................
....................................
.......................................

“අද කොකෙන් මැරුවා රු.300 යි“

අද කොකෙන් මැරුවා රු. 250 යි

“අද කොකෙන් මැරුවා රු. 200 යි“

“අද කොකෙන් මැරුවා රු. 150 යි

........
..........
.............
...............
.................

“අද කොකෙන් මැරුවා රු. 2 යි“

අද කොකෙන් මැරුවා රු. 1.50 යි

“අද කොකෙන් මැරුවා රු. 1 යි“

අද කොකෙන් මැරුවා සත 50 යි


“බටේ සුද්ද කරා රු. 50000 යි“



මීළගට සත 50 මහත්තයා

Wednesday, November 7, 2012

කීකරු දියණිය

පොරොන්දුව ඉෂ්ට කරන්නයි යන්නේ. ඊට කලිං කියන්ට ඕන මේ රසකතා බ්ලොගේ මේ ටිකේ දිව්වේ කිසිම සින්ඩියක සහය නැතිව. ඒත් අතිජාත මාතලං අයියට කිව්වම නාරිලතා කතා කියා විනාඩි භාගෙන් එල්ලල දුන්න, මාතලං සින්ඩියේ. ඔයාට තෑන්ක්ස් මාතලං අයියේ!!

සාමාන්‍යෙයෙන් දන්නවනේ අම්ම කෙනෙක් දරුවන්ට කොයිතරං ආදරේද කියල. කොයි තරං දේවල් කියල දෙනවද කියල. මේකත් ඒ වගේ.

මේ ආදරණිය අම්මට ඉන්නවා දූවරු තිදෙනෙක්. තුන්දෙනාම එක පඩි පෙලක් වගේ උඩින් උඩින් ඉන්නේ. (ඒක කොහොම උනාද කියල මගෙන් අහල කට කඩාගන්නව එහෙම නෙමෙයි මෙයාලා). ඉතිං අපේ අම්මල වගේම මේ දූවරුන්ටත් ඉපදුන දවසේ ඉදල මවකගෙන ලැබිය යුතු හැම දෙයක්ම ලැබුනා.


ඒ වගේම දූලා ටිකක් ලොකුවෙලා වැඩිවිය පත්වෙලා කොල්ලො හැරි හැරි බලන කාලේ වෙන කොට ඒවට මුහුණ දෙන ආකාරයේ ඉදල හැම දේම උගැන්නුවා.

කොහොම උනත් අම්මට තිබුන එකම ආසාව තමා එයාගේ දූලා තුන්දෙනාම එක දවසක කසාද බන්දල දෙන්න. ඉතිං මේ අභියෝගය වෙනුවෙන් අම්මා හුගක් මහන්සි වෙලා, ලොකු කැපවීමක් කරලා මනමාලයෝ තුන්දෙනා හොයාගත්තා. දැං කොහොම හරි මගුල් ගේ එකම දවසක ගන්නත් ලෑස්තියි. ඒ වෙන කොට දූලට විවාහ ජීවිතේ ගැන හොද අවබෝධයක් ඔළුව පිරෙන්නම මේ අම්මා ලබා දීලා තිබුනා.

ඉතිං මගුල් ගේ පළමුවැනි දවස තිබුනා. ඒකේ විස්තර ඕන නෑනේ. මුළු මගුල් ගේම ලීඩ් කරන්නේ අම්මා හින්දා හැමෝටම දන්නල තිබුනේ හනිමූන් එකට තුන්දෙනාම එකම හෝටලයක ඉන්න ඕන කියලා. (හත් ඉලව්වයි. ඔක්කෝටම කිව්වේ තුන් මනාල පාර්ශවයේ අයව)

දැං මධුසමයට යන්ට සුදානං වෙලා අම්මගෙන් සමුගන්න කදුළු පෙර පෙර දූල තුන්දෙනා අම්ම ගාවට ආවම අම්මා පොඩි දේශනාවක් දෙනවා.

“මම ඔය තුන්දෙනාම හදන්න ලොකු මහන්සියක් ගත්තා. මට කරන්න පුළුවන් හැම කැප වීමක්ම කරල තමා මේ තත්වෙට ඕගොල්ලෝ ගෙනාවේ. මං දන්නව ලොකු දූ හුගාක් හොදයි, පොඩි දුව පොඩ්ඩක් සැර උනාට ඒක නරකම නෑ. බාල දූ හුගක්ම අහිංසකයි. ඒ නිසා ඔයගොල්ලන්ට වරදින්නේ නෑ.“

“හැබැයි ඒ වගේම මේ අම්ම කියල දීල තියෙන දේවල් කවදාවත් අමතක කරන්න එපා. අද ඕගොල්ලෝ ඉන්න හෝටලේම කාමරයක් මමත් බුක් කරගත්තා ඕනම දේකට මං ළග ඉන්නව කියල හිතාගෙන දැං යන්න“

ඔය විදියේ දේශනාවෙන් පස්සේ සියල්ලෝ සතුටින් විසිර යද්දී මේ ජෝඩු තුන විතරක් තවත් ළං වෙන්ට හිතාගෙන හෝටල් කාමර වල හනිමුන් රාත්‍රියට සුදානං වෙනවා. අම්මත් ඒ කිට්ටුවම කාමරේක ඉන්නේ බොහොම විමසිල්ලෙන්.. වෙලාව එහෙම බල බල. කොල්ලෝ තුන්දෙනා කුලප්පු වෙන මොහොත හරියටම දැනෙන මේ අම්ම කල්පනා කරනවා. “දැං තමයි හොදම වෙලාව මුං මං දීපු උපදේස ක්‍රියාත්මක කරනවද කියල බලන්න“ කියල හිතාගෙන හෙමින් කාමරේ දොර ඇරගෙන ලොකු දූ ඉන්න කාමරේ දොර ගාවට කිට්ටු වෙනවා.

දොර ගාවට කිට්ටු උනාම තමා වැඩේ. අප්පේ මෙච්චර හොද කාමරේක උනත් ඇද පුදුම සද්දයක් දානව නේ. ඩක ඩක. තාලෙට. අම්මට හීන් හිනාවකුත් එනවා ඒ වගේම ලොකු දූ ගැන ලොකු ආඩම්බරයකුත් ඇති වෙනවා. ඇයි එයා අම්මා දීපු උපදේස පිළිපදින බව ඩක ඩක සද්දෙන්ම අම්මට සහසුද්දෙන්ම කියන්න පුළුවන්. 

දැං යනවා පොඩි දූගේ කාමරේ දොර ගාවට.

බුදු සන්තෝ.. එතම එකම විලාපයයි. මෙතන විස්තර කොරන්න බෑ දෙයියෝ ඒ සද්දේ. අයියෝ.. අම්මෝ.. හ්ම්.. ආ... හයියෙන්... හෙමින් හෙමින්. එපා... තව තියෙනවානං ඒවා ඕගොල්ලෝ හිතාගන්ට. ඉතිං අම්මට දැං ඩබල් සන්තෝසයි. හරි පොඩි දූත් මං කියන දේ ඒ විදියටම පිළිපැදල තියෙනවා. මගේ කෙල්ලෝ රත්තරන් කෙල්ලෝ කියල හිතමින්ම අම්ම බාල දූගේ කාමරේ දොර ගාවට කිට්ටු වෙනවා.

එතන ටික වෙලාවක් බැලුවා. ම්හ්.. කිසි සද්දයක් නෑ... විනාඩි දෙක තුනක් ම බැලුවා. ඇත්තෙන්ම නෑනේ කිසිම සද්දයක්. අම්මට දැං ඉවසීමක් නැතිව කේන්තියක් එනවා බාල දූ ගැන. මේකි තමා දවසකටවත් ගෑනි .. “මං කියල දීපු කිසි දෙයක් කනකට අර ගෙන නෑ. අනිත් එක මේ හනිමුන් දවසේ. මේකිනං හොදම මැට්ටියක්.“ අම්මට පට්ට තරහ ගිහිල්ල.. “තව හිතනවා හිටපියකෝ මං ඕකිව හෙට උදේට පතුරු ගහනවා. දැං ඔතනට කඩාපනින එක හරි නෑ මේ හෝටලේ උන්දැල බලයි මොකද කියලා. නැත්නං මං දනී කරන දේ කියල“ හිතමින් අම්මත් එයාගේ කාමරේට ගිහිං නිදාගන්නවා.

උදෙන්ම අවදි වෙච්චි අම්ම පණිවිඩ යවල දූල තුන්දෙනාම තමන්ගේ කාමරේට ගෙන්නගන්නවා. හැබැයි ඉතිං ටිකක් අමාරුවෙන් තමා කට්ටිය ආවේ. මොකෝ අහන්නේ... ඉතිං අළුත් වැඩ සටහන් කරල නෙව ඉන්නේ. දැං අම්ම ආයේ දේශනාව

“මට ඊයේ ඕන උනා උඹල මං දීපු උපදේශ ඒ විදියටම කරනවද කියල බලන්න. ඒක නිසා මහ රෑ මං උඹල ඉන්න කාමර ගාවට හෙමින් ආවා. ලොකු දූ.. මට දූ ගැන ආඩම්බරයි. ඇත්තටම මං කියුවට වැඩිය හොදට උඹ වැඩ කරනවයි කියල මට තේරුනා. “ 

දැං පොඩි දුව දෙසට හැරී,

පොඩි දූ උඹ ටිකක් තරහකාරයෙක් උනාට උඹත් හොදට හිටි වග මට තේරුණා. පුදුම සද්දයක්නේ තිබුනේ. උඹලගේ කාමරේ. එහෙම තමා කරන්න ඕන.“ 

දැං බාල දුව දෙසට හැරී,

“ඔන්න බලපං උඹනං අක්කල දෙන්නගේ අහලකින් වත් තියන්න බැරි මහ ගොං ගෑනියෙක්. ඇයි මෝඩියේ තොට මං දීපු උපදේස අමතක වෙලාද නැත්නං තොට මේ අම්ම වටින්නේ නැත්ද?? ඊයේ රෑ උඹ බේරුනේ මේක හෝටලයක් නිසා නැත්නං තෝව මං ඊයේ රෑම පතුරු ගහනවා. මෝඩි“

අනේ මේ පවුලෙන්ම අහිංසක දැරිවි කවදාවත් අම්ම මේච්චර සැරෙන් කතා කරනව අහල නෑ. ඒ වගේම මේකිගේ තිබ්බ අහිංසක කම හින්ද අක්කල වගේ අම්මගෙන් කවදාවත් බැනුම් අහලත් නෑ. ඉතිං මේ දැරිවිට ආපු සෝකෙට මහා හයියෙන් අඩන්න ගත්තා නවත්තන්නෙම නැතිව. අම්මට දැං ඊටත් තරහයි. මේ මෝඩි දැං හොද එකී වෙන්න බොරුවට අඩනවා කියලා අම්මට හිතෙනවා. ඒත් දරුවා හින්දා පොඩි දුකකුත් තියෙනවා. අම්මා ආයේ කතා කරනවා.

“හරි. දැං ඔය ඇඩිල්ල පැත්තක තියල කියපං බලන්න උඹට වෙච්චි දේ.. ඉතිං කතාකරපිය“

බයෙන් ඉන්න බාල දූ ඉතිං ඉකි ගහ ගහ අම්මට මෙහෙම කියනවා.

“ඉතිං අම්මම නේ අපිට කියල දීල තියෙන්නේ, කටේ මුකුත් තියෙන වෙලාවට කතා කරන්න එපාය කියලා“

ඊළගට කොකුන් මැරීම

Tuesday, October 30, 2012

පුරුෂ ලිංගය කුඩා එකක් වීමේ පුරාවෘත්තය

ඔන්න පොරොන්දු වෙච්චි විදියට කාල වකවානු සකසා ගත නොහැකි වීම නිසා කලින් කතාව බලපු මිත්තරයන්ට උන අපහසුතාවය ගැන මුලින්ම අවංක පට්ට කනගාටුව

ඉස්සර කාලේ ඒ කියන්නේ චාල්ස් ඩාවින් මහත්තයා පරිනාමාවාදය කියන එක කොටා බාන්නට බොහෝ කලින් මේ පෘතිවියේ හිටි පිරිමි උන්දලගේ ලිංගය, පරිනාමයට භාජනය නොවු ඕනම අයෙක්ගේ අඩි පහක්, හයක් හෝ ඊට වැඩි වෙනවා මිස අඩු වන්නේම නැත.

අපේ කතාව පටං ගන්න කාලයේ එම දේශයේ පාලන කටයුතු කල මහාරාජෝත්තමයන් වහන්සේගේ දියණියගේ ස්වයං වරයත් එතුමාගේ මාලිගාවේදි පැවැත්වුනා. මේ සදහා රටේ විවිධ ප්‍රදේශ වලින් ඉස්තරම් වර්ගයේ කුමාරවරුන් ආවත් රජ කුමරිය එම අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගත්තෙ නෑ. ඒ කියන්නේ කුමරිය ට කව්රුවත් හිතට ඇල්ලුවේ නෑ. මේ විදියට ස්වයං වරය අවස්ථා දෙක තුනක් ම පැවැත්වුවත් ඒක සාර්ථක නොවුන හින්ද කනගාටුවෙන් පසු උන රජතුමා, සෝකෙන් පසුවෙන කුමරියව පුද්ගලිකව මාලිගාවේ උයනෙදී හමු උනා.

“දියණිය, ඇයි අපි මේ වගේ මහන්සි වෙලා කටයුතු කරද්දී ස්වයං වරය භාවිතයට ගන්නේ නැත්තේ. දූවට මොකක් හරි වෙන ප්‍රශ්නයක් තියෙනවද?“

“නැත. නැත, පිය රජතුමනි, එම එකදු අවස්ථාවක හෝ මා බලාපොරොත්තු වන කුමාරයා හා සමාන කෙනෙකු මා දුටුවේ නැහැ“

“ඇයි දියණිය, ඔය ඇති තරම් රූ සම්පතින් ධන සම්පතින් යුත් කුමාරයන් හිටියේ?“

“පියාණෙනි, ඒක සැබෑව. නමුත් මාගේ අභිලාෂය ඊට එහා ගිය දෙයක්, මා හට එය ඔබතුමාට පැවසීමේ අපහසුතාවක් ඇත“

“ඇයි? දියණිය, ඔබට එය මට පැවසිය නොහැකි දෙයක්ද“

“එසේය පිය රජතුමනි“

“එහෙනම් හෙට නැවත මා ඔබ හමුවන්නම්“

රජතුමාට මොන විදියකින් වත් කුමරියගේ අලකලංචිය තේරුනේ නැති උනාට එතුමා තේරුම් ගත්තා රජ බිසව යොදවා කුමරියගේ රහස දැනගෙන ඊට ප්‍රතිකර්ම යෙදිය යුතු බව. ඉතිං එතුමා රජ බිසව කැදවා මේ පිළිබදව පුද්ගලිකවම කුමරියගෙන් තොරතුරු ලබා ගන්නා ලෙස දන්වා සිටියා.

රජ බිසව එසැනින්ම දුකින් පෙලෙන කුමරිය හමු වී අදහස් දැන ගැනීමෙන් පසුවයි නියම තත්වය අවබෝධ උනේ. මේ පිළිබදව ඉතා ඉක්මනින්ම රජතුමා දැනුවත් කිරිමේ මහා කාර්ය භාරය එතුමිය සිද්ධ කලා.


“මහ රජතුමනි, අපේ දූ කුමරියට තියෙන්නේ ආසාවක්. දුව මට කිව්වේ එයා ට ලස්සන කුමාරයෙක් හෝ ධනවත් කමින් යුත් තරුණයෙක්ම නෙමෙයි අවශය කියලා. ඇත්තටම මටත් හරිම පුදුමයක්. අපි හිතපු දෙයක් නෙමෙයි ඇයට අවශ්‍ය. මං පොරොන්දු උනා ඔබතුමාට කියල දියණියගේ ආසාව කෙසේ හෝ ඉෂ්ඨ කර දෙන බව. ඒක නිසා ඔබතුමා මේක සාවධානව ඇහුංකං දෙන්න ඕන ඒ වගේම දරුවගේ අනාගතේ තීරණය වෙන මේ ගැන ඔබතුමා නිසි කටයුතු කරන්න ඕන“ කියල පැවසුවාම මොන දේ උනත් දියණියගේ ආසාව ඉස්ට කර දෙන බවට තමාට ම සපථ කර ගෙන දියණියගේ ප්‍රශ්නය කුමක්ද කියා රජ බිසවගෙන් අහනවා.

“රජතුමනි, අපේ දියණියට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ දේශයේ සිටින දිගම පුරුෂ ලිංගය හිමි පුද්ගලයා හිමි කර ගැනීමයි. මේ වෙනුවෙන් ඇය වෙන කිසිම දෙයක් බලාපොරොත්තු නොවන බවත් දන්වා සිටියා“


රජතුමාගේ ඉස්මොළ රත්වී එතුමාගේ පුරුෂ ලිංගයද ගැහෙන්නට ගත්තේ එවැන්නෙක් කෙසේ සොයම් දෝ සිතමිනි. කොහොම උනත් පහුවෙනිදා එළිවෙන කොට දේශය පුරා අණබෙර කරුවන් පිටත් කර තිබුනා.


“අසව් අසව් අපගේ මහාරාජෝත්තමයන් වහන්සේගේ දියණි කුමරියට මහත් වූ ආසාවක් ඇති වී තිබෙන්නේය. එනම් මේ දේශයේ සිටින දිගම පුරුෂ ලිංගය හිමි පුද්ගලයා මුණ ගැසීමයි. එසේ හෙයින් දිගම ලිංගය ඇති පුද්ලගයෙකු වේ නම් වහාම රාජ මාලිගාවට අප සමග යා යුතු බව රාජෝත්තමයන්ගේ අණ පරිදි දන්වමි. එම පුද්ගලයාට රාජ කුමරිය සරණ පාවා දෙන අතර, අග රජු තනතුරද පුදානය කරනු ලැබේ“


මෙහෙම අණ බෙර ගැහුවට, සති ගණන් කරක් ගැහුවත් එසේ මෙසේ එකෙක් සොයාගන්නට බැරි වූ තැන රාජපුරුෂයන් දේශය පුරා යවා එහෙම එකෙක් සොයාගන්නාට රජතුමා තීරණය කරනවා. 

එක් දිනක් එවැනි රාජපුරුෂයන් දෙදෙනෙක් එක්තරා ගමක් අසලින් පිහිටි ගංගාව ඉහල සිට පහලට ගමන් කරන විට මාලු බාන පුද්ගලයෙක් දකිනවා. ඒත් මිනිහා මාළු බාන ක්රමේ දැක්ක රාජපුරුෂයන්ට දැඩි සතුටක් වගේම තමාගේ කාර්යභාරය අවසානයට පැමිණ ඇති බවකුත් තේරුම් යනවා.

ඒ කොල්ලා තමන්ගේ ලිංගයේ කොනක යොත දමා බිලී කොක්ක සවි කර එමගින් මාළු බෑමේ යෙදී සිටිනවා. සාමාන්‍යෙයන් කිතුල් පිත්තක දිග අඩි 10 ක් විතර නේද? ඉතිං මේ හින්ද සතුටට පත් වූ රාජපුරුෂයන්,

“එම්බා. කොල්ල. ඔබගේ වැඩ ඉතා මනරම්ය. අපගේ රාජකුමරිය සොයන්නේ තා වැනි පුද්ගලයෙක්ය. වහා අප සමග යන්ට සුදානං වෙය. තට අනගි වාසනාවක් පෑදෙන්ට යන්නේය“ කියා කිව්වම මේ පුද්ගලයා ටිකක් කල්පනා කර මෙසේ කියයි.

“රාජපුරුෂයෙනි, මේ ගැන මට තනි තීරණයක් ගත නොහැක්කේය. ඔබලා මේ පහල පොල් වත්තේ සිටින මගේ දෙටු සහෝදරයා මුන ගැසී අවසර ගන්නේ නම් මාගේ අකමැත්තක් නැත“

ඉතිං ලැබුන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනගන්නට අවැසි වූ රාජපුරුෂයන් හනි හනිකට ඒකාගේ සහෝදරයා හමු වෙන්න පල්ලං බැස පොල්වත්තට යයි. එහිදි දුටු දෙයින් ඇස් උඩ යන රාජපුරුෂයන් සිතන්නේ අරු මොන වැඩ කාරයෙක්ද මේකා නේ නියම වැඩ කාරයා. අපේ කුමාරිට ගැලපෙන්නේ මෙයා තමයි. ඉතිං ආපු සන්තෝසෙට මේ දෙන්න එයාට කිට්ටු කරනවා.

“එබ්බා.. කොල්ල ඔය වැඩය මේ දැන්ම නවතා වහා අප සමග යන්ට සුදානං වෙයං“ කියලා ඉතුරු ටිකත් කියනවා. එතකොට තමන්ගේ පුරුෂ ලිංගයේ කොක්කක් ගැටගහගෙන ඒකෙන් මුළු වත්තෙම පොල් කඩ කඩ ඉන්න මේ යකා වැඩේ නවත්තල රාජපුරුෂයෝ කියාපු දේ ගැන කල්පනා කරනවා. (මේ කාලේ වගේම තමා රාජපුරුෂයෝ කිව්වොත් ඒක අහන්ටම එපායැ)

“රාජපුරුෂයෙනි, මේ ගැන මට තනි තීරණයක් ගත නොහැක්කේය. ඔබලා ගග පහල සිටින මගේ අයියණ්ඩිය මුන ගැසී අවසර ගන්නේ නම් මාගේ අකමැත්තක් නැත“

එයාගේ මලයා කිව්ව ටිකම මේකත් කියපුවම මොන තරහ ආවත් වැඩේ කර ගන්න ඕන නිසා රාජපුරුෂයෝ ආයෙත් පල්ලම් බැස ලොකු එකා හමුවන්නට යයි. ගග පහලදී දුටු දර්ශනයෙන් ඇග කිලි පොලා යන රාජපුරුෂයන් මේනම් අපේ රාජ කුමරියට ගැලපෙන අවශ්‍යම කෙනා බව සක්සුදක් සේ පැහැදිලි කර ගනියි. ලොකු එකාට කිට්ටු වන රාජපුරුෂයන් “එබ්බා.. කොල්ල ඔය වැඩය මේ දැන්ම නවතා වහා අප සමග යන්ට සුදානං වෙයං“ කියා සියළු විස්තරයද මුල සිට කියයි. දැං මල්ලි ලා දෙන්නගේ කතාවක් නැත. උඹ අප සමග යා යුතුම වෙයි. නැවත වචනයක් කියන්ට එපාය කියල.


ගැලවීමක් නැති බව තේරුම් ගත් ලොකු එකා ඊට එකග වී තමාගේ රාජකාරිය අවසන් වන තුරු මදක් රැදෙන්නයි රාජපුරුෂයන්ට දන්වයි. 

ඉතිං මේකා කරන රාජකාරිය වන්නේ මේ ඉවුරේ සිට අනෙක් ඉවුරට ගමන් කරන හුදී ජනයාට තමාගේ පුරුෂ ලිංගය පාලමක් මෙන් දමා ඒ මතින් ගමන් කිරීමෙන් උදව් කිරීමයි. කොහොමද වැඩ.

*****************

රාජපුරුෂයන්ගෙන් සියළු විස්තර දැනගත් රජතුමාත්, රජ බිසවත් අතිශය සතුටට පත්ව රාජපුරුෂයන් දෙදෙනාටද තුටු පඩුරු දී පිටත් කර ලොකු එකාට අවශ්‍ය අළුත් සළුපිළි සපයා, සුවද ආලේපන ලබදී වොෂ් එකක් දාගෙන කිට් ගසා කුමරිය හමුවෙන තුරු ඉන්ටැයි නියෝග කර පිටත්ව යති. කුමරියට අවශ්‍ය විස්තර දී රාත්‍රි භෝජන සංග්‍රහයේදි කුමාරයා මුන ගස්වන බවට පොරොන්දු වෙයි. මෙම විස්තරයෙන් කුමරියගේ සියළු ඉන්ද්‍රියන් ප්‍රාණවත් වී සතුට බුර බුරා නැගෙන්ට වූ බවක් මා නොකිය මනාය. 

ඉතිං කුමරිය අගනා සළු පිළිවලින් සැරසී (ඇත්ත වශයෙන්ම යම් කිසි රාගික ස්වරූපයක් ඇති ඇදුම් ආයිත්තං) තමාගේ රාජකීය දෙමාපියන් සමග භෝජන මේසයේ අසුන් ගෙන සිටියි. රාජපුරුෂයෙකු හට දෙන ලද විධානයකින් අගනා සළුපිළි වලින් යුත් කුමාරයා නිවරැදි ආචාර සමාචාර දක්වා කුමරිය වාඩි වී සිටින පුටුවට හරි කෙලින් ඇති පුටුවේ ඉද ගනියි. කුමරියට ඇති ආශාව දෙගොඩ තලා යයි. මෙපමණ කාලයක් මා සිහින දුටු පුද්ගලයාද මේ.  ඇත්තටම යම් කිසි කඩවසම් කමකුත් ඔහු තුල ඇත. කුමරිය සිතයි.

කුමාරයා මේසෙට ආපු වෙලාවේ සිට හරි කෙලින් නොබැලුවද කුමරිය ව දකින්නට ඇස් පොර කන බව සිතමින් සෙමෙන් ඉහල බලා ඇස් යොමු කරයි. ඇත්තෙන්ම හද වශි කරවන සුළුය. කුමරිය පුදුමාකාර ලස්සනයි. ඒ වගේම ..... ඒ වගේම... කුමරියේ උඩුකය වසා ඇති අර්ධ නග්න ඇදුමින් කුමරියගේ රාගාන්විත බව උතුරා යයි. 

මළා... එසේ සිතුවා පමණය... ලිංගය ප්‍රාණවත් වී ඇදුම පසාරු කරමින් කුමරිය දෙසට ගමන් කර යාන්තං පිටුපස ඇති ලී බිත්තියේ හෙන හඩක් නගමින් වෑදි හරියටම අංශක 90 ක් නැමී ඉහලට ගමන් කරයි. භයානක  ශබ්දයක් ගෙන දෙමින් මැදුරේ දැවමය වහලය සිදුරු කර ගෙන එය ඉහලට ගමන් කරයි. තුන් මහල් ප්‍රාසාදයක් වූ එහි තට්ටු තුනෙහිම දැවමය වහල සිදුරු කර මහා විශාල ශබ්දයක් නගමින් මේ රාත්‍රි කාලයේ රජ මාලිගයේ වහලින් මතු වන්නේ සතුරු ප්‍රහාරයක් බව ඒකාන්තයෙන්ම හැදිනගන්නා මාලිගාවේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා සැනෙකින් අණ ලබා දෙයි.

“සෙබලුනි. රාජ මාලිගාවට සතුරු හෙල්ලයක් පතිත වී ඇත. වහාම ගිනි ඊතල විදව“

ඉතිං සෙබලු දඩ බඩ ගා තබන ලද ගිනි ඊතල වැදුනු හෙල්ලය පිලිස්සෙමින් හෙමින් හෙමින් පහලට ගමන් කරයි. යම් කිසි රත් වන බවක් කුමාරයට දැනුනද කිසිවක් කළ නොහැක්කේ මහල් තුනක් ඉහල තියෙන තමාගේ ලිංගයේ ආරම්භය නොපෙනෙන බැවිනි. ගිනි ඊතල වල ගින්දර දැඩි ලෙස වැදිමෙන් කුමාරයගේ පුරුෂ ලිංගය ගිනි ගනිමින් විනාශ  වෙමින් එන විට,  පුටුව යටින් එන ගිනි පුලිගුව දුටු රාජ කුමාරයා සැනෙකින් අත් දෙකම තබා තද කරමින් ගින්න නිවා දමයි. හප්පට සිරි එතකොට වැඩේ වෙලාය. යන්තං ඒක නිවා දාන විට වැඩිම උනොත් ඉතිරි වී ඇත්තේ අගල් හයක් හතක් පමණය. 


එදා සිට පුරුෂ ලිංගය කුඩා වීමේ පරිනාමය සිදු වන්නට පටන් ගත් අතර, මේ දක්වා නොවෙනස්ව පවතින්නේ ලිංගයේ මුලින්ම සුමට සමක් සහිතව රතු පැහැයෙන් ඉතුරු වී ඇති ඇති ගින්න නිවීමේදී ඇති වූ ස්වරූපයයි.

මීළගට කීකරු දියණිය

Monday, September 24, 2012

ලොකුම මල්ලී තේරීම

ඔන්න ලෝක කුසලාන ලොකුම මල්ලී තෙරීමේ තරගාවලිය ගිය අවුරුද්දේ ඇමරිකාවේ ලාස් වේගාස් වල දී පැවැත්වුනා. මේකට ලොකුම මල්ලිලා ඉන්න ඒ ඒ රටවල ප්‍රභල තරගකරුවන් රැසක් ම සහභාගී වුනා.

බ්‍රිතාන්‍යය, ඇමරිකාව, චීනය, ජපානය, රුසියාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව වැනි ප්‍රභල රටවල් වලින් මෙන්ම අපේ පුංචි ලංකාවෙනුත් එක් තරගකරුවෙක් ඉදිරිපත් උනා.

තරගයේ ප්‍රථම වටය

නිවේදකයා - නෝනාවරුනි මහත්වරුනි මෙන්න .තරගයට මුලින්ම ඉදරිපත් වන ලොකුම මල්ලි ඇති ඇමරිකානු වීරයා ජෝන් ලෝංෆයි

ඉතිං වීරයා හොද දෙකේ හතරේ පොරක්. ඒ ‍වගේම හොද ප්‍රාසාංගික කමක් ගන්න එයාගේ කළමණාකරු, පුහුණුකරු, ‍භෞත චිකිත්සක වීර‍යගේ පස්සෙන් හැමෝටම ආචාර කරමින් එනවා. ‍වීරයාගේ දැවැන්ත මල්ලීව කර මත තියාගත් බාගෙට ඇදගත් යුවතියන් අට දෙනෙක් එකිනෙකාට අඩි 5 ක විතර පරතරයෙන් නර්තනය කරමින් මල්ලිව කර ති‍යාගෙන එනවා.

මේක දැකපු විනිශ්චය කරුවන්ට එක පාරටම හිතෙනවා අනිවාර්යයෙන්ම මේච්චර ලොකු මල්ලි කෙනෙක් ඉන්න ඇමරිකයන් වීරයා දිනාවි කියලා. ඒ ගොල්ලෝ එහෙම කියනවා. ඉතිං වීරයා හැමෝගෙම චියර් එක මැද්දේ වේදිකාවෙන් බැස යනවා. අවසන් ප්‍රථිපලය - මල්ලිගේ දිග අඩි 43

නිවේදකයා - ‍නෝනාවරුනි මහත්වරුනි.. මෙන්න ඊළගට පිළිගන්න ලෝ‍කයේ ලොකුම මල්ලී තරගයට ඉදිරිපත් වන චීනයේ වීරයා පයිචින් දිග් චූන්

ඉතිං ඔන්න චීනයේ වීරයා තමන්ගේ පිරිවරත් එක්ක වේදිකාවට එනවා. ඉදිරියෙන්ම  ලස්සනට සරසපු ලොකු චීන විල්බැරෝ එකක සෙසේජස් වගේ මහාගොඩක් පිරිලා ඒක ලස්සන යුවතියක් තල්ලු කරන් එනවා. දැං ඉතිං වීරයාගේ වාරය. එයා හෙමිහිට හුස්ම අරගෙන පිටකරන කොට ඔන්න විල්බැරෝවේ තියෙන් සොසේජස් රැලි ටික ‍ටික කෙලින් වෙන්න පටන් ගන්නවා. කාන්තා විනිශ්චයකාරවරියන්ගේ දිව තොල් තෙත් කරනවා. ප්‍රෙක්ෂකයෝ තුෂ්ණිම්භුත වෙලා ඉන්නවා. ඉතිං චීනයේ චීරයාගේ මල්ලි ඔන්න හෙමින් හෙමින් විනිශ්චය සභාවට ආචාර කර කර ශාලාව වටේම යනවා. ඇමරිකානු වීරයාට වැඩිය‍ හොද චියර් එකක් එයාට ලැබෙනවා. අවසන් ප්‍රථිපලය - මල්ලිගේ දිග අඩි 66


ඔය වගේ එකිනෙකා පරයමින් ලොකුම මල්ලි ඇති එක් එක් රටවල් වල වීරයෝ විවිධ භුමිකා යට‍තේ තරගයට ඉදිරිපත් වෙනවා. හැමෝම හොල්මං වෙනවා. අප්පච්චියේ එන්න එන්න වීරයෝ හොද හො‍ද වැඩ පෙන්වනවා.

මේ වෙද්දි ඉතුරු වෙලා ඉන්නේ අපේ ලංකාවේ වීරයා වීතරයි.

දැං තරග ප්‍රථිපලය - මල්ලියේ දිග අඩි 89 - ජැමෙයිකානු වීරයා

ඔන්න නිවේදකයා ලංකාවේ වීරයා හදුන්වලා දීලා වේදිකාවට එනවා. කට්ටිය ඔලුවේ අත් තියා‍ගන්නවා. ඒ මදිවට මේ ඇමරිකන් සුදු ප්‍රේක්ෂකයෝ හොද හැටි හූ තියනවා. බැලින්නං මේ ලංකවේ එකාගේ නම සිරිපාල. ඒකා තනියම ඔහේ ජොකා පිටින් වේදිකාවට එනවා. ඒ මදිවට මේකා නිකං ඉතියෝපියාවෙං ආපු එකෙක් වගේ බඩ පිට පොත්තටම ඇලිලා.

විනිශ්චය සභාව බොහොම අමාරුවෙන් ‍සියළු දෙනා සංවර කරගෙන ඒ ගොල්ල තාමත් සාකච්ඡා කරනවා මේ කෝටු කිතයිය‍ට තරගයට ඉදිරිපත් වෙන්න ඉඩ දෙනවද කියලා. ඇයි හත් දෙයියනේ අර වීරයෝ ටිකත් එක්ක බැලුවම මේකා නිකං පරඩැලක් වගේනේ. කොහොම හරි ඉතිං ඒ‍ ගොල්ලෝ තීරණය කරනවා ආපු ‍එකේ චාන්ස් එකක් දීල බලන්න.


විනිශ්චය සභාව - ඉතිං සිරිපාල මහත්මයා. ඔබ දැක්කම අපිට හිතෙන්නේ ඔබ දැනටමත් මෙම තරගයෙන් පරාද බවයි. ඒත් තරගයට ඉදිරිපත් වීමම ජයග්‍රහනයක් නිසා අපි ඔයාට චාන්ස් එකක් දෙනවා. ඉතිං පටන්ගන්න.


ඔන්න එතකොට අපේ වීරයා ජොකා ගලවලා දාලා වැඩ පෙන්නන්න ලෑස්තිවෙනවා. සිරිපාලගේ හූනු බිජ්ජක් සයිස් මල්ලි දැක්ක හයිරං කොල්ලෝ ආයෙත් හූ තියන්න ගන්නවා. ඒකත් බොහොම අමාරුවෙන් නවත්වල දාල ඔන්න සිරිපාල වැඩ පටන් ගන්නවා.

විනිශ්චය සභාව - සිරිපාල මහත්මයා. ඔබේ මල්ලිගේ වැඩ පෙන්වන්න පටාන් ගන්න

සිරිපාල දකුණු අතේ මැදගිල්ලයි මාපටැගිල්ලයි අරන් අතුල්ලල එක පාරක් ටක් ගානවා. මෙන්න බොලේ මල්ලි ලොකු වෙනවා අගල් දෙකක්. අයෙත් එහෙම කරනවා. දිගටම ඔහොම කරනවා. ඉතිං එක ටක් ‍එකට අගල් දෙක ගානේ සිරිපාලගේ මල්ලි ලොකුවෙනවා. හැමෝම ඇස් උඩ තියාගෙන බලාගෙන ඉන්නවා. හුස්ම ගන්නෙත් නෑ. ඒ මදිවට සමහර සුද්දෝ "What a fucking man" වගේ වචන කියනවා. විනිශ්චයකාර වරුත් බලා ඉන්නවා. සිරිපාල තාම වැඩ. දැන්නං සිරිපාලගේ මල්ලි විශාල ශාලාව පුරවල ලොකු වෙලා. මේ වේල‍වේ,

"හෝව් හෝව් ඔය ඇති ඔය ඇති. හදිසි අනතුරු වෙන්න පුලුවං" කියලා විනිශ්චයකාරවරු සිරිපාලව නවත්වනවා. සිරිපාල ටක් ගාන එක නැවැත්වුවම මල්ලි ලොකු වෙන එක නතර වෙනවා. දැං කස්ටියම ෆුල් හොල්මං. ඔන්න මනින වේලාව - මැන්නා - මල්ලිගේ දිග අඩි 165


කොහොමද වැඩේ. කෙසගයා වගේ හිටියට‍ ලංකාවේ සිරිපාල දිනලා. හැමෝටම ෆකිං සර්ප්‍රයිස්. දැං ඉතිං දෙවැනි වටයක් ඕන නෑ කියල කට්ටිය කියනවා. ඇයි හද්දෙයියනේ දෙවැනි එකාට වැඩි අඩි 80 ක් විතර දිගයි නේ.

ඔන්න ඉතිං ලංකාවේ සිරිපාල තරගය දිනනවා.

හැමෝම සුභපතනවා.

මල්ලි තාමත් එහෙමයි. ඉතිං විනිශ්චය සභාව අහනවා.

සිරිපාල මහත්තයෝ. දැං ඉතිං මේක අනිත් අයට කරදරයක් වෙන්න කලින් දිල අඩු කරන්න කියලා.

සුළු දෙයක්නේ කියලා සිරිපාල අත්පුඩියක් ගහනවා. එතකොට මල්ලි අගල් දෙකක් බහිනවා. ඔට විදියට එක් අප්පුඩියට අගල් දෙක ‍ගානේ මල්ලි බහිනවා. දැං කට්ටියට ඊටත් වඩා පුදුමයි.

අවංකව කල්පනා කරපු එක් විනිශ්චය නෝනා කෙනෙක් සිරිපාලගෙන් මෙහෙම අහනවා.

සිරිපාල මහත්තයෝ. මට පොඩ්‍ඩක් කියන්නකෝ ඔබතුමා‍ ට පොඩි ආතල් එකක් එහෙම ඕන වෙලාවට මොකක්ද කරන්නේ කියලා.

ආ.. ඒකත් හරි ලේසියි නේ කියලා. සිරිපාල ටක් එකක් ගහනවා. එතකොට අගල් දෙකක් නගිනවා. අපුපුඩියක් ගහනවා. එතකොට‍ අගල් දෙකක් බහිනවා. ටක් එකයි අප්පු‍ඩියයි මාරුවෙන් මාරුවට වේගෙන් කරන කොට හැමෝටම පේනවා එයා ආතල් එක ගන්න විදිය.

ඔන්න ඔහොමයි.. අපේ කෙසල සිරිපාල ජයග්‍රාහකයකු උනේ.

ඊළගට බලාපොරොත්තු වන්න. මිනිස් ලිගුව කුඩා එකක් වීමේ පුරාවෘත්ත







බණ්ඩක්කේ

"ආ.. ඔන්න ආ‍වේ බණ්ඩක්කේ.. නියම තමයි බණ්ඩක්කේ..."

"ඈ බොල ගෙරියෝ තෝ මොකද මං එනකොට කෑ ගහන්නේ.. තෝ හිතුවද මගේ මිනිහාට අනිත් උං බණ්ඩඅයිය කිව්වවට උං මට කියන්නෙ බණ්ඩක්කය කියලා. මං තෝව කනවා මෙතන මට හයිරං කරන්න ආවොත්"

නිමිත්ත

එළවළු පොලේ බණ්ඩක්කා විකුණන මල්ලි තමන්ගේ බණ්ඩක්කා ටික විකුණගන්න කෑ ගහන කොට අපේ ‍ගමේ බණ්ඩයියගේ අක්කට කද වෙලා කෑ ගහන විදිය තමයි ඔය.