Tuesday, October 30, 2012

පුරුෂ ලිංගය කුඩා එකක් වීමේ පුරාවෘත්තය

ඔන්න පොරොන්දු වෙච්චි විදියට කාල වකවානු සකසා ගත නොහැකි වීම නිසා කලින් කතාව බලපු මිත්තරයන්ට උන අපහසුතාවය ගැන මුලින්ම අවංක පට්ට කනගාටුව

ඉස්සර කාලේ ඒ කියන්නේ චාල්ස් ඩාවින් මහත්තයා පරිනාමාවාදය කියන එක කොටා බාන්නට බොහෝ කලින් මේ පෘතිවියේ හිටි පිරිමි උන්දලගේ ලිංගය, පරිනාමයට භාජනය නොවු ඕනම අයෙක්ගේ අඩි පහක්, හයක් හෝ ඊට වැඩි වෙනවා මිස අඩු වන්නේම නැත.

අපේ කතාව පටං ගන්න කාලයේ එම දේශයේ පාලන කටයුතු කල මහාරාජෝත්තමයන් වහන්සේගේ දියණියගේ ස්වයං වරයත් එතුමාගේ මාලිගාවේදි පැවැත්වුනා. මේ සදහා රටේ විවිධ ප්‍රදේශ වලින් ඉස්තරම් වර්ගයේ කුමාරවරුන් ආවත් රජ කුමරිය එම අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගත්තෙ නෑ. ඒ කියන්නේ කුමරිය ට කව්රුවත් හිතට ඇල්ලුවේ නෑ. මේ විදියට ස්වයං වරය අවස්ථා දෙක තුනක් ම පැවැත්වුවත් ඒක සාර්ථක නොවුන හින්ද කනගාටුවෙන් පසු උන රජතුමා, සෝකෙන් පසුවෙන කුමරියව පුද්ගලිකව මාලිගාවේ උයනෙදී හමු උනා.

“දියණිය, ඇයි අපි මේ වගේ මහන්සි වෙලා කටයුතු කරද්දී ස්වයං වරය භාවිතයට ගන්නේ නැත්තේ. දූවට මොකක් හරි වෙන ප්‍රශ්නයක් තියෙනවද?“

“නැත. නැත, පිය රජතුමනි, එම එකදු අවස්ථාවක හෝ මා බලාපොරොත්තු වන කුමාරයා හා සමාන කෙනෙකු මා දුටුවේ නැහැ“

“ඇයි දියණිය, ඔය ඇති තරම් රූ සම්පතින් ධන සම්පතින් යුත් කුමාරයන් හිටියේ?“

“පියාණෙනි, ඒක සැබෑව. නමුත් මාගේ අභිලාෂය ඊට එහා ගිය දෙයක්, මා හට එය ඔබතුමාට පැවසීමේ අපහසුතාවක් ඇත“

“ඇයි? දියණිය, ඔබට එය මට පැවසිය නොහැකි දෙයක්ද“

“එසේය පිය රජතුමනි“

“එහෙනම් හෙට නැවත මා ඔබ හමුවන්නම්“

රජතුමාට මොන විදියකින් වත් කුමරියගේ අලකලංචිය තේරුනේ නැති උනාට එතුමා තේරුම් ගත්තා රජ බිසව යොදවා කුමරියගේ රහස දැනගෙන ඊට ප්‍රතිකර්ම යෙදිය යුතු බව. ඉතිං එතුමා රජ බිසව කැදවා මේ පිළිබදව පුද්ගලිකවම කුමරියගෙන් තොරතුරු ලබා ගන්නා ලෙස දන්වා සිටියා.

රජ බිසව එසැනින්ම දුකින් පෙලෙන කුමරිය හමු වී අදහස් දැන ගැනීමෙන් පසුවයි නියම තත්වය අවබෝධ උනේ. මේ පිළිබදව ඉතා ඉක්මනින්ම රජතුමා දැනුවත් කිරිමේ මහා කාර්ය භාරය එතුමිය සිද්ධ කලා.


“මහ රජතුමනි, අපේ දූ කුමරියට තියෙන්නේ ආසාවක්. දුව මට කිව්වේ එයා ට ලස්සන කුමාරයෙක් හෝ ධනවත් කමින් යුත් තරුණයෙක්ම නෙමෙයි අවශය කියලා. ඇත්තටම මටත් හරිම පුදුමයක්. අපි හිතපු දෙයක් නෙමෙයි ඇයට අවශ්‍ය. මං පොරොන්දු උනා ඔබතුමාට කියල දියණියගේ ආසාව කෙසේ හෝ ඉෂ්ඨ කර දෙන බව. ඒක නිසා ඔබතුමා මේක සාවධානව ඇහුංකං දෙන්න ඕන ඒ වගේම දරුවගේ අනාගතේ තීරණය වෙන මේ ගැන ඔබතුමා නිසි කටයුතු කරන්න ඕන“ කියල පැවසුවාම මොන දේ උනත් දියණියගේ ආසාව ඉස්ට කර දෙන බවට තමාට ම සපථ කර ගෙන දියණියගේ ප්‍රශ්නය කුමක්ද කියා රජ බිසවගෙන් අහනවා.

“රජතුමනි, අපේ දියණියට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ දේශයේ සිටින දිගම පුරුෂ ලිංගය හිමි පුද්ගලයා හිමි කර ගැනීමයි. මේ වෙනුවෙන් ඇය වෙන කිසිම දෙයක් බලාපොරොත්තු නොවන බවත් දන්වා සිටියා“


රජතුමාගේ ඉස්මොළ රත්වී එතුමාගේ පුරුෂ ලිංගයද ගැහෙන්නට ගත්තේ එවැන්නෙක් කෙසේ සොයම් දෝ සිතමිනි. කොහොම උනත් පහුවෙනිදා එළිවෙන කොට දේශය පුරා අණබෙර කරුවන් පිටත් කර තිබුනා.


“අසව් අසව් අපගේ මහාරාජෝත්තමයන් වහන්සේගේ දියණි කුමරියට මහත් වූ ආසාවක් ඇති වී තිබෙන්නේය. එනම් මේ දේශයේ සිටින දිගම පුරුෂ ලිංගය හිමි පුද්ගලයා මුණ ගැසීමයි. එසේ හෙයින් දිගම ලිංගය ඇති පුද්ලගයෙකු වේ නම් වහාම රාජ මාලිගාවට අප සමග යා යුතු බව රාජෝත්තමයන්ගේ අණ පරිදි දන්වමි. එම පුද්ගලයාට රාජ කුමරිය සරණ පාවා දෙන අතර, අග රජු තනතුරද පුදානය කරනු ලැබේ“


මෙහෙම අණ බෙර ගැහුවට, සති ගණන් කරක් ගැහුවත් එසේ මෙසේ එකෙක් සොයාගන්නට බැරි වූ තැන රාජපුරුෂයන් දේශය පුරා යවා එහෙම එකෙක් සොයාගන්නාට රජතුමා තීරණය කරනවා. 

එක් දිනක් එවැනි රාජපුරුෂයන් දෙදෙනෙක් එක්තරා ගමක් අසලින් පිහිටි ගංගාව ඉහල සිට පහලට ගමන් කරන විට මාලු බාන පුද්ගලයෙක් දකිනවා. ඒත් මිනිහා මාළු බාන ක්රමේ දැක්ක රාජපුරුෂයන්ට දැඩි සතුටක් වගේම තමාගේ කාර්යභාරය අවසානයට පැමිණ ඇති බවකුත් තේරුම් යනවා.

ඒ කොල්ලා තමන්ගේ ලිංගයේ කොනක යොත දමා බිලී කොක්ක සවි කර එමගින් මාළු බෑමේ යෙදී සිටිනවා. සාමාන්‍යෙයන් කිතුල් පිත්තක දිග අඩි 10 ක් විතර නේද? ඉතිං මේ හින්ද සතුටට පත් වූ රාජපුරුෂයන්,

“එම්බා. කොල්ල. ඔබගේ වැඩ ඉතා මනරම්ය. අපගේ රාජකුමරිය සොයන්නේ තා වැනි පුද්ගලයෙක්ය. වහා අප සමග යන්ට සුදානං වෙය. තට අනගි වාසනාවක් පෑදෙන්ට යන්නේය“ කියා කිව්වම මේ පුද්ගලයා ටිකක් කල්පනා කර මෙසේ කියයි.

“රාජපුරුෂයෙනි, මේ ගැන මට තනි තීරණයක් ගත නොහැක්කේය. ඔබලා මේ පහල පොල් වත්තේ සිටින මගේ දෙටු සහෝදරයා මුන ගැසී අවසර ගන්නේ නම් මාගේ අකමැත්තක් නැත“

ඉතිං ලැබුන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනගන්නට අවැසි වූ රාජපුරුෂයන් හනි හනිකට ඒකාගේ සහෝදරයා හමු වෙන්න පල්ලං බැස පොල්වත්තට යයි. එහිදි දුටු දෙයින් ඇස් උඩ යන රාජපුරුෂයන් සිතන්නේ අරු මොන වැඩ කාරයෙක්ද මේකා නේ නියම වැඩ කාරයා. අපේ කුමාරිට ගැලපෙන්නේ මෙයා තමයි. ඉතිං ආපු සන්තෝසෙට මේ දෙන්න එයාට කිට්ටු කරනවා.

“එබ්බා.. කොල්ල ඔය වැඩය මේ දැන්ම නවතා වහා අප සමග යන්ට සුදානං වෙයං“ කියලා ඉතුරු ටිකත් කියනවා. එතකොට තමන්ගේ පුරුෂ ලිංගයේ කොක්කක් ගැටගහගෙන ඒකෙන් මුළු වත්තෙම පොල් කඩ කඩ ඉන්න මේ යකා වැඩේ නවත්තල රාජපුරුෂයෝ කියාපු දේ ගැන කල්පනා කරනවා. (මේ කාලේ වගේම තමා රාජපුරුෂයෝ කිව්වොත් ඒක අහන්ටම එපායැ)

“රාජපුරුෂයෙනි, මේ ගැන මට තනි තීරණයක් ගත නොහැක්කේය. ඔබලා ගග පහල සිටින මගේ අයියණ්ඩිය මුන ගැසී අවසර ගන්නේ නම් මාගේ අකමැත්තක් නැත“

එයාගේ මලයා කිව්ව ටිකම මේකත් කියපුවම මොන තරහ ආවත් වැඩේ කර ගන්න ඕන නිසා රාජපුරුෂයෝ ආයෙත් පල්ලම් බැස ලොකු එකා හමුවන්නට යයි. ගග පහලදී දුටු දර්ශනයෙන් ඇග කිලි පොලා යන රාජපුරුෂයන් මේනම් අපේ රාජ කුමරියට ගැලපෙන අවශ්‍යම කෙනා බව සක්සුදක් සේ පැහැදිලි කර ගනියි. ලොකු එකාට කිට්ටු වන රාජපුරුෂයන් “එබ්බා.. කොල්ල ඔය වැඩය මේ දැන්ම නවතා වහා අප සමග යන්ට සුදානං වෙයං“ කියා සියළු විස්තරයද මුල සිට කියයි. දැං මල්ලි ලා දෙන්නගේ කතාවක් නැත. උඹ අප සමග යා යුතුම වෙයි. නැවත වචනයක් කියන්ට එපාය කියල.


ගැලවීමක් නැති බව තේරුම් ගත් ලොකු එකා ඊට එකග වී තමාගේ රාජකාරිය අවසන් වන තුරු මදක් රැදෙන්නයි රාජපුරුෂයන්ට දන්වයි. 

ඉතිං මේකා කරන රාජකාරිය වන්නේ මේ ඉවුරේ සිට අනෙක් ඉවුරට ගමන් කරන හුදී ජනයාට තමාගේ පුරුෂ ලිංගය පාලමක් මෙන් දමා ඒ මතින් ගමන් කිරීමෙන් උදව් කිරීමයි. කොහොමද වැඩ.

*****************

රාජපුරුෂයන්ගෙන් සියළු විස්තර දැනගත් රජතුමාත්, රජ බිසවත් අතිශය සතුටට පත්ව රාජපුරුෂයන් දෙදෙනාටද තුටු පඩුරු දී පිටත් කර ලොකු එකාට අවශ්‍ය අළුත් සළුපිළි සපයා, සුවද ආලේපන ලබදී වොෂ් එකක් දාගෙන කිට් ගසා කුමරිය හමුවෙන තුරු ඉන්ටැයි නියෝග කර පිටත්ව යති. කුමරියට අවශ්‍ය විස්තර දී රාත්‍රි භෝජන සංග්‍රහයේදි කුමාරයා මුන ගස්වන බවට පොරොන්දු වෙයි. මෙම විස්තරයෙන් කුමරියගේ සියළු ඉන්ද්‍රියන් ප්‍රාණවත් වී සතුට බුර බුරා නැගෙන්ට වූ බවක් මා නොකිය මනාය. 

ඉතිං කුමරිය අගනා සළු පිළිවලින් සැරසී (ඇත්ත වශයෙන්ම යම් කිසි රාගික ස්වරූපයක් ඇති ඇදුම් ආයිත්තං) තමාගේ රාජකීය දෙමාපියන් සමග භෝජන මේසයේ අසුන් ගෙන සිටියි. රාජපුරුෂයෙකු හට දෙන ලද විධානයකින් අගනා සළුපිළි වලින් යුත් කුමාරයා නිවරැදි ආචාර සමාචාර දක්වා කුමරිය වාඩි වී සිටින පුටුවට හරි කෙලින් ඇති පුටුවේ ඉද ගනියි. කුමරියට ඇති ආශාව දෙගොඩ තලා යයි. මෙපමණ කාලයක් මා සිහින දුටු පුද්ගලයාද මේ.  ඇත්තටම යම් කිසි කඩවසම් කමකුත් ඔහු තුල ඇත. කුමරිය සිතයි.

කුමාරයා මේසෙට ආපු වෙලාවේ සිට හරි කෙලින් නොබැලුවද කුමරිය ව දකින්නට ඇස් පොර කන බව සිතමින් සෙමෙන් ඉහල බලා ඇස් යොමු කරයි. ඇත්තෙන්ම හද වශි කරවන සුළුය. කුමරිය පුදුමාකාර ලස්සනයි. ඒ වගේම ..... ඒ වගේම... කුමරියේ උඩුකය වසා ඇති අර්ධ නග්න ඇදුමින් කුමරියගේ රාගාන්විත බව උතුරා යයි. 

මළා... එසේ සිතුවා පමණය... ලිංගය ප්‍රාණවත් වී ඇදුම පසාරු කරමින් කුමරිය දෙසට ගමන් කර යාන්තං පිටුපස ඇති ලී බිත්තියේ හෙන හඩක් නගමින් වෑදි හරියටම අංශක 90 ක් නැමී ඉහලට ගමන් කරයි. භයානක  ශබ්දයක් ගෙන දෙමින් මැදුරේ දැවමය වහලය සිදුරු කර ගෙන එය ඉහලට ගමන් කරයි. තුන් මහල් ප්‍රාසාදයක් වූ එහි තට්ටු තුනෙහිම දැවමය වහල සිදුරු කර මහා විශාල ශබ්දයක් නගමින් මේ රාත්‍රි කාලයේ රජ මාලිගයේ වහලින් මතු වන්නේ සතුරු ප්‍රහාරයක් බව ඒකාන්තයෙන්ම හැදිනගන්නා මාලිගාවේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා සැනෙකින් අණ ලබා දෙයි.

“සෙබලුනි. රාජ මාලිගාවට සතුරු හෙල්ලයක් පතිත වී ඇත. වහාම ගිනි ඊතල විදව“

ඉතිං සෙබලු දඩ බඩ ගා තබන ලද ගිනි ඊතල වැදුනු හෙල්ලය පිලිස්සෙමින් හෙමින් හෙමින් පහලට ගමන් කරයි. යම් කිසි රත් වන බවක් කුමාරයට දැනුනද කිසිවක් කළ නොහැක්කේ මහල් තුනක් ඉහල තියෙන තමාගේ ලිංගයේ ආරම්භය නොපෙනෙන බැවිනි. ගිනි ඊතල වල ගින්දර දැඩි ලෙස වැදිමෙන් කුමාරයගේ පුරුෂ ලිංගය ගිනි ගනිමින් විනාශ  වෙමින් එන විට,  පුටුව යටින් එන ගිනි පුලිගුව දුටු රාජ කුමාරයා සැනෙකින් අත් දෙකම තබා තද කරමින් ගින්න නිවා දමයි. හප්පට සිරි එතකොට වැඩේ වෙලාය. යන්තං ඒක නිවා දාන විට වැඩිම උනොත් ඉතිරි වී ඇත්තේ අගල් හයක් හතක් පමණය. 


එදා සිට පුරුෂ ලිංගය කුඩා වීමේ පරිනාමය සිදු වන්නට පටන් ගත් අතර, මේ දක්වා නොවෙනස්ව පවතින්නේ ලිංගයේ මුලින්ම සුමට සමක් සහිතව රතු පැහැයෙන් ඉතුරු වී ඇති ඇති ගින්න නිවීමේදී ඇති වූ ස්වරූපයයි.

මීළගට කීකරු දියණිය