Friday, November 1, 2013

ලාභ බිස්නස්..

මේක ඇම්ඩන්ගේ කතාවක්ද මන්දා.. මට හරියට මතක නැහැ කොහොම උනත් ඔන්න කතාව.

කොල්ලට දාමු නමක්.. හ්ම්.... ඕන නැ ඇම්ඩන් කියමු.

ඇම්ඩගේ තාත්තා උදේට වැඩට යන්නේ ඉස්කෝලේ නොයන ඇම්ඩට අම්මව බලාගන්න කියල උපදෙස් දීලමයි. කොල්ලා ඉතිං තාත්තා කියපු දේ හරියටම අහනවා.

ඒත් ළගක ඉදල තාත්තා වැඩට ගියාට පස්සේ කව්ද අංකල් කෙනෙක් ඇම්ඩගේ ගෙදර එනවා. ඇවිල්ල ඇම්ඩට ටොපි දෙක තුනක් දීලා කියනවා.

“ඔන්න පුතේ.. මම ඔයාට සෙල්ලමක් කියල දෙන්නං. පුතා එළියට වෙලා හොදට බලං ඉදල පාරේ යන අය ගණං කරන්න ඕන.. ඊට පස්සේ මම ඇවිල්ල ඔයා ගණං කරපු ගානට... ඒ කියන්නේ පාරේ ගියපු එක්කෙනෙකුට රුපියල ගානේ දෙනවා. කොහොමද වැඩේ!!“

ඇම්ඩත් උඩ පැනල කැමති උනා. මිනිහට ඉතිං අතට ගානක් එන වැඩක් නං මොන ලවක් දෙවක් වත් තියෙන එකක්යැ.

ඉතිං මිනිහා පැනල වැඩේට කැමති උනා නෙව. දැං උදේම අංකල් ආවම ටොපි දෙක අරගෙන ඇම්ඩ දුවනව තාප්පේ ගාවට විගහට. එක රුපියලක් හරි මිස් උනොත් හෙම. අපරාදේ නෙහ්. ගිහිල්ල තාප්පෙං එබිලා පාරේ යන උන් ගණං කරන්න පටන් ගන්නවා. 

පැය දෙක තුනකට පස්සේ අර අංකල් එළියට ඇවිල්ල පර්ස් එක ඇදල මෙහෙම අහනවා.

“ආ.. පුතේ කී දෙනෙක් පාරේ ගියාද?“

“අංකල් අද පස් දෙනයි ගියේ“

“එහෙමද එහෙනං මෙන්න රුපියල් පහක්ම.. ටටා මම යන්නං“ කියල අංකල් කාරයා පැනල යනවා.

ඔය විදියට හැමදාම පාරේ යන උන් ගණං කරත් ඇම්ඩගේ කරුමෙට කවදාවත් රුපියල් දහයකට වැඩිය අංකල්ගෙන් ගන්න බැහැ. මොනව උනත් ඇම්ඩ සත්‍යවාදියා. කවදාවත් බොරු කියන්නේ නැහැ. ඒත් මේකට හරිම අවුල් ඇයි පාරේ මීට වැඩිය මිනිස්සු නොයන්නේ කියලා.

තව දවසක් ඔය වගේ රාජකාරියට බැහැල ඉන්න වෙලාවේ ඇම්ඩට පාරේ එහා කොනෙන් පේනවා ඩග ඩග ගගා බෙර ගහමින් කස්ටියක් එනවා. ඔව් ඒ අය ඇම්ඩගේ ගෙවල් පාරෙමයි එන්නේ.. හැබෑටම ඒක පෙරහැරක්. හොද සෙනගක් ඉන්නවා දැක්කම ඇම්ඩට පුදුම සන්තෝසයක් ආවේ. කස්ටිය ලං වෙන්න කලින් මේක අංකල් කාරයට කියල එන්න ඕන කියලා ඇම්ඩා දුවල ගියා. ගිහිල්ල අම්මගේ කාමරේ දොරට තඩි බාලා මෙහෙම කිව්වා.

“අංකල් අංකල්.. රුපියලට දෙකට *කපු කාලේ ඉවරයි. ඔන්න පෙරහැරක්ම එනවා පාරේ“ 

Saturday, October 26, 2013

අලාභය

දවසක් බුදුන් වහන්සේගේ කාර් එකයි,ජීසස් ගේ කාර් එකයි හැප්පුනා. දෙන්නම බැහැල ආවා.. අලාභෙ දැක්කම ජීසස්ට වාවන්නේම නැති උනා.

අර අත් දෙක දෙපැත්තට දාලා ඉන්න පින්තුර දැකල ඇති නේහ්..

බුදුන්ගේන් ඇහුවා

මේ මොන අපරාධයක්ද??











බුදු හාමුදුරුවන්ගේ මේ වගේ පින්තූර දැකල ඇති නේ..

















බුදුන් කිව්වලු..

සත පහක් දෙන්නේ නෑ..


ප-ලි - මේක වහල දාන්ට තමා කම්පනාව.

Friday, August 23, 2013

ඔෆිස් කතා

ලයිට් බිල

එක දවසක් ප්‍රධාන කාර්යාලයේ ඉදල වෙනත් ස්ථානයකට දුරකතන ඇමතුමක් දුන්නා.

එහා පැත්තෙන් උත්තර දුන්නා.

හලෝ

මට ලයිබ්බ්‍රිය දෙන්න

සර් පොඩ්ඩක් ඉන්න

රිසිවරෙන් ඇහෙනවා එහා පැත්තේ කව්ද එක්ක කතා කරනවා. ටිකකින් උත්තර දුන්නා

සර්.. ඒක නං හරියටම දන්නෑ තාම ඇවිත් නෑ වගේ.

මොකක්ද.. කව්ද ඔය කතා කරන්නේ

සර් මම එස් ඕ කෙනෙක්..

එහෙනං මට ලයිබ්බ්‍රිය දෙන්න..

ඒක තමා සර් කිව්වේ.. ලයිට්බිල තාම ඇවිත් නෑ...



අතේ ගැසීම

අපේ ඔපීසියේ ප්‍රින්ටරය කැඩිලා එකෙකුට කිව්වා ඉක්මනට ඕක හදාගන්න ඕන හින්දා වෙන තැනකින් ප්‍රින්ට්අවුට් එකක් අරන් එන්න කියලා..

මිනිහා ටික වෙලාවකින් ආවා. ඒත් ලියුම නෑ.

“මිස්ටර් චක්.. කෝ ලියුම ගන්න ඉක්මනට අපිට මේක හදාගන්න ඕන හදිසියි“

“මිස්ටර් බොස් පහල ප්‍රින්ටර් දෙකම කැඩිලා ඉතිං ප්‍රින්ට්අවුට් එකක් ගන්න බෑ“

“හරි හරි මොකක් හරි කරනවා ඉක්මනට“

තව ටික වෙලාවකින් ආයේ මතක් කරලා ඇහුවා.

“මිස්ටර් චක් වැඩේ හරිද“

“ආ ඒක හරි. ප්‍රින්ට් අවුට් ගන්න විදියක් නෑ. ඒක නිසා මම ඒක අතේම ගහල දැං ඇරියේ..“

(මිස්ටර් බොස් මිසිස් කෙනෙක්)

Saturday, July 20, 2013

පොඩි උන්නාන්සේ

පන්සලේ නායක හාමුරුදුවෝ හැඩි දැඩි පුද්ගලයෙක්. වයසත් ඕන නං අවුරුදු 50 ක් විතර ඇති. ඇති පදමට වළදපු දානේ හින්දා, හාමුදුරුවෝ රාම තෙල් පාරක් ඇර ඇර ආවාසේ හාන්සි පුටුවට වෙලා ඉන්නවා. එහෙම ඉන්නවනං මදෑ. හාමුරුවන්ගේ ජුන්ඩා අහලින් වෙච්ච කැසිල්ලක් හින්දා, බුලත් විටත් හප කර කර, හොද එකෙන්ම කකුල කස කස ඉන්නේ.

කකුල කසන කොට සිව්රත් ටිකක් උඩට ඇවිල්ලා. ඒ අස්සේ පන්සලට ආපු දායකයෝ හෙම ඇවිල්ල හාමුදුරුවන්ට වැදල කරල යනවා. හාමුදුරුවොත් කකුල කස කස, බුලත් හපේ කටේ පුරවගෙන “තෙරුවන් සරණයි“ කියල වදාරනවා.

සෑහෙන්න වෙලාවක් ගියත් මේක නතර උනේ නැතත්, දායක දායිකාවෝ ඇවිත් වැදල යනවා. ඒ අතරේ ආපු වයසක උපාසිකාවක් හාමුරුවන්ට වැදල ගිහිල්ලා, ටික වෙලාවකින් ඇවිල්ල ආයිත් වැන්දා..

හාමුදුරුවො අහනවා.

“ඈ උපාසිකාව දැං එක පාරක් වැදල නේද ගියේ“

“ඔව් ලොකු හාමුදුරුවනේ එහෙයි“ කියල උපාසිකාව උත්තර දෙනවා.

“එහෙනං ආයිත් වැන්දේ“ හාමුදුරුවො අහනවා.

“ආ. ඒ පොඩි උන්නාන්සෙට නේ අපේ හාමුදුරුවනේ“

Friday, July 5, 2013

කොස් ඉර

එක ගමක තිබුනා පන්සලක් මේ පන්සලේ හිටිය නායක හාමුදුරුවෝ හෙන කුකුලා. ඊට වඩා හාමුදුරුවන්ගේ තිබ්බේ මාර චන්ඩි වැඩ. පිංඩපාතේ යවන්නෙත් ත්‍රිවිල් එකේ. මේ හාමුදුරුවෝ, අර බේබදු බොදු බල සේනාවේ නෙමෙයි හින්දා හරක් මස් කනවා. ගමේ මිනිස්සු කියන්නේ හාමුදුරුවෝ හරකගේ කටට තුවක්කුව දාලා වෙඩි තියල මැරිච්ච හරකා ගෙඩිය පිටින්ම ෆ්‍රිජ් එකේ දාලා තියෙනවයි කියලයි. හරකගේ කටට තුවක්කුව දාලා වෙඩි තියන්නේ අහල පහල උන්ට වෙඩි සද්දේ ඇහෙන්නේ නැති වෙන්නලු.

හාමුදුරුවන්ගේ සාංඝික ලිංගයේ රහ බලන ගෑනියෙක් හිටියා අහල පහලම. හාමුදුරුවන්ට වැඩේ කරගන්න ඕන උනාම, පන්සලේ ඉදල හූවක් තියනවා. ඒක ඇහුනම ගෑනිත් හුවක් තිබ්බට පස්සේ හාමුදුරුවෝ අදනකඩේ පිටින් යනවා පන්සල පිටිපස්සේ කැලේ තියෙන රූස්ස ගහක් ලගට. අර ගෑනිත් එතනට එනවා. ඊට පස්සේ දෙන්නා එක්ක වැඩේ කරගන්නවා.

එක දවසක් ඔය ගමේ හිටිය ගොවියෙක්ගේ හරක් ටික උදේ ලෙහල දාලා කැලේට ඇරියට, හවස් වෙද්දි රංචුවේ හිටිය හොදම කේප්ප වැස්සි අවේ නෑ. මේ හින්දා බය වෙච්චි ගොවියා, කැලේට ගොඩ උනා වැස්සිව හොයන්න. කැලේ පීර පීර හෙව්වත් හම්බ උනේ නැති හින්දා, මිනිහා කරේ, එතන තිබ්බ උසම ගහට නැගල වට පිට බලන එක. ඔය ගහ උඩට නැග්ගම වටේම පේනවා. 

මෙන්න ටික වෙලාවකින් පන්සල පැත්තෙන් හූවක් ඇහුනා. ඒ එක්කම ඊට ටිකක් එහායින් තවත් හූවක් ඇහුනා. ඔහොම ඉදිද්දි, මෙන්න බොලේ හාමුදුරුකාරයා අදනේ පිටින් විටක් හප හප ගහ ගාවට එනවා. ඒ එක්කම අනෙත් පැත්තෙන් කොණ්ඩේ ගැට ගහ ගහ ගෑනියෙක් එනවා ගහ ගාවට. ගහ උඩ ඉන්න පොර බලන් ඉන්නවා.

“හ්ම්.. දිගාවෙයන් එහෙනං.“ හාමුදුරුවෝ කිව්වා

ගෑනි දිගා උනාම හාමුදුරුවෝ වැඩේ කොරන්න සිදුර හොයනවා.

“මේ මොකක්ද බොල මෙතන හිර වෙලා තියෙන්නේ“

ගෑනී පහත් වෙලා බැලුවම කොස් ඉරක් හරියටම සිදුරු කටේ හිර වෙලා.

“හාමුදුරුවනේ මම කොස් සුද්ද කර කර ඉන්න ගමන් නෙව ආවේ“ ගෑනි කිව්වා.

ඒකට හාමුදුරුවෝ කිව්වේ,

“අනේ හැබෑට.. මේ **තේ නැති දෙයක් නෑ නෙව“ කියලා.

එතකොටම ගහ උඩ ඉන්න මිනිහට කල්පනා උනා.. මිනිහ ගහ උඩ ඉදගෙනම හාමුදරුවන්ට මෙහෙම කියනවා.

“අනේ හාන්දුනේ.. මගේ වැස්සිත් ඕකේ ඉන්නවද දන්නෑ නේද?“  කියලා..

Monday, June 10, 2013

අනේ ආයි මරමුකෝ!!!

මේක මේ පොඩි කතාවක්. මකුළු දැල් කඩන්න දැම්මා ඕං..

එක ගමක හිටියා අම්මයි පුතයි. පවුලේ ඉන්නේ මේ දෙන්න උනාට අම්මා පුතාට හෙන ආදරෙයි. පුතාට අවුරුදු 40 ක් විතර කිට්ටු වෙනකම්ම පුතා බැන්දේ නැත්තේ “පුතේ දැං කසාදයක් කරගත්ත නං හොදයි නෙව“ කියල අම්ම කියන හැම වෙලේම මේ යකා කියන්නේ “අනේ ඕන නෑ අම්මේ මෙහෙම හොදා“ කියලයි.

ඒත් අම්මට හරි කනගාටුයි “මම නැති දවසක මූට යන කල දසාව මොකක්ද? අනේ මගේ කොළුවා තනි වෙනවා“ කියල හිතන කොට. ඒක නිසාම අම්මා පුතාට බල කරා මොකක් හරි ගෑනියෙක් කැන්දං එන්නම ඕන කියලා. මේකට බොක්කෙන්ම බැහැපු අම්මා කපුවෝ හෙම හොයාගෙන වැඩක් සෙට් කරන්න කොච්චර ට්‍රයි කරත්, කොහේද මුගේ අවාසනාවට එකක් වත් සෙට් උනේ නෑ.

අන්තිමේදී කපුවෙක් යෝජනාවක් අරන් ආවා ඈත ගමකින්. ඒ පවුලට ඉන්නෙ එකම දුවයිලු. වතුපිටි හෙම තියෙනවා. හැබැයි ඉස්කෝලේ ගිහිල්ල නැති උනාට කෙල්ල හැඩරුවයි ගෙදර වැඩ පල ටික කරගන්න පුළුවන් කියල කපුවා පාරම් බෑවම, දෙන්න එක්ක කපුවා කතා කරගෙන කෙල්ලගේ ගෙදර ගිහිල්ල කතා බස් කරල ආවා. 

කොල්ලත් අම්මගේ වදේටම ඒකට කැමති උනාම කෙල්ලගේ පැත්තේ අයත් උඩින්ම කැමති වෙලා බොහොම චාමෙට මගුල කාලා දැරිවි කැන්දං ආවා.

හැබැයි කව්රුවත් දන්නෑ මේ කෙල්ල මහ මෝඩ කෙල්ලෙක් විත්තිය. ඒක නිසා අම්ම කියල දීල තියෙන්නේ දුවේ ඔය කසාද බදින එක එච්චර අමාරු දෙයක් නෙමෙයි. ගෙදර වැඩ පල ටික කරන්න තියෙනවා.. තව ඇදුං දෙක තුනක් හෝදන්න වෙනවා. කෑම උයන්න වෙනවා. තේ හදන්න තියෙනවා. වතුපිටි බලා කියාගන්න එක විතරයි කියල කසාදෙට අකමැති වෙච්චි දුවට කිව්වෙ ඔය කසාදේ කියන්නේ මොකක්ද කියලවත් දුව දන්නේ නැති හින්දයි. ඒක හින්දා දුව දන්නේ ඔන්න ඔය ලිස්ට් එක තමා කසාදේ කියන්නේ කියලා..

පළවෙනිම දවසේ කොල්ලා සෙට් වෙන්න හැදුවම මොන විදියෙන් වත් කෙල්ල වැඩේට කැමති නෑ. මොකද මේවා අම්මා කිව්ව ලිස්ට් එකේ නෑනේ. ඒක නිසා “මේ ඔයා නරක වැඩ කරන්න එපා“ කියල කොල්ලට කියන හින්දා කෝච්චර ට්‍රයි කරත් වැඩේ හරියන්නේ නෑ. කොල්ලා සතියක් විතර ඕකට ට්‍රයි කරල කරල බැරිම තැන ගෑනිට කිව්වා.

“මම කියන විදියට නොහිටියොත් අම්මප තෝව මරණවා මේ දැන්ම“ කියලා.

ඒක අහල ගෑනි බිරන්තට්ටු වෙලා හිටියම කොල්ල වැඩේ කරගත්තා. පිහිදල දාල ගෑනියි මිනිහයි නිදාගත්තට ටික වෙලාවකින් ගෑනිට ඇහුරුනා. ඒ පාර ගෑනි මිනිහව හොල්ල හොල්ල අමාරුවෙන් නැගිට්ටල මෙහෙම කියනවා.

“අනේ ඒයි අපි ආයේ පාරක් මරමුද“ කියලා..

Friday, April 5, 2013

මම ඒවා බොන්නේ නෑ!!!


ඔන්න අපේ යාළුවෙක් හිටියා නීල් කියල. මිනිහගේ තාත්ත කරන්නේ මාර්කට් එකේ එළවළු බිස්නස්. නීලා ඉස්කෝලේ යන කාලේ අමර පිස්සා. ඕන දෙයක් කරනවා. අරක්කු, සිගරට්, මල් ඔය ජාති ඒවා හොදට ගන්නවා.

එක දවසක් උදේ ලැට් එකට යන්න ලෑස්ති වෙචිචි නීල්ගේ තාත්තා කාමරේට ඇවිල්ල එයාගේ ෂර්ට් එකේ සාක්කුව දෙපාරක් විතර අවුස්සල බලල නැති තැන ඒක අතට අරන් හොදට බැලුවා. දෙපැත්තට ඔළුව වනපු තාත්තා, මහ හයියෙන්,

“නීල්.. නීල්.. මෙහෙ වරෙං“

“එනෝ ඉන්නෝ“ කියාගෙන නීල් ආවා කාමරේට

“උඹ ඊයේ මම කමීසේ ගැලෙව්වට පස්සේ ඒකේ සාක්කුව ඇවිස්සුව නේද“

“පිස්සුද තාත්තේ“

“මේ උඹ මට බොරු නොකර ඉදිං හරිය.. මම දැන් දවස් ගානක් ඇහැගහගෙන හිටියේ උඹ ගැන“

“මං මොකක්ද කරේ. මම ගත්තෙඑකක් නෑ ඕකෙන් සල්ලි“

“ඔව් මං දන්නවා උඹ මේකෙන් සල්ලිත් ගන්නවා“

“නෑ මම ගන්නේ නෑ.. .පිස්සුද“

“පිස්සුද, ඔව් මට තමා පිස්සු.. මම අහන්නේ උඹ ඇයි ගත්තේ“

“මොකක්ද“

“සාක්කුවේ තිබ්බ බ්‍රිස්ටල් එක“

“පිස්සුද මම ගත්තේ නෑ“

“තොට මම කන කුඩු වෙන්න ගහනවා ආයේ ගත්තොත් හෙම මේකෙ තියෙන ඒවා“

“මම ගත්තේ නෑ කිව්වනේ.. තේරෙන්නැද්ද“

“මොකක්ද යකෝ කිව්වේ. මම ඊයේ රෑ ඔය බ්‍රිස්ටල් එක තිබ්බේ උඹ ගන්න විත්තිය දන්න හින්දමයි“

“මම ගත්තේ නෑ මගුල් බ්‍රිස්ටල් එක“

“තෝ එනවද එකට එක කියන්න“

එහෙම කියමින් නීල්ගේ කනෙන් අල්ලගෙන කන හරහා හොදවයින් දෙකක් දුන්නම නීල් මහ හයියෙන් අඩන්න ගත්තා.

“තොපි හැදෙන විදිය. යකෝ ඉස්කෝලේ යන ඈයෝ කරන වැඩද මේවා.. පරයා“

නීල් මහ හයියෙන් අඩන හඩ ඇසී අම්මා දුවගෙන එයි.

“මොකෝ මොකෝ මේ. මයේ කොල්ල අඩන්නේ“

“අනේ ඔහේගේ ඌරු පැටියා“

“ඇයි කොල්ලට ගහන්නේ“

“ගහන්න නෙමෙයි මරන්නයි තියෙන්නේ. මූ මගේ සාක්කුවෙන් සිගරට් අරගෙන බීලා“

“ඇත්තද පුතේ මේ කියන්නේ තාත්තා“

“ඉහි ඉහි නෑ මම ගත්තේ නෑ අම්මේ ඉහි ඉහි“

“තොපි දෙන්න ඕන කුදයක් ගහගනිල්ල.. ආයේ අහුවෙන්න එපා. මං තෝව මරනවා දෙකක් නෑ“

එසේ කියමින් නීල්ගේ තාත්තා පිටව යයි. නීල් තාමත් හැඩූ කදුලෙන්ය.

“උඹ අඩන්න එපා පුතේ.. නරක වැඩ කරන්න එපා පුතේ“

“ඉහි ඉහි. මං බොරු නෙමෙයි ඉහි ඉහි... කිව්වේ අම්මේ.. මම තාත්තගේ බ්‍රිස්ටල් එක ගත්තේ නෑ. ඉහි ඉහි ඉහි... අනික ඉහි ඉහි ඉහි... මම බ්‍රිස්ටල් බොන්නෙත් නෑ ගෝල්ලීෆ් විතරයි බොන්නේ“

තාත්තා දුන් කනේ පාර, අම්මාද නීල්ට ඒ මොහොතේම දුන්න විත්තිය පසුව නීල් හිනා වෙවි අපට පවසන ලදි.

Monday, March 18, 2013

රසකතා දිනයි හොදම සෙක්ස් සම්මානය














Search Keywords

EntryPageviews
පුරුෂ ලිංගය
48
ලිංගය
23
ලිංගය කුඩා
5
ජොකා
4
ජොකා ගලවලා
4
පිස්සු කතා
4
පුරුෂ
3
රසකතා
3
http://atw-cmb.blogspot.com/2012/09/blog-post_24.html
2
කඩවසම් පිරිමි
2

ඕං බලන්ටකෝ අනේ මේ මාස ගානක් වයස මගේ රසකතා හොයපු විදිය.. ගූගල් දෙයියා බොරු නොකියයි කියල පරස්තාව පිළුරකුත් හැදුවානං හොදා වගේ. කොහොමෙයි ආතල් එක. බඩ පැලෙනවා මෙයා...මේක තාම සුට්ටං බලගයක් වෙලත් කොහොමෙයි සර්ච් ඇන්ජින් වල හොයපු ඒවට හව් වෙච්චි විදිය. රාජ අඩවියේ නෙල්ලි ජෑම් හොයපු එකාව මතක් උනා.. හිකිස්.. තොම්බ එළියට පැන්නට කමක් නෑ මම ඒක දැක්කා හොදේ...