Friday, January 11, 2013

අනේ සොරි විජේ!!

මේක හැබැයි අර අපි ප්‍රේමදාස මහත්තයට හදන විහිළු කතා වගේ එකක්. එහෙම උනාට කාටවත් ගැහීමක් නොවන බව සැබෑවටම කියමි.

ඒ දවස් වල ඒ කියන්නේ තරුණ කාලේ,.. තරුණ කාලේ..

ජේ ආර් ජයවර්ධන උන්නාන්සෙයි, සිරිමා මැතිණියයි, තව විජේවීර සහෝදරයයි එකම වේදිකාවක දේශපාලන රැස්වීමකට සහභාගී වෙනවා. රැස්වීමේ මුල් පුටු මේ තුන්දෙනාට දෙන්න ඕන විත්තිය නොකිය මනාය. ප්‍රධාන ආසන තුනේ මැද සිරිමි. වම් පැත්තේ විජේවීර, දකුණේ ජේ ආර්. රැස්වීමේ කතා කරන හාදයගේ කතාවට ඇහුංකං දෙන ජේආර් කීප සැරයක්ම තරුණ සිරිමා දිහා බලල හූල්ල හූල්ල හිටියා. අපිට වගේ තමා ඉතිං ඇහැට කනට පේන චීත්තයක් දැක්කම මොනා නැති උනත් ඇහැවත් දුවනවනේ.

ඉතිං ඔහොම යද්දී... හුටාරේ කියල එක පාරටම විදුලි බලය ඇණ හිටියා. හිතන්නකෝ පිට්ටනයේ කරන්ට් එක ගියාම ඒක පාළු පිට්ටනියක් වෙන හැටි. මේ අල්ලපනල්ලේ ජේ ආර්ගේ වල් හිත ක්‍රියාත්මක උනා. ඒකට හරියන්න මොලෙයි ඇගයි සෙට්වෙලා ජේ ආර් හිමීට සිරිමගේ මූණ ඉබ්බා. මේ කරුවලේ මොන ජංජාලයක් උනාද කියල ලැජ්ජ බයට හැදුන සිරිමට නොතේරුනාට මුණ ඉම්බ විත්තියක් නං නොතේරෙන්න විදියක් නෑනේ. ඒත් සිරිමට සැක ජේ ආර් ම තමා. ඒත් එක්කම ලයිට් ආවා. සිරිමා තරහෙන් පුපුර පුපුර ජේ ආර් දිහා බැලුවට ම්හු.. මිනිහා මෙලෝ දෙයක් නොදන්න ගානට අහිංසකයා වගේ ඉන්නවා. එ මදිවට මේක රැස්වීමක් නෙව කියල ඔන්න සිරිමා පොඩ්ඩක් සැර බාල කරල ආයේ රැස්වීමට සෙට් උනා. දැං ආයි කතා යනවා..

හුටාරේ කියල මෙන්න බොලේ ආයේ ලයිට් ගියා. මේ පාරත් ගිය පාර වගේම වල් ජේ ආර් තමන්ගේ වැඩේ කොරා.

ලයිට් ආවා. සිරිමා තරහෙන් බැලුවට ජේ ආර් ගෙන් කිසිම ක්ලු එකක් නෑ. ඔන්න ඔහේ සද්ද නැතිව හිටියා. දැං සිරිමා හිතනවා ආයේ ලයිට් ගියෝතින් නං මං හොද කල්පනාවෙන් ඉදල මූට ගහනව හොද පාරක් කියලා. ඒත් එක්කම කල්පනා උනා රැස්වීමක් නේ.. එහෙම කලොත් මහ නස්පැත්තියක් වෙනවා. තව කල්පනා කොරල කොරල හිතා ගත්තා “ඉදපං මං බොට හොද වැඩක් කොරන්න“ කියලා.

ජේ ආර් ගේ කරුමේ කියන්නේ සිරිමා හිතපු විදියට තුන්වෙනි පාරටත් ලයිට් ගියා. සිරිමා සුදානං.. ජේ ආර් එයාගේ වල් වැඩේටත් සුදානං. ඔන්න ජේ ආර් මූන ඉඹින්න කිට්ටු උනා. එතකොටම ජේ ආර් ගේ කටේ රැවුල් බූසියක් ගෑවුන නිසා මිනිහ එක පාරට මංඤ්ඤං උනත් 

අනේ සොරි විජේ“ කියල කියන ගමන්ම ඉක්මනට තමාගේ පුටුවෙ සෙට් උනා. දැං ලයිට් ආවා.

හීන් හිනාවක් දාපු සිරිමා ජේ ආර් ගෙන් අහනවා..

“ඔහේ හිතන්නේ ලයිට් ගියපු වෙලාවේ විජේ මගේ පුටුවේ හිටියයි කියලද“ කියලා.




Wednesday, January 2, 2013

පිස්සු කතා

ස්පෙයා වීල්

ඔන්න එක මහත්තයෙක් තමාගේ කාර් එක පිස්සන් කොටුවක් ගාව පාර්ක් කරලා කොහේද ගිහිල්ල ආයේ එනවා කාර් එක ගාවට.

“හුටා.. එක රෝදයක් නෑනේ“

මහත්තයා වට පිට බැලුවා, බලන කොට තමා දැක්කේ පිස්සන් කොටුවේ තාප්පෙට උඩින්, අර තොප්පි වෙලෙන්දගේ කතාවේ වදුරෝ වගේ එල්ලිල බලන් ඉන්නවා.

මහත්තයා වට පිට ඇවිදල කරල බැලුව. ම්හ්.. රෝදෙ නෑ.. දැං ඉතිං මොකද කරන්නේ කියල හිතල ස්පෙයා වීල් එකත් කාර් එකෙන් අරගෙන ලෑස්ති වෙනවා රෝදේ මාරු කරන්න. ආයේ හුටා මුං වීල් නට් ටිකත් උස්සලනේ. දැං මහත්තයා රට වටේ කල්පනා කරනවා මොකෝ කරන්නේ කියලා..

ඒ අස්සේ මහත්තයට ෂුවර් මේක අලුගුත්තේරු වැඩේ කරේ අර වදුරෝ වගේ එල්ලිල ඉන්න පිස්සන්ගෙන් කෙනෙක් කියලා. ඒක හින්ද පිස්සන්ට ගෙම්බර් මූඩ් දාගෙන මහත්තයා ලත වෙනවා යන්න විදියක් නැතිව. මේක පැයක් විතර බලං ඉදපු එක පිස්සෙක්.

“මේ.. මහත්තයා මොකෝ ඔහේ රෝදේ මාරු කරන්න දන්නැත්ද?“

“යනවා ඕයි යන්න තමුසෙල මගේ රෝදේ උස්සල ඒ මදිවට නට් ටිකත් අරගෙන.. පිස්සෝ“

“මේ මහත්තයා දැං ඔහේ කවදයි ඕක අරං යන්නේ“

“යනවා අයිසේ තව මගේ ඔළුව අවුල් කරන්නේ නැතිව“

තාප්පෙන් පැනල හෙමින් මහත්තයා ගාවට කිට්ටු කරපු පිස්සා මෙහෙම කියනවා.

“මහත්තයා. මං මේ හොදට දන්න හින්ද කියන්නේ. ඔය රෝදෙවත් නට් එකවත් ආයේ හම්බ වෙන්නේ නෑ“

“ඉතිං දැං කොහොමද මං ස්පෙයා වීල් එකවත් දාගන්නේ නට් ටික නැතිව“

“මේ මහත්තයා ඔහේ මට වැඩිය පිස්සෙක් නෙව. ඔය රෝද තුනෙක් එක නට් එක ගානේ ගලවල ස්පෙයා වීල් එක දාගෙන යන එක නෙව තියෙන්නේ“

******************************************************
බුදුන් වැදීම

ඔන්න පිස්සන් කොටුවේ බණ දේශනාවක් පවත්වන්නට දොස්තර මහත්තයාට ආස හිතුනා. ඒ ගමන ඔක්කොම ලෑස්ති කරල බණ දේශනාව තියන්න ලෑස්ති කරල හාමුදුරුවොත් වඩම්මවල, පිස්සෝ සෙට් එකත් යාන්තං වාඩි කෙරෙව්වා.

දැං හාමුදුරුවන්ගේ වාරේ

“පින්වත්නි. සාධු නාදයක් දෙන්න“

පිස්සෝ නියම පින්වතුන් වගේ සාධු නාද දෙනවා.

“පින්වතුනි, දැන් නමස්කාරය කියන්න“

ආයේ නියමෙට දෙනවා පිස්සො ටික. අහගෙන ඉන්න ආසාවේ බෑ.

“පින්වතුනි, දැං මම කිව්වට පස්සේ කියන්න... බුද්ධං සරණං ගඡ්ඡාමි“

ම්හු.. කිසි සද්දයක් නෑ.

“පින්වතුනි, මා කියුවාට පසුව කියන්න.. බුද්ධං සරණං ගඡ්ඡාමි“

ඒත් කිසි සද්දයක් නෑ. හාමුදුරුවන්ට දැං තරහයි.

“පින්වතුනි, මම කිව්වට පස්සේ මේ වාක්‍ය කියන්න. බුද්ධං සරණං ගඡ්ඡාමි“

ඒත් නෑ.. හාමුදුරුවන්ට මළ

“මොකද බුදුන් වදින්න බැරිද ඔහේලට“

පිස්සෝ ටික කියනවා

“නෑ නෑ හාමුදුරුවොම කියන්න අපි වේලාවට දෙන්නං“ කියල

හාමුදුරුවන්ට අප්‍රබංස, ඕන දෙයක් කියල හාමුදුරුවෝ තනියම වදාරනවා

බුද්ධං සරණං ගඡ්ඡාමි
ධම්මං සරණං ගඡ්ඡාමි
සංඝං සරණං ගඡ්ඡාමි

ඔන්න එතකොට වේරම්භ වාතයක් සේ නැගි හිටිය පිස්සන් කැල මෙහෙම කියනවා.

“ඔබේ රාගී මන කැලඹේදෝ
පිරිසිදු හදවත පෑරේදෝ
එම විට පවසනු මුවින් ඔබේ“


බුද්ධං සරණං ගඡ්ඡාමි
ධම්මං සරණං ගඡ්ඡාමි
සංඝං සරණං ගඡ්ඡාමි

******************************************************
එක පිස්සෙක්ට බෙහෙත් පොවන්න දොස්තර මහත්තයා සෑහෙන්න මහන්සි ගන්නවා. කොච්චර උත්සාහ කළත් මේකා බෙහෙත් බොන්නේ නෑ..නර්ස් නෝනා ට්‍රයි කරනවා. අටෙන්ඩන්ට් ට්‍රයි කරනවා. ඒත් බෑ.. ඒ මදිවට දගලනවා. දැං මළ පැන්න දොස්තර මහත්තයා පොඩි පොල්ලක් අරගෙන තග දානවා.

“බොනවා බෙහෙත් ටික නැත්නං ගහනවා මේකෙන්“

ඒත් පිස්සා කනකට ගන්නේ නෑ.

කීප වතාවක් කරලත් හරි යන්නේ නැති පාර, මේක බලං ඉදපු එක පිස්සෙක් දොස්තර මහත්තයා ළගට ඇවිල්ල කියනවා.

“දොස්තර මහත්තයා,. මට දෙන්න ඔය පොල්ල. මං මේකට බෙහෙත් පොවන්නං“

“මේ මේ පිස්සු කරන්න එපා..“

“නෑ එහෙම එකක් නෑ මහත්තයෝ මං මේකට බෙහෙත් ටික දෙන්න ඕන හින්දා කියන්නේ. මට දෙන්න ඕක“

ඒ පාර දොස්තර මහත්තයා පොල්ල දුන්නා පිස්සට. පොල්ල අතට ගත්ත පිස්සා,

“යකෝ මැරං නොකා බෙහෙත් ටික බීපං“ කියල කිව්ව විතරයි පූසා වගේ අරූ බෙහෙත් ටික බිව්වා.

මේක දැකපු දොස්තර මහත්තයට පුදුමයි වගේම තරහයි.

“තමුසේ මාර බඩුවක් නේ. මං අච්චර හොදින් කියද්දිත් තමුසේ බෙහෙත් බිව්වේ නෑ. ඒත් අර මිනිහා එක පාරක් කිව්ව ගමන් මීයා වගේ බෙහෙත් ටික බිව්වා. ඇයි ඒ“

“දොස්තර මහත්තයා පොල්ල තියාගත්තට ගහන්නැති බව මං දන්නවා නේ. ඒත් අරු පිස්සා ඕක ෂුවර් නෑනේ ඒකයි මං ඌ කියන එක ඇහුවේ“