Friday, August 23, 2013

ඔෆිස් කතා

ලයිට් බිල

එක දවසක් ප්‍රධාන කාර්යාලයේ ඉදල වෙනත් ස්ථානයකට දුරකතන ඇමතුමක් දුන්නා.

එහා පැත්තෙන් උත්තර දුන්නා.

හලෝ

මට ලයිබ්බ්‍රිය දෙන්න

සර් පොඩ්ඩක් ඉන්න

රිසිවරෙන් ඇහෙනවා එහා පැත්තේ කව්ද එක්ක කතා කරනවා. ටිකකින් උත්තර දුන්නා

සර්.. ඒක නං හරියටම දන්නෑ තාම ඇවිත් නෑ වගේ.

මොකක්ද.. කව්ද ඔය කතා කරන්නේ

සර් මම එස් ඕ කෙනෙක්..

එහෙනං මට ලයිබ්බ්‍රිය දෙන්න..

ඒක තමා සර් කිව්වේ.. ලයිට්බිල තාම ඇවිත් නෑ...



අතේ ගැසීම

අපේ ඔපීසියේ ප්‍රින්ටරය කැඩිලා එකෙකුට කිව්වා ඉක්මනට ඕක හදාගන්න ඕන හින්දා වෙන තැනකින් ප්‍රින්ට්අවුට් එකක් අරන් එන්න කියලා..

මිනිහා ටික වෙලාවකින් ආවා. ඒත් ලියුම නෑ.

“මිස්ටර් චක්.. කෝ ලියුම ගන්න ඉක්මනට අපිට මේක හදාගන්න ඕන හදිසියි“

“මිස්ටර් බොස් පහල ප්‍රින්ටර් දෙකම කැඩිලා ඉතිං ප්‍රින්ට්අවුට් එකක් ගන්න බෑ“

“හරි හරි මොකක් හරි කරනවා ඉක්මනට“

තව ටික වෙලාවකින් ආයේ මතක් කරලා ඇහුවා.

“මිස්ටර් චක් වැඩේ හරිද“

“ආ ඒක හරි. ප්‍රින්ට් අවුට් ගන්න විදියක් නෑ. ඒක නිසා මම ඒක අතේම ගහල දැං ඇරියේ..“

(මිස්ටර් බොස් මිසිස් කෙනෙක්)