Monday, March 3, 2014

විජයබා කොල්ලය!!

මේ කතාව නං සෑහෙන්න දෙනෙක් අහල ඇති. ඒක ෂුවර්..

ටික කාලෙකට ඉස්සෙල්ලා පොලිස් මූලස්ථානයේ තිබුනා අළුතින් උප පොලිස් පරික්ෂකවරුන් බඳවා ගැනීම සඳහා පවත්වපු සම්මුඛ පරික්ෂණයක්. මේ සම්මුඛ පරික්ෂණය මෙහෙයවුයේ පොලිස් අධිකාරි වරයෙක් ඒ මිනිහගේ කැබින් එකේමයි.

එක බුවෙක් ඇතුලට අරන් පොර විස්තර අහන්න ගත්තා.

“හ්ම්. මොකක්ද නම?“ වගේ බ්ලා බ්ලා..

“දැං මං තමුසෙගේ සාමාන්‍ය දැනීම් පරික්ෂා කරන්න යන්නේ.. හරිද“

“තමුසේ දන්නවද විජයබා කොල්ලය කව්ද කරේ කියලා??“

මේකට උත්තර දෙන්න කලින් පොලිස් අධීකාරිට කෝල් එකක් ආවා පොලිස්පතිගෙන් වහාම තමාව හමු වෙන්න කියලා. ඉතිං පොර දඩි බිඩියේ ඔක්කෝම දමල ගහල යන්න හදද්දී මේ යකා තනි කරල යන්නයැ. කතා කරා තමන්ගේ විශ්වාසවන්තම බඩී සාජන්ට.

“සාජන්. තමුසේ මෙතනින් වාඩි වෙලා මෙයාගෙන් අහගන්නවා විජයබා කොල්ලය කව්ද කරේ කියලා හරිද,, උත්තරේ ලියාගන්නවා මං එනකං මෙයාව යවන්න එපා“

“ඕකේ සර්..“ මිනිහා සැලුට් එකක් ගහල අවධාරණය කරා.

දැං සාජන් ආවා කැබින් එකට ඇවිත් වාඩි උනා.

“තමුසේ කව්රු උනත් කමක් නෑ.. අපේ සර් දන්නවා මං මොන විදියෙන් හරි දැනගන්න ඕන දේ දැනගන්නවා කියලා. හ්ම්.. දැං ඉතිං ඇත්ත කියනවා. කව්ද විජයබා කොල්ලය කරේ“

“අනේ සර්. මං ඒක දන්නෑ“

“බොරු කියන්න එපා මිනිහෝ... තමුසේ මෙතන කෙබර හලන්න ලෑස්ති වෙන්න එපා මේ මට.. හරිද.. කියනවා කව්ද ඒක කරේ“

“අනේ සර් මං ඇත්තමයි කියන්නේ.. මං දන්නෑ ඒ ගැන“

“ඔන්න ඉතිං තමුසේ වැඩ වරද්දගන්නයි හදන්නේ. හොදින් බැරිනං නරකින් හරි මට තමුසෙගේ කට අරින්න පුළුවන්. බලනවා එහෙනං.. තමුසේ දන්නෑ මං කව්ද කියලා හරිද?“

ටික වෙලාවකින් පොලිස් අධිකාරි තමන්ගේ කැබින් එකට ආවා..

“සාජන් කෝ  අර ඇප්ලිකන්ට්“

“ආ. ඉන්නවා සර්.. ලකප් එකේ“

“තමුසෙට පිස්සුද අයිසේ.. මං කිව්වේ උත්තරේ අහගන්න කියලා නේ.. අහගත්තේ නැද්ද“

“ආයි අහල. සර් දන්නව නේ මං ගැන.. මිනිහා විජයබා කොල්ලය කරා කියල පිළිගත්තා විතරක් නෙමෙයි අත්සන් කරලත් පිළිගත්තා මිනිහමයි ඒක කරේ කියලා. ඉතිං මං මිනිහා ලකප් කරා“