Saturday, April 26, 2014

හුළං බැලීම

කාලෙකින්.. හැක් හැක්

තමන්ගේ මිත්‍රයා ඉස්පිරිතාලේ හදිසි අනතුරු වාට්ටුවේ ඉන්නවා කියල ආරංචි වෙලා එකෙක් ගියා ලෙඩාව බලන්න. ඒ යනකොට ඒ හාදයා අත පය වෙලාගෙන දත කට කඩාගෙන ඉස්පිරිතාලේ ඇදකට වෙලා ඔහේ ඉන්නවා කෙඳිරි ගගා.

“මොකක්ද බං බොට උනේ...?“

“වැටුනා බං පුස් සයිකලෙන්“

“ඉතිං බං සයිකලෙන් වැටුනම ඔච්චර තුවාල වෙන්නේ කෝමද?“

“එහෙම තමා බං මම පොල්ලේ වාඩි වෙලා ගියෙ.“

“කව්ද පැද්දේ“

“අන්න අර යකා බං“ (අනිත් ඇදේ ඉන්න එකා පෙන්නයි)

“ඇත්තටම මොකක්ද බං උනේ“

“මොනා වෙන්නද බං... පල්ලමේ යන ගමන් අර යකා ඉස්සරහ රෝදේ හුලං මදි වගේ කිව්වම මං ටයර් එ අල්ලලා හුලං අඩුද බැලුවා එච්චරයි මතක“