“නංගි“
“ඇයි“
“අයියෝ නංගි ඇයි ඔච්චර ගනන්“
“ගනන් නෑ. ඇයි කතා කරේ“
“නෑ නංගි මට ඔයාට කියන්න දෙයක් තියෙනවා“
“ඉතිං කියන්නකෝ“
“නංගි මේ.... ඔයා අද ක්ලාස් යනවද“
“ඔව් යනවා. මොකක්ද කියන්න තියෙන්නේ“
“මේ... මේ... නංගි.... ඔයාගේ යාළුවා අද එනවද“
“ඔව් එනවා ඇයි? එයාට පණිවිඩයක්ද?“
“නෑ නංගි.... ඔයාට කියන්නයි ඕන“
“ඉතිං කියන්නකෝ වද නොදී... අම්ම දැක්කොත්“
“ඇයි නංගි... අම්ම දැක්කොත් මොකද“
“අනේ මේ විකාර නැතිව යනවද නැත්නං මං යන්නද“
“නෑ නෑ... ඉන්න... නංගි මේ....මේ..... ඔයාට කොල්ලෙක් ඉන්නවද“
“නෑ.. ඇයි හොයල දෙන්නද?“
“නෑ... නංගි... මම මේ...... කියන්න.... මේ... හැදුවේ... මේ....මේ......“
“ඉතිං කියනවකෝ මල වදේ“
“නංගි.... මේ...... මේ.... මේ...... මේ.........“
“අයියෝ මාර ගොතයක්නේ? කියනවකෝ ඉතිං... මට වැඩ තියෙනවා“
“මේ.... මේ.....“
“දූ ඔය කව්ද ඔතන“
“මේ ක්ලාස් එකේ අයියා කෙනෙක්“
“අනේ පත්තිනි මෑනියනේ මොකාද මේ අලුගුත්ත්තේරුවා. ඉවරයි ඉවරයි. හොදට හැදීගෙන ආපු රෝස පැලේ.. මූ කොල ටික ඔක්කෝම කාලා... වසවර්තියා“
කොල්ලා රෙද්ද උස්සන් දුවන පෙනේ...
******************************************************
“මේ නංගි“
“ඇයි“
“නෑ නිකං මට ඔය මූන හොදට දැකල පුරුදුයි“
“වෙන්න බෑ අයියා...මං නැතිව මේ මූන කොහේවත් යන්නෑ“
******************************************************
“දූ කවුද ඔය කතා කරන්නේ බලන්න“
පැය භාගයකට පසු
“මොකද.. ළමයෝ තාම ඔය පෝන් එක කනේ ගහගෙන.. ඕක කනවද“
“නෑ අම්මේ.. මේක වැඩ කරන්නේ නෑ...“
“එහෙනං ඔය මුණු මුණු ගාන්නේ උඹ“
“නෑ අම්මේ මම මේ ටෙස්ට් කොරනවා මේක“
******************************************************