Friday, September 5, 2014

ඇණය..!!

ගව පට්ටි හිමිකරුවෙකු හා පශු වෛද්‍යවරයෙකු අතර කතාවක්..

“අයිසේ.. මේ වැඩේ හරි යන්නෑ“

“අැයි දොස්තර මහත්තයෝ“

“තමුසෙගේ වැස්සිට පැටව් දාන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා“

“ඒ කිව්වේ මහත්තයෝ“

“අයිසේ..මේ වැස්සි එක් උනාට පැටව් ලැබෙන්නේ නැති ජාතියේ එකෙක්“

“අනේ මහත්තයෝ.. දැං මොකද කරන්නේ“

“තමුසේ කලබල වෙන්න එපා.. මට පුළුවන් ඔය වැඩේ කරන්න“

“අනේ ලොකු දෙයක් මහත්තයෝ“

“තමුසේ මේ කළමණා ටික ලැහැස්ති කරල මට ඇවිත් කියනවකෝ.. අපි මේ වැස්සිට කෘතිම සංසේචනයක් කරමු. එතකොට හරි යාවි..“

“මක්කද මහත්තයෝ මට නං තේරෙන්නෑ. මහත්තයා වැඩේ හරියට කරනවනං මම අවස්ස කළමණා ටික ලැහැස්ති කොරන්නං“

“හරි. තමුසේ දවස් දෙක තුනකින් ඇවිත් මට කියනවකෝ එහෙනං.. “

“හොදයි මහත්තයෝ.. මම යන්නං එහෙනං“

දින තුනකට පසු..

“ආහ්.. ආවද?? තමුසෙ ඔක්කෝම ලැහැස්ති කරාද?“

“අපොයි ඔව් මහත්තයෝ. ඒ ඔක්කොමත් ලැහැස්ති කොරල, මම කලිසම එල්ලන්නත් ඇණයක් ගැහුවා බිත්තියේ

Sunday, June 22, 2014

වඩේ කතාව (රොනී ලීච් ගේ)

මේ කතාව කිව්වේ රොනී ලීච්... කොපි චැට් ද මොකක්ද එහෙක.. ඔන්න මං ඔයැයිටත් හුආපි ඇහෙන්න කියනවා මේක..

දවසක් පිටකොටුවේ එළවළු මාර්කට් එකට ගියපු මහත්තයෙක් අත් දෙකෙන්ම එළවලු මළු දෙකක් අරගෙන පාරේ ඇවිදගෙන යන කොට මිනිහට මාර බඩගින්නක් ආවා. ඒ පාර පොර ළගම තිබුන සයිවර් කඩේ ළගින් නතර වෙලා වේටර්ගෙන් මෙහෙම අහනවා.

“වේටර්.. ඉදිආප්ප තියේද??“

“අයියෝ නේ ෂර්... මේ දැන් තෙමා ඉවෙර වෙලා“

“සැහ්..ඉට්ලි තියේද?“

“ෂොරි ෂැර්. අද එදුවේ නෑ ඉට්ලි“

“මොන මගුලක්ද.. ගන්නවා එහෙනං වඩේ එකක් වත්“

“ඉන්න ෂැර්.. මේ ගේනවා“

වේටර් ගෙනාපු වඩේ එක බාගෙට කැඩුවම වඩේ එක වටේම මයිල් මයිල්.. මේක දැකල මහත්තයට ඌරු ජුවල්.

“ඒයි මල්ලි. මෙහේ එනවා.. බලනවා මේ වඩේ.. ඒක ඇතුලේ මයිල්“

“අනේ ෂෑර්.. ඉන්න මං වෙන එකක් ගෙන්නං.. ෂොරි සෑර්“

වේටර් තව එකක් ගෙනාවම ඒ වඩේ එකත් දෙකට කඩල බැලුවා.

“අයිසේ බලනවා මේ වඩේ එකෙත් මයිල් තියෙනවා“

“අයියෝ මාත්තියා වෙන වඩේ එකක් ගන්න“

“තියාගන්නවා තමුසෙගේ වඩේ එක. මට පෙන්නනවා ඔය වඩේ හදන එකාව..“

“එන්න සෑර් ඇතුලට. මං පෙන්නන්නං“

කුස්සිය ඇතුලට ගියපු වේටර් මහත්තයා එක අතක් නැති තනි අතින් වැඩ කරන පොරක් පෙන්නුවා.

“අන්න සෑර්.. මෙයා තමා වඩේ හදන්නේ“

“අයිසේ තමුසේ කෝමද වඩේ හදන්නේ“

“සර්.. මං තනි අතින් වඩේ එක ගුලි කරල පපුවේ තියල තමා තලන්නේ“

මහත්තයට වැැඩේට තරහ ගියේ නැහැ. මේක විතරයි කිව්වේ හිනා වෙලා.

“තමුසේ උළුදු වඩේ හදන හැටි මට හොදට හිතාගත්තැකි“

Saturday, April 26, 2014

හුළං බැලීම

කාලෙකින්.. හැක් හැක්

තමන්ගේ මිත්‍රයා ඉස්පිරිතාලේ හදිසි අනතුරු වාට්ටුවේ ඉන්නවා කියල ආරංචි වෙලා එකෙක් ගියා ලෙඩාව බලන්න. ඒ යනකොට ඒ හාදයා අත පය වෙලාගෙන දත කට කඩාගෙන ඉස්පිරිතාලේ ඇදකට වෙලා ඔහේ ඉන්නවා කෙඳිරි ගගා.

“මොකක්ද බං බොට උනේ...?“

“වැටුනා බං පුස් සයිකලෙන්“

“ඉතිං බං සයිකලෙන් වැටුනම ඔච්චර තුවාල වෙන්නේ කෝමද?“

“එහෙම තමා බං මම පොල්ලේ වාඩි වෙලා ගියෙ.“

“කව්ද පැද්දේ“

“අන්න අර යකා බං“ (අනිත් ඇදේ ඉන්න එකා පෙන්නයි)

“ඇත්තටම මොකක්ද බං උනේ“

“මොනා වෙන්නද බං... පල්ලමේ යන ගමන් අර යකා ඉස්සරහ රෝදේ හුලං මදි වගේ කිව්වම මං ටයර් එ අල්ලලා හුලං අඩුද බැලුවා එච්චරයි මතක“

Monday, March 3, 2014

විජයබා කොල්ලය!!

මේ කතාව නං සෑහෙන්න දෙනෙක් අහල ඇති. ඒක ෂුවර්..

ටික කාලෙකට ඉස්සෙල්ලා පොලිස් මූලස්ථානයේ තිබුනා අළුතින් උප පොලිස් පරික්ෂකවරුන් බඳවා ගැනීම සඳහා පවත්වපු සම්මුඛ පරික්ෂණයක්. මේ සම්මුඛ පරික්ෂණය මෙහෙයවුයේ පොලිස් අධිකාරි වරයෙක් ඒ මිනිහගේ කැබින් එකේමයි.

එක බුවෙක් ඇතුලට අරන් පොර විස්තර අහන්න ගත්තා.

“හ්ම්. මොකක්ද නම?“ වගේ බ්ලා බ්ලා..

“දැං මං තමුසෙගේ සාමාන්‍ය දැනීම් පරික්ෂා කරන්න යන්නේ.. හරිද“

“තමුසේ දන්නවද විජයබා කොල්ලය කව්ද කරේ කියලා??“

මේකට උත්තර දෙන්න කලින් පොලිස් අධීකාරිට කෝල් එකක් ආවා පොලිස්පතිගෙන් වහාම තමාව හමු වෙන්න කියලා. ඉතිං පොර දඩි බිඩියේ ඔක්කෝම දමල ගහල යන්න හදද්දී මේ යකා තනි කරල යන්නයැ. කතා කරා තමන්ගේ විශ්වාසවන්තම බඩී සාජන්ට.

“සාජන්. තමුසේ මෙතනින් වාඩි වෙලා මෙයාගෙන් අහගන්නවා විජයබා කොල්ලය කව්ද කරේ කියලා හරිද,, උත්තරේ ලියාගන්නවා මං එනකං මෙයාව යවන්න එපා“

“ඕකේ සර්..“ මිනිහා සැලුට් එකක් ගහල අවධාරණය කරා.

දැං සාජන් ආවා කැබින් එකට ඇවිත් වාඩි උනා.

“තමුසේ කව්රු උනත් කමක් නෑ.. අපේ සර් දන්නවා මං මොන විදියෙන් හරි දැනගන්න ඕන දේ දැනගන්නවා කියලා. හ්ම්.. දැං ඉතිං ඇත්ත කියනවා. කව්ද විජයබා කොල්ලය කරේ“

“අනේ සර්. මං ඒක දන්නෑ“

“බොරු කියන්න එපා මිනිහෝ... තමුසේ මෙතන කෙබර හලන්න ලෑස්ති වෙන්න එපා මේ මට.. හරිද.. කියනවා කව්ද ඒක කරේ“

“අනේ සර් මං ඇත්තමයි කියන්නේ.. මං දන්නෑ ඒ ගැන“

“ඔන්න ඉතිං තමුසේ වැඩ වරද්දගන්නයි හදන්නේ. හොදින් බැරිනං නරකින් හරි මට තමුසෙගේ කට අරින්න පුළුවන්. බලනවා එහෙනං.. තමුසේ දන්නෑ මං කව්ද කියලා හරිද?“

ටික වෙලාවකින් පොලිස් අධිකාරි තමන්ගේ කැබින් එකට ආවා..

“සාජන් කෝ  අර ඇප්ලිකන්ට්“

“ආ. ඉන්නවා සර්.. ලකප් එකේ“

“තමුසෙට පිස්සුද අයිසේ.. මං කිව්වේ උත්තරේ අහගන්න කියලා නේ.. අහගත්තේ නැද්ද“

“ආයි අහල. සර් දන්නව නේ මං ගැන.. මිනිහා විජයබා කොල්ලය කරා කියල පිළිගත්තා විතරක් නෙමෙයි අත්සන් කරලත් පිළිගත්තා මිනිහමයි ඒක කරේ කියලා. ඉතිං මං මිනිහා ලකප් කරා“

Thursday, February 6, 2014

අම්මි!!


යාළුවෝ හතරක් පහක් හැන්ද කරේ සෙට් වෙලා නාගසලාං වෙන්ට ඔන්න මෙන්න කියල කතාවක් ඇදෙනවා.

“ඒයි.. අපේ ගෑනි බං මං බීල ගියාම දස වලි දානව බ ං, දැං මට ඇති“

“පිස්සුද යකෝ.. ඉතිරිව බොන්නේ අපිය.. හිටපිය දගලන්නේ නැතුව“

“ඔව් ඔව් මේකා හෙන බයයි නේ ගෑනිට.. ගෑනි කිව්වොත් දණ ගහගෙන උනත් ඉන්න එකා“

“පළයං යන්න තෝ එතකොට චණ්ඩියා. උඹට මතක නැතුව ඇති අර එක දවසක් ගෑනිට බයේ අගුවේ නිදාගත්ත සීන් එක“

“යකෝ ඒ බයට නෙමෙයි.. අන්න අරෑගෙන් අහපං“

“මූද... මූ ගැන කියල වැඩක් නෑ. මූ අම්මිට හු** එකා.“

“අඩෝ දස කතා කියන්නෙපා හරිය.. දෙනව තොට කෑලි හැලෙන්න“

“ඔන්න ඔන්න ඉතිං උඹට ඩෝං යනවා. යකෝ මං කිව්වේ බොරුද?... හා කියපං බලන්න තෝ ගෑනිට කොහොමෙයි කතා කරන්නේ කියලා......“

දැන් නං වැඩේ කෙළවිලාය. යාළුවාට උත්තර නැතත් කට මුට්ටු උනත් නොකියා බැරිය.

“ඔව් බං මං ගෑනිට කියන්නේ දරුවා කියන විදියට අම්මි කියලා තමයි“

“ආ.. දැං හරිනේ.. එතකොට මං බොරුද කිව්වේ“

(බෝතල් පැලෙන ගානට මිත්තරයන්ගේ හිනාව පැතිරේ)

කිසිවෙකුටත් හානියක් කිරීම මෙහි අරමුණ නොවන අතර සත්‍ය සිද්ධියකි.

මේක දේශකයා බ්ලොග් එකේ තිබිල හංගපු එකක්. මොකද සුදුසු නෑ කියල හිතුන නිසා. මේකට රාජ් විතරයි මොනා හරි කියල තිබුනේ.

Friday, November 1, 2013

ලාභ බිස්නස්..

මේක ඇම්ඩන්ගේ කතාවක්ද මන්දා.. මට හරියට මතක නැහැ කොහොම උනත් ඔන්න කතාව.

කොල්ලට දාමු නමක්.. හ්ම්.... ඕන නැ ඇම්ඩන් කියමු.

ඇම්ඩගේ තාත්තා උදේට වැඩට යන්නේ ඉස්කෝලේ නොයන ඇම්ඩට අම්මව බලාගන්න කියල උපදෙස් දීලමයි. කොල්ලා ඉතිං තාත්තා කියපු දේ හරියටම අහනවා.

ඒත් ළගක ඉදල තාත්තා වැඩට ගියාට පස්සේ කව්ද අංකල් කෙනෙක් ඇම්ඩගේ ගෙදර එනවා. ඇවිල්ල ඇම්ඩට ටොපි දෙක තුනක් දීලා කියනවා.

“ඔන්න පුතේ.. මම ඔයාට සෙල්ලමක් කියල දෙන්නං. පුතා එළියට වෙලා හොදට බලං ඉදල පාරේ යන අය ගණං කරන්න ඕන.. ඊට පස්සේ මම ඇවිල්ල ඔයා ගණං කරපු ගානට... ඒ කියන්නේ පාරේ ගියපු එක්කෙනෙකුට රුපියල ගානේ දෙනවා. කොහොමද වැඩේ!!“

ඇම්ඩත් උඩ පැනල කැමති උනා. මිනිහට ඉතිං අතට ගානක් එන වැඩක් නං මොන ලවක් දෙවක් වත් තියෙන එකක්යැ.

ඉතිං මිනිහා පැනල වැඩේට කැමති උනා නෙව. දැං උදේම අංකල් ආවම ටොපි දෙක අරගෙන ඇම්ඩ දුවනව තාප්පේ ගාවට විගහට. එක රුපියලක් හරි මිස් උනොත් හෙම. අපරාදේ නෙහ්. ගිහිල්ල තාප්පෙං එබිලා පාරේ යන උන් ගණං කරන්න පටන් ගන්නවා. 

පැය දෙක තුනකට පස්සේ අර අංකල් එළියට ඇවිල්ල පර්ස් එක ඇදල මෙහෙම අහනවා.

“ආ.. පුතේ කී දෙනෙක් පාරේ ගියාද?“

“අංකල් අද පස් දෙනයි ගියේ“

“එහෙමද එහෙනං මෙන්න රුපියල් පහක්ම.. ටටා මම යන්නං“ කියල අංකල් කාරයා පැනල යනවා.

ඔය විදියට හැමදාම පාරේ යන උන් ගණං කරත් ඇම්ඩගේ කරුමෙට කවදාවත් රුපියල් දහයකට වැඩිය අංකල්ගෙන් ගන්න බැහැ. මොනව උනත් ඇම්ඩ සත්‍යවාදියා. කවදාවත් බොරු කියන්නේ නැහැ. ඒත් මේකට හරිම අවුල් ඇයි පාරේ මීට වැඩිය මිනිස්සු නොයන්නේ කියලා.

තව දවසක් ඔය වගේ රාජකාරියට බැහැල ඉන්න වෙලාවේ ඇම්ඩට පාරේ එහා කොනෙන් පේනවා ඩග ඩග ගගා බෙර ගහමින් කස්ටියක් එනවා. ඔව් ඒ අය ඇම්ඩගේ ගෙවල් පාරෙමයි එන්නේ.. හැබෑටම ඒක පෙරහැරක්. හොද සෙනගක් ඉන්නවා දැක්කම ඇම්ඩට පුදුම සන්තෝසයක් ආවේ. කස්ටිය ලං වෙන්න කලින් මේක අංකල් කාරයට කියල එන්න ඕන කියලා ඇම්ඩා දුවල ගියා. ගිහිල්ල අම්මගේ කාමරේ දොරට තඩි බාලා මෙහෙම කිව්වා.

“අංකල් අංකල්.. රුපියලට දෙකට *කපු කාලේ ඉවරයි. ඔන්න පෙරහැරක්ම එනවා පාරේ“ 

Saturday, October 26, 2013

අලාභය

දවසක් බුදුන් වහන්සේගේ කාර් එකයි,ජීසස් ගේ කාර් එකයි හැප්පුනා. දෙන්නම බැහැල ආවා.. අලාභෙ දැක්කම ජීසස්ට වාවන්නේම නැති උනා.

අර අත් දෙක දෙපැත්තට දාලා ඉන්න පින්තුර දැකල ඇති නේහ්..

බුදුන්ගේන් ඇහුවා

මේ මොන අපරාධයක්ද??











බුදු හාමුදුරුවන්ගේ මේ වගේ පින්තූර දැකල ඇති නේ..

















බුදුන් කිව්වලු..

සත පහක් දෙන්නේ නෑ..


ප-ලි - මේක වහල දාන්ට තමා කම්පනාව.