Tuesday, October 30, 2012

පුරුෂ ලිංගය කුඩා එකක් වීමේ පුරාවෘත්තය

ඔන්න පොරොන්දු වෙච්චි විදියට කාල වකවානු සකසා ගත නොහැකි වීම නිසා කලින් කතාව බලපු මිත්තරයන්ට උන අපහසුතාවය ගැන මුලින්ම අවංක පට්ට කනගාටුව

ඉස්සර කාලේ ඒ කියන්නේ චාල්ස් ඩාවින් මහත්තයා පරිනාමාවාදය කියන එක කොටා බාන්නට බොහෝ කලින් මේ පෘතිවියේ හිටි පිරිමි උන්දලගේ ලිංගය, පරිනාමයට භාජනය නොවු ඕනම අයෙක්ගේ අඩි පහක්, හයක් හෝ ඊට වැඩි වෙනවා මිස අඩු වන්නේම නැත.

අපේ කතාව පටං ගන්න කාලයේ එම දේශයේ පාලන කටයුතු කල මහාරාජෝත්තමයන් වහන්සේගේ දියණියගේ ස්වයං වරයත් එතුමාගේ මාලිගාවේදි පැවැත්වුනා. මේ සදහා රටේ විවිධ ප්‍රදේශ වලින් ඉස්තරම් වර්ගයේ කුමාරවරුන් ආවත් රජ කුමරිය එම අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගත්තෙ නෑ. ඒ කියන්නේ කුමරිය ට කව්රුවත් හිතට ඇල්ලුවේ නෑ. මේ විදියට ස්වයං වරය අවස්ථා දෙක තුනක් ම පැවැත්වුවත් ඒක සාර්ථක නොවුන හින්ද කනගාටුවෙන් පසු උන රජතුමා, සෝකෙන් පසුවෙන කුමරියව පුද්ගලිකව මාලිගාවේ උයනෙදී හමු උනා.

“දියණිය, ඇයි අපි මේ වගේ මහන්සි වෙලා කටයුතු කරද්දී ස්වයං වරය භාවිතයට ගන්නේ නැත්තේ. දූවට මොකක් හරි වෙන ප්‍රශ්නයක් තියෙනවද?“

“නැත. නැත, පිය රජතුමනි, එම එකදු අවස්ථාවක හෝ මා බලාපොරොත්තු වන කුමාරයා හා සමාන කෙනෙකු මා දුටුවේ නැහැ“

“ඇයි දියණිය, ඔය ඇති තරම් රූ සම්පතින් ධන සම්පතින් යුත් කුමාරයන් හිටියේ?“

“පියාණෙනි, ඒක සැබෑව. නමුත් මාගේ අභිලාෂය ඊට එහා ගිය දෙයක්, මා හට එය ඔබතුමාට පැවසීමේ අපහසුතාවක් ඇත“

“ඇයි? දියණිය, ඔබට එය මට පැවසිය නොහැකි දෙයක්ද“

“එසේය පිය රජතුමනි“

“එහෙනම් හෙට නැවත මා ඔබ හමුවන්නම්“

රජතුමාට මොන විදියකින් වත් කුමරියගේ අලකලංචිය තේරුනේ නැති උනාට එතුමා තේරුම් ගත්තා රජ බිසව යොදවා කුමරියගේ රහස දැනගෙන ඊට ප්‍රතිකර්ම යෙදිය යුතු බව. ඉතිං එතුමා රජ බිසව කැදවා මේ පිළිබදව පුද්ගලිකවම කුමරියගෙන් තොරතුරු ලබා ගන්නා ලෙස දන්වා සිටියා.

රජ බිසව එසැනින්ම දුකින් පෙලෙන කුමරිය හමු වී අදහස් දැන ගැනීමෙන් පසුවයි නියම තත්වය අවබෝධ උනේ. මේ පිළිබදව ඉතා ඉක්මනින්ම රජතුමා දැනුවත් කිරිමේ මහා කාර්ය භාරය එතුමිය සිද්ධ කලා.


“මහ රජතුමනි, අපේ දූ කුමරියට තියෙන්නේ ආසාවක්. දුව මට කිව්වේ එයා ට ලස්සන කුමාරයෙක් හෝ ධනවත් කමින් යුත් තරුණයෙක්ම නෙමෙයි අවශය කියලා. ඇත්තටම මටත් හරිම පුදුමයක්. අපි හිතපු දෙයක් නෙමෙයි ඇයට අවශ්‍ය. මං පොරොන්දු උනා ඔබතුමාට කියල දියණියගේ ආසාව කෙසේ හෝ ඉෂ්ඨ කර දෙන බව. ඒක නිසා ඔබතුමා මේක සාවධානව ඇහුංකං දෙන්න ඕන ඒ වගේම දරුවගේ අනාගතේ තීරණය වෙන මේ ගැන ඔබතුමා නිසි කටයුතු කරන්න ඕන“ කියල පැවසුවාම මොන දේ උනත් දියණියගේ ආසාව ඉස්ට කර දෙන බවට තමාට ම සපථ කර ගෙන දියණියගේ ප්‍රශ්නය කුමක්ද කියා රජ බිසවගෙන් අහනවා.

“රජතුමනි, අපේ දියණියට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ දේශයේ සිටින දිගම පුරුෂ ලිංගය හිමි පුද්ගලයා හිමි කර ගැනීමයි. මේ වෙනුවෙන් ඇය වෙන කිසිම දෙයක් බලාපොරොත්තු නොවන බවත් දන්වා සිටියා“


රජතුමාගේ ඉස්මොළ රත්වී එතුමාගේ පුරුෂ ලිංගයද ගැහෙන්නට ගත්තේ එවැන්නෙක් කෙසේ සොයම් දෝ සිතමිනි. කොහොම උනත් පහුවෙනිදා එළිවෙන කොට දේශය පුරා අණබෙර කරුවන් පිටත් කර තිබුනා.


“අසව් අසව් අපගේ මහාරාජෝත්තමයන් වහන්සේගේ දියණි කුමරියට මහත් වූ ආසාවක් ඇති වී තිබෙන්නේය. එනම් මේ දේශයේ සිටින දිගම පුරුෂ ලිංගය හිමි පුද්ගලයා මුණ ගැසීමයි. එසේ හෙයින් දිගම ලිංගය ඇති පුද්ලගයෙකු වේ නම් වහාම රාජ මාලිගාවට අප සමග යා යුතු බව රාජෝත්තමයන්ගේ අණ පරිදි දන්වමි. එම පුද්ගලයාට රාජ කුමරිය සරණ පාවා දෙන අතර, අග රජු තනතුරද පුදානය කරනු ලැබේ“


මෙහෙම අණ බෙර ගැහුවට, සති ගණන් කරක් ගැහුවත් එසේ මෙසේ එකෙක් සොයාගන්නට බැරි වූ තැන රාජපුරුෂයන් දේශය පුරා යවා එහෙම එකෙක් සොයාගන්නාට රජතුමා තීරණය කරනවා. 

එක් දිනක් එවැනි රාජපුරුෂයන් දෙදෙනෙක් එක්තරා ගමක් අසලින් පිහිටි ගංගාව ඉහල සිට පහලට ගමන් කරන විට මාලු බාන පුද්ගලයෙක් දකිනවා. ඒත් මිනිහා මාළු බාන ක්රමේ දැක්ක රාජපුරුෂයන්ට දැඩි සතුටක් වගේම තමාගේ කාර්යභාරය අවසානයට පැමිණ ඇති බවකුත් තේරුම් යනවා.

ඒ කොල්ලා තමන්ගේ ලිංගයේ කොනක යොත දමා බිලී කොක්ක සවි කර එමගින් මාළු බෑමේ යෙදී සිටිනවා. සාමාන්‍යෙයන් කිතුල් පිත්තක දිග අඩි 10 ක් විතර නේද? ඉතිං මේ හින්ද සතුටට පත් වූ රාජපුරුෂයන්,

“එම්බා. කොල්ල. ඔබගේ වැඩ ඉතා මනරම්ය. අපගේ රාජකුමරිය සොයන්නේ තා වැනි පුද්ගලයෙක්ය. වහා අප සමග යන්ට සුදානං වෙය. තට අනගි වාසනාවක් පෑදෙන්ට යන්නේය“ කියා කිව්වම මේ පුද්ගලයා ටිකක් කල්පනා කර මෙසේ කියයි.

“රාජපුරුෂයෙනි, මේ ගැන මට තනි තීරණයක් ගත නොහැක්කේය. ඔබලා මේ පහල පොල් වත්තේ සිටින මගේ දෙටු සහෝදරයා මුන ගැසී අවසර ගන්නේ නම් මාගේ අකමැත්තක් නැත“

ඉතිං ලැබුන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනගන්නට අවැසි වූ රාජපුරුෂයන් හනි හනිකට ඒකාගේ සහෝදරයා හමු වෙන්න පල්ලං බැස පොල්වත්තට යයි. එහිදි දුටු දෙයින් ඇස් උඩ යන රාජපුරුෂයන් සිතන්නේ අරු මොන වැඩ කාරයෙක්ද මේකා නේ නියම වැඩ කාරයා. අපේ කුමාරිට ගැලපෙන්නේ මෙයා තමයි. ඉතිං ආපු සන්තෝසෙට මේ දෙන්න එයාට කිට්ටු කරනවා.

“එබ්බා.. කොල්ල ඔය වැඩය මේ දැන්ම නවතා වහා අප සමග යන්ට සුදානං වෙයං“ කියලා ඉතුරු ටිකත් කියනවා. එතකොට තමන්ගේ පුරුෂ ලිංගයේ කොක්කක් ගැටගහගෙන ඒකෙන් මුළු වත්තෙම පොල් කඩ කඩ ඉන්න මේ යකා වැඩේ නවත්තල රාජපුරුෂයෝ කියාපු දේ ගැන කල්පනා කරනවා. (මේ කාලේ වගේම තමා රාජපුරුෂයෝ කිව්වොත් ඒක අහන්ටම එපායැ)

“රාජපුරුෂයෙනි, මේ ගැන මට තනි තීරණයක් ගත නොහැක්කේය. ඔබලා ගග පහල සිටින මගේ අයියණ්ඩිය මුන ගැසී අවසර ගන්නේ නම් මාගේ අකමැත්තක් නැත“

එයාගේ මලයා කිව්ව ටිකම මේකත් කියපුවම මොන තරහ ආවත් වැඩේ කර ගන්න ඕන නිසා රාජපුරුෂයෝ ආයෙත් පල්ලම් බැස ලොකු එකා හමුවන්නට යයි. ගග පහලදී දුටු දර්ශනයෙන් ඇග කිලි පොලා යන රාජපුරුෂයන් මේනම් අපේ රාජ කුමරියට ගැලපෙන අවශ්‍යම කෙනා බව සක්සුදක් සේ පැහැදිලි කර ගනියි. ලොකු එකාට කිට්ටු වන රාජපුරුෂයන් “එබ්බා.. කොල්ල ඔය වැඩය මේ දැන්ම නවතා වහා අප සමග යන්ට සුදානං වෙයං“ කියා සියළු විස්තරයද මුල සිට කියයි. දැං මල්ලි ලා දෙන්නගේ කතාවක් නැත. උඹ අප සමග යා යුතුම වෙයි. නැවත වචනයක් කියන්ට එපාය කියල.


ගැලවීමක් නැති බව තේරුම් ගත් ලොකු එකා ඊට එකග වී තමාගේ රාජකාරිය අවසන් වන තුරු මදක් රැදෙන්නයි රාජපුරුෂයන්ට දන්වයි. 

ඉතිං මේකා කරන රාජකාරිය වන්නේ මේ ඉවුරේ සිට අනෙක් ඉවුරට ගමන් කරන හුදී ජනයාට තමාගේ පුරුෂ ලිංගය පාලමක් මෙන් දමා ඒ මතින් ගමන් කිරීමෙන් උදව් කිරීමයි. කොහොමද වැඩ.

*****************

රාජපුරුෂයන්ගෙන් සියළු විස්තර දැනගත් රජතුමාත්, රජ බිසවත් අතිශය සතුටට පත්ව රාජපුරුෂයන් දෙදෙනාටද තුටු පඩුරු දී පිටත් කර ලොකු එකාට අවශ්‍ය අළුත් සළුපිළි සපයා, සුවද ආලේපන ලබදී වොෂ් එකක් දාගෙන කිට් ගසා කුමරිය හමුවෙන තුරු ඉන්ටැයි නියෝග කර පිටත්ව යති. කුමරියට අවශ්‍ය විස්තර දී රාත්‍රි භෝජන සංග්‍රහයේදි කුමාරයා මුන ගස්වන බවට පොරොන්දු වෙයි. මෙම විස්තරයෙන් කුමරියගේ සියළු ඉන්ද්‍රියන් ප්‍රාණවත් වී සතුට බුර බුරා නැගෙන්ට වූ බවක් මා නොකිය මනාය. 

ඉතිං කුමරිය අගනා සළු පිළිවලින් සැරසී (ඇත්ත වශයෙන්ම යම් කිසි රාගික ස්වරූපයක් ඇති ඇදුම් ආයිත්තං) තමාගේ රාජකීය දෙමාපියන් සමග භෝජන මේසයේ අසුන් ගෙන සිටියි. රාජපුරුෂයෙකු හට දෙන ලද විධානයකින් අගනා සළුපිළි වලින් යුත් කුමාරයා නිවරැදි ආචාර සමාචාර දක්වා කුමරිය වාඩි වී සිටින පුටුවට හරි කෙලින් ඇති පුටුවේ ඉද ගනියි. කුමරියට ඇති ආශාව දෙගොඩ තලා යයි. මෙපමණ කාලයක් මා සිහින දුටු පුද්ගලයාද මේ.  ඇත්තටම යම් කිසි කඩවසම් කමකුත් ඔහු තුල ඇත. කුමරිය සිතයි.

කුමාරයා මේසෙට ආපු වෙලාවේ සිට හරි කෙලින් නොබැලුවද කුමරිය ව දකින්නට ඇස් පොර කන බව සිතමින් සෙමෙන් ඉහල බලා ඇස් යොමු කරයි. ඇත්තෙන්ම හද වශි කරවන සුළුය. කුමරිය පුදුමාකාර ලස්සනයි. ඒ වගේම ..... ඒ වගේම... කුමරියේ උඩුකය වසා ඇති අර්ධ නග්න ඇදුමින් කුමරියගේ රාගාන්විත බව උතුරා යයි. 

මළා... එසේ සිතුවා පමණය... ලිංගය ප්‍රාණවත් වී ඇදුම පසාරු කරමින් කුමරිය දෙසට ගමන් කර යාන්තං පිටුපස ඇති ලී බිත්තියේ හෙන හඩක් නගමින් වෑදි හරියටම අංශක 90 ක් නැමී ඉහලට ගමන් කරයි. භයානක  ශබ්දයක් ගෙන දෙමින් මැදුරේ දැවමය වහලය සිදුරු කර ගෙන එය ඉහලට ගමන් කරයි. තුන් මහල් ප්‍රාසාදයක් වූ එහි තට්ටු තුනෙහිම දැවමය වහල සිදුරු කර මහා විශාල ශබ්දයක් නගමින් මේ රාත්‍රි කාලයේ රජ මාලිගයේ වහලින් මතු වන්නේ සතුරු ප්‍රහාරයක් බව ඒකාන්තයෙන්ම හැදිනගන්නා මාලිගාවේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා සැනෙකින් අණ ලබා දෙයි.

“සෙබලුනි. රාජ මාලිගාවට සතුරු හෙල්ලයක් පතිත වී ඇත. වහාම ගිනි ඊතල විදව“

ඉතිං සෙබලු දඩ බඩ ගා තබන ලද ගිනි ඊතල වැදුනු හෙල්ලය පිලිස්සෙමින් හෙමින් හෙමින් පහලට ගමන් කරයි. යම් කිසි රත් වන බවක් කුමාරයට දැනුනද කිසිවක් කළ නොහැක්කේ මහල් තුනක් ඉහල තියෙන තමාගේ ලිංගයේ ආරම්භය නොපෙනෙන බැවිනි. ගිනි ඊතල වල ගින්දර දැඩි ලෙස වැදිමෙන් කුමාරයගේ පුරුෂ ලිංගය ගිනි ගනිමින් විනාශ  වෙමින් එන විට,  පුටුව යටින් එන ගිනි පුලිගුව දුටු රාජ කුමාරයා සැනෙකින් අත් දෙකම තබා තද කරමින් ගින්න නිවා දමයි. හප්පට සිරි එතකොට වැඩේ වෙලාය. යන්තං ඒක නිවා දාන විට වැඩිම උනොත් ඉතිරි වී ඇත්තේ අගල් හයක් හතක් පමණය. 


එදා සිට පුරුෂ ලිංගය කුඩා වීමේ පරිනාමය සිදු වන්නට පටන් ගත් අතර, මේ දක්වා නොවෙනස්ව පවතින්නේ ලිංගයේ මුලින්ම සුමට සමක් සහිතව රතු පැහැයෙන් ඉතුරු වී ඇති ඇති ගින්න නිවීමේදී ඇති වූ ස්වරූපයයි.

මීළගට කීකරු දියණිය

49 comments:

  1. කමෙන්ට් කරන්න වත්ත වටේ යන්න වෙලා තියෙන්නේ ඇයි අප්පා... දැං මට කියන්න ආපු එකත් මතක නෑ..

    ආපහු ගිහින් කියවලා බලන්න වෙනවා... අයියෝ...

    ReplyDelete
    Replies
    1. thanks 4 coming. this night no sinhala. sorry. problem solved thanx 4 ur concern

      Delete
    2. මරැ හෙල්ලයක් නි 🤣🤣🤣😘

      Delete
  2. හප්පා මේක කිව්වම කට්ටිය මාව පතුරු ගහයිද දන්නේ නෑ...

    මොනවා කරන්නද .. ඇත්ත කියන්න එපැයි...

    අර කුමාරිගේ හොම්බ තලන්න එපැයි... එයාගේ මේ ආසාවක් නිසා ගෑනු සංහතියටම වෙච්ච අපරාදයක්... හයියෝ.....

    ReplyDelete
    Replies
    1. haaa.. u got that point. next post will also be good lesson for ppl

      Delete
    2. හිරුවෝ උඹ තමා දවසකටවත් ගෑණී

      Delete
    3. ඔය ඉතිං .. ඇත්ත කිව්වම..... ඉහි ඉහි ඉහි... බුවෑං.. හ්ං ......

      Delete
    4. හිරුවගෙ වෙලාවට... මේකට තාම වැඩිය පන්නන අය නැහැ...

      Delete
    5. දැනගත්තොත් විසුමක් වෙන්නෙත් නෑත. මට මේ අහිංසක ප්‍රයත්නය නවතා දැමීමට සිදුවනු ඇත. මොකා උනත් ඇත්ත කිව්වම ඒක හරි නැහැ නෙව. හිරුවෝ ඔන්න බලාපං ඇත්ත කිව්වම වෙන දේ. අපේ මහඑකා එතකොට බොරු කියන එක අහන්ට දෙයක්යැ නෙවද???

      Delete
    6. ඔන්න මේවා තමයි සාක්ෂි....

      ඇත්ත කියන්නත් ගෑණු පිරිමි බේද බං.. වෙන මොකවත් නෙවෙයි..

      කොල්ලො කිව්වොත් සහතික ඇත්ත මචං කියනවා...

      කෙල්ලෙක් කිව්වොත් ..........

      වැඩක් නෑ බං දේශකයෝ..... මේවා මේ රටේ වැරදි....

      හි හි....

      Delete
    7. අඩන්නනෙපා බං කේක්.. නෑ නෑ මැජිකල් කේක් කාපං

      Delete
    8. පැත්ත ගියත් ඇත්ත කියපු හිරුවාට රෙපාගේ ප්‍රණාමය

      Delete
    9. ඔව් බං. මමත් ප්‍රණාමය පුද කලා. හිරුවට වෙන ඒවට නං තඩි කට ඇරෙනවා. ඒවට තැන්කූ පාරක්වත් දෙන්නේ නෑ. හිරුව බයිසිකල් පදිනවනේ මේ දවස් වල...

      Delete
    10. අක්කාගේ බය නැති ප්‍රකාශයට මගේ ප්‍රණාමය.

      Delete
    11. මේ ප්‍රණාමය ටික මේකිට යවන්න ඕනද අයියලා???

      Delete
    12. අන්න අක්කලා. නිදහස් අදහස්...ජය වේවා....!!

      Delete
  3. අඩේ මේකත් දේශකයගෙ වැඩක්ද?

    ReplyDelete
  4. කලින් අහල තිබ්බ. ආයේ මතකය අලුත් උනා.:)

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත බං. අපි අහල තියෙන හුගක් කතා දැං මතකම නෑ නෙව. ස්තූතියි ආවට

      Delete
  5. මං අහලා තිබ්බ කතාව පොඩ්ඩක් වෙනස්...

    දැන් ඔය වැඩිමහල්ම එකාව එක්කං යනවා කියමුකෝ... දැන් මේකාගෙ අවයවේ නිකං පාර දිගේ ඇදගෙන යන්න බෑනෙ. රාජපුරුසයො බර ගානක් දැම්මලු උස්සං යන්ඩ. දැන් ඉතින් රාජපුරුසයොත් අවයවේ කරේ තියගෙන වම දකුණ කියලා තාලයකට පාද තියලා යනකොට, අර අර්ධ නග්න කුමරිය දැක්ක වගේ වැඩක් වෙලා තියෙන්නේ... දැන් මූට ඉන්නම බැරිතැන කිව්වලු.... පීනන්න පුලුවං එවුං අමුඩ ගහගනිල්ල.. බැරි එවුං දුවපල්ලා කියලා.....

    ReplyDelete
    Replies
    1. ඒකත් ආතල්.. මං බැලුවේ බං කොහොමෙයි ඕක මේකට ගලපල මොඩිෆයි කර ගන්නේ කියලා..

      Delete
  6. Replies
    1. තැන්කූ ලොකු ජෝන්. මම නං පෙට්ටගම බලනවා. ඒත් මං දාපු කමෙන්කටු වලට උත්තර නැති හින්දා දැං කොටන්නේ නෑ. ඕන්නං බලන්නකෝ මගේ බ්ලොග් රෝලෙත් මූලින්ම දාපු එකක් තමා පෙට්ටගම. ස්තුතියි ආවට. අවංක අදහස් හොදේ...

      Delete
  7. ඔන්න දේශකයෝ අපිත් මේ පැත්තට ඇවිත් පැල පදියම් උනා එහෙනම් ඈ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රේප් (සොරි) රෙප් මහත්තයෝ... හක්ක හක්ක හා

      Delete
  8. පෝස්ට් එක වැඩක් නෑ. හිරුගෙ කොමෙන්ට් එක නම් පට්ට... හික්ස්

    ReplyDelete
    Replies
    1. අනේ අයියේ එහෙම කියන්න එපා මහන්සි වෙලා නෙව මේක කෙටුවේ. හිරුවගේ කොමෙන්ට්කටුව නැතිනං මේකට ආලෝකෙකුත් නෑ බොලං..

      Delete
  9. ජාතික අපරාදයක් අෆ්‍ෆා... හිරු අක්කා විතරයි ඇත්ත කථා කරලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. විශ්ව අපරාදයක් මල්සරෝ. හිරුගේ දැක්මට අනුව... හික් හික්..තැන්කුයි හොදේ බැලුවට

      Delete
  10. අයියෝ මල සේකර නෙවෙයි බොලව් මලල සේකර. ශික් ඒ කාලේ හිටියනම් ගිනි ගන්න නොදී පරිස්සම් කරගන්නවා නොවෑ බොලව්. මේ අඟල් හය හත කන්නයෑ යකෝ පාලමක් බොල පාලමක් තිබුනානම් දේශකයෝ කොහොම ආතල් ද කිව්වලු

    ReplyDelete
    Replies
    1. එහෙනං කෝරලේ මහත්තයටත් උපන් දිග මදි වෙලා වගේ. කාරි නෑ. අපි තාම පරිනාමය වෙනවනේ. ආතල් එකනං මැවිල පේනවා මහත්තයෝ!!

      Delete
  11. තිසරගේ කතාව තමයි මාත් අහලා තිබුණේ. එල එල ඈ...

    මෙච්චරක් කාලෙකට පැත්ත ගියත් ඇත්ත කියන කෙල්ලෙකුට (දැන්නම් කෙලි කාලේ ඉවරයි) හම්බ වුනේ හිරුවා විතරයි. ඕකිගේ කටට ජයවේවා!

    බොටත් එසේමයි.

    ReplyDelete
    Replies
    1. තැන්කූ. කස්ටිය ඇත්ත දැක්කට හිරුව වගේ එළිපිට කියන්නෑනේ. කෝ මේකි??

      Delete
  12. ඊයා ,, මේ දේශකයාගේ කතාව

    ReplyDelete
  13. ඒ කාලේ පිරිමි හොඳ වැදගත් වැඩවලට මේක පාවිච්චි කරලනේ. පොල් කැඩීම, මාලු බෑම , පාලම් දැමීම. දැන් කාලේ වගේ නෙමේ.:)

    මම නම් වෙච්ච වැඩේට කැමතී....:D

    ReplyDelete
    Replies
    1. ඔයා කැමති උනාට අපිට නේ දුක...

      Delete
  14. මොකක් හරි අලකලංචියක් වෙලා ආපහු ඕක දිගට පරිනාමය වෙන්න පටන් ගත්තොත් කොහොමද ? ;)

    අරූගෙ කොට උනාට මල්ලිල දෙන්නගෙ කොට උනේ නෑනෙ බං. එතකොට කෝ උන්ගෙ පරපුර ?

    ReplyDelete
    Replies
    1. උන් දෙන්නව මරලා මස් කරා. උඹල වගේ ඈයෝ ඔය ගැන අහන හින්දා...

      Delete
  15. නියම කතාව. මට මැවිල පේනව මාලු බාන හැටි.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. ස්තුතියි කොහෙන්ද අනේ හොයාගත්තේ

      Delete
  16. මේ දේශකයාගේ එකක්නේ බොල.....
    ඔය කථාවේ අග හරිය වෙනස් විදියකට අහලා තියෙනවා වගෙයි මතක......

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒ යකාගේ එකක් තමා බොල..
      මේකේ එක එක වර්ෂන් තිබ්බා තමා රන්දු ඔය මට මතක එක. තැන්කුයි මේ පැත්තෙ ආවට

      Delete
  17. මම අහල තිබුනේ අවයවේ රෝල් කරල වීල් බැරෝවක දාගෙන ලොකු සහෝදරයම තල්ලු කරගෙන ගිය කියල.

    ReplyDelete
  18. අවයවයට ඔහොම වෙයි කියල හිතුවෙ නැ...අප්පෙ.අහන්න හිටපු එක අමතක උන...

    ReplyDelete