Wednesday, November 7, 2012

කීකරු දියණිය

පොරොන්දුව ඉෂ්ට කරන්නයි යන්නේ. ඊට කලිං කියන්ට ඕන මේ රසකතා බ්ලොගේ මේ ටිකේ දිව්වේ කිසිම සින්ඩියක සහය නැතිව. ඒත් අතිජාත මාතලං අයියට කිව්වම නාරිලතා කතා කියා විනාඩි භාගෙන් එල්ලල දුන්න, මාතලං සින්ඩියේ. ඔයාට තෑන්ක්ස් මාතලං අයියේ!!

සාමාන්‍යෙයෙන් දන්නවනේ අම්ම කෙනෙක් දරුවන්ට කොයිතරං ආදරේද කියල. කොයි තරං දේවල් කියල දෙනවද කියල. මේකත් ඒ වගේ.

මේ ආදරණිය අම්මට ඉන්නවා දූවරු තිදෙනෙක්. තුන්දෙනාම එක පඩි පෙලක් වගේ උඩින් උඩින් ඉන්නේ. (ඒක කොහොම උනාද කියල මගෙන් අහල කට කඩාගන්නව එහෙම නෙමෙයි මෙයාලා). ඉතිං අපේ අම්මල වගේම මේ දූවරුන්ටත් ඉපදුන දවසේ ඉදල මවකගෙන ලැබිය යුතු හැම දෙයක්ම ලැබුනා.


ඒ වගේම දූලා ටිකක් ලොකුවෙලා වැඩිවිය පත්වෙලා කොල්ලො හැරි හැරි බලන කාලේ වෙන කොට ඒවට මුහුණ දෙන ආකාරයේ ඉදල හැම දේම උගැන්නුවා.

කොහොම උනත් අම්මට තිබුන එකම ආසාව තමා එයාගේ දූලා තුන්දෙනාම එක දවසක කසාද බන්දල දෙන්න. ඉතිං මේ අභියෝගය වෙනුවෙන් අම්මා හුගක් මහන්සි වෙලා, ලොකු කැපවීමක් කරලා මනමාලයෝ තුන්දෙනා හොයාගත්තා. දැං කොහොම හරි මගුල් ගේ එකම දවසක ගන්නත් ලෑස්තියි. ඒ වෙන කොට දූලට විවාහ ජීවිතේ ගැන හොද අවබෝධයක් ඔළුව පිරෙන්නම මේ අම්මා ලබා දීලා තිබුනා.

ඉතිං මගුල් ගේ පළමුවැනි දවස තිබුනා. ඒකේ විස්තර ඕන නෑනේ. මුළු මගුල් ගේම ලීඩ් කරන්නේ අම්මා හින්දා හැමෝටම දන්නල තිබුනේ හනිමූන් එකට තුන්දෙනාම එකම හෝටලයක ඉන්න ඕන කියලා. (හත් ඉලව්වයි. ඔක්කෝටම කිව්වේ තුන් මනාල පාර්ශවයේ අයව)

දැං මධුසමයට යන්ට සුදානං වෙලා අම්මගෙන් සමුගන්න කදුළු පෙර පෙර දූල තුන්දෙනා අම්ම ගාවට ආවම අම්මා පොඩි දේශනාවක් දෙනවා.

“මම ඔය තුන්දෙනාම හදන්න ලොකු මහන්සියක් ගත්තා. මට කරන්න පුළුවන් හැම කැප වීමක්ම කරල තමා මේ තත්වෙට ඕගොල්ලෝ ගෙනාවේ. මං දන්නව ලොකු දූ හුගාක් හොදයි, පොඩි දුව පොඩ්ඩක් සැර උනාට ඒක නරකම නෑ. බාල දූ හුගක්ම අහිංසකයි. ඒ නිසා ඔයගොල්ලන්ට වරදින්නේ නෑ.“

“හැබැයි ඒ වගේම මේ අම්ම කියල දීල තියෙන දේවල් කවදාවත් අමතක කරන්න එපා. අද ඕගොල්ලෝ ඉන්න හෝටලේම කාමරයක් මමත් බුක් කරගත්තා ඕනම දේකට මං ළග ඉන්නව කියල හිතාගෙන දැං යන්න“

ඔය විදියේ දේශනාවෙන් පස්සේ සියල්ලෝ සතුටින් විසිර යද්දී මේ ජෝඩු තුන විතරක් තවත් ළං වෙන්ට හිතාගෙන හෝටල් කාමර වල හනිමුන් රාත්‍රියට සුදානං වෙනවා. අම්මත් ඒ කිට්ටුවම කාමරේක ඉන්නේ බොහොම විමසිල්ලෙන්.. වෙලාව එහෙම බල බල. කොල්ලෝ තුන්දෙනා කුලප්පු වෙන මොහොත හරියටම දැනෙන මේ අම්ම කල්පනා කරනවා. “දැං තමයි හොදම වෙලාව මුං මං දීපු උපදේස ක්‍රියාත්මක කරනවද කියල බලන්න“ කියල හිතාගෙන හෙමින් කාමරේ දොර ඇරගෙන ලොකු දූ ඉන්න කාමරේ දොර ගාවට කිට්ටු වෙනවා.

දොර ගාවට කිට්ටු උනාම තමා වැඩේ. අප්පේ මෙච්චර හොද කාමරේක උනත් ඇද පුදුම සද්දයක් දානව නේ. ඩක ඩක. තාලෙට. අම්මට හීන් හිනාවකුත් එනවා ඒ වගේම ලොකු දූ ගැන ලොකු ආඩම්බරයකුත් ඇති වෙනවා. ඇයි එයා අම්මා දීපු උපදේස පිළිපදින බව ඩක ඩක සද්දෙන්ම අම්මට සහසුද්දෙන්ම කියන්න පුළුවන්. 

දැං යනවා පොඩි දූගේ කාමරේ දොර ගාවට.

බුදු සන්තෝ.. එතම එකම විලාපයයි. මෙතන විස්තර කොරන්න බෑ දෙයියෝ ඒ සද්දේ. අයියෝ.. අම්මෝ.. හ්ම්.. ආ... හයියෙන්... හෙමින් හෙමින්. එපා... තව තියෙනවානං ඒවා ඕගොල්ලෝ හිතාගන්ට. ඉතිං අම්මට දැං ඩබල් සන්තෝසයි. හරි පොඩි දූත් මං කියන දේ ඒ විදියටම පිළිපැදල තියෙනවා. මගේ කෙල්ලෝ රත්තරන් කෙල්ලෝ කියල හිතමින්ම අම්ම බාල දූගේ කාමරේ දොර ගාවට කිට්ටු වෙනවා.

එතන ටික වෙලාවක් බැලුවා. ම්හ්.. කිසි සද්දයක් නෑ... විනාඩි දෙක තුනක් ම බැලුවා. ඇත්තෙන්ම නෑනේ කිසිම සද්දයක්. අම්මට දැං ඉවසීමක් නැතිව කේන්තියක් එනවා බාල දූ ගැන. මේකි තමා දවසකටවත් ගෑනි .. “මං කියල දීපු කිසි දෙයක් කනකට අර ගෙන නෑ. අනිත් එක මේ හනිමුන් දවසේ. මේකිනං හොදම මැට්ටියක්.“ අම්මට පට්ට තරහ ගිහිල්ල.. “තව හිතනවා හිටපියකෝ මං ඕකිව හෙට උදේට පතුරු ගහනවා. දැං ඔතනට කඩාපනින එක හරි නෑ මේ හෝටලේ උන්දැල බලයි මොකද කියලා. නැත්නං මං දනී කරන දේ කියල“ හිතමින් අම්මත් එයාගේ කාමරේට ගිහිං නිදාගන්නවා.

උදෙන්ම අවදි වෙච්චි අම්ම පණිවිඩ යවල දූල තුන්දෙනාම තමන්ගේ කාමරේට ගෙන්නගන්නවා. හැබැයි ඉතිං ටිකක් අමාරුවෙන් තමා කට්ටිය ආවේ. මොකෝ අහන්නේ... ඉතිං අළුත් වැඩ සටහන් කරල නෙව ඉන්නේ. දැං අම්ම ආයේ දේශනාව

“මට ඊයේ ඕන උනා උඹල මං දීපු උපදේශ ඒ විදියටම කරනවද කියල බලන්න. ඒක නිසා මහ රෑ මං උඹල ඉන්න කාමර ගාවට හෙමින් ආවා. ලොකු දූ.. මට දූ ගැන ආඩම්බරයි. ඇත්තටම මං කියුවට වැඩිය හොදට උඹ වැඩ කරනවයි කියල මට තේරුනා. “ 

දැං පොඩි දුව දෙසට හැරී,

පොඩි දූ උඹ ටිකක් තරහකාරයෙක් උනාට උඹත් හොදට හිටි වග මට තේරුණා. පුදුම සද්දයක්නේ තිබුනේ. උඹලගේ කාමරේ. එහෙම තමා කරන්න ඕන.“ 

දැං බාල දුව දෙසට හැරී,

“ඔන්න බලපං උඹනං අක්කල දෙන්නගේ අහලකින් වත් තියන්න බැරි මහ ගොං ගෑනියෙක්. ඇයි මෝඩියේ තොට මං දීපු උපදේස අමතක වෙලාද නැත්නං තොට මේ අම්ම වටින්නේ නැත්ද?? ඊයේ රෑ උඹ බේරුනේ මේක හෝටලයක් නිසා නැත්නං තෝව මං ඊයේ රෑම පතුරු ගහනවා. මෝඩි“

අනේ මේ පවුලෙන්ම අහිංසක දැරිවි කවදාවත් අම්ම මේච්චර සැරෙන් කතා කරනව අහල නෑ. ඒ වගේම මේකිගේ තිබ්බ අහිංසක කම හින්ද අක්කල වගේ අම්මගෙන් කවදාවත් බැනුම් අහලත් නෑ. ඉතිං මේ දැරිවිට ආපු සෝකෙට මහා හයියෙන් අඩන්න ගත්තා නවත්තන්නෙම නැතිව. අම්මට දැං ඊටත් තරහයි. මේ මෝඩි දැං හොද එකී වෙන්න බොරුවට අඩනවා කියලා අම්මට හිතෙනවා. ඒත් දරුවා හින්දා පොඩි දුකකුත් තියෙනවා. අම්මා ආයේ කතා කරනවා.

“හරි. දැං ඔය ඇඩිල්ල පැත්තක තියල කියපං බලන්න උඹට වෙච්චි දේ.. ඉතිං කතාකරපිය“

බයෙන් ඉන්න බාල දූ ඉතිං ඉකි ගහ ගහ අම්මට මෙහෙම කියනවා.

“ඉතිං අම්මම නේ අපිට කියල දීල තියෙන්නේ, කටේ මුකුත් තියෙන වෙලාවට කතා කරන්න එපාය කියලා“

ඊළගට කොකුන් මැරීම

16 comments:

  1. හ්ම් හ්ම් ....... ඔහොම යං ඔහොම යං. දූල තුන්දෙනෙක් කිව්වම මම හිතුවෙ අර එතිහාඩ් එයාර්වේස් කතාව කියල.

    ReplyDelete
    Replies
    1. තැන්කූ.. ඒ කතාව නං මං දන්නේ නැතෝ...

      Delete
    2. ඔයවිදියම තමයි. දූල හනිමූන් යන්නෙ රටවල් තුනකට. පලවෙනිය සතියකට පස්සෙ ලියුමක් එවනව. තියෙන්නෙ "නෙස්කැෆේ" කියල. අම්ම නෙස්කැෆේ පැකට්ටුව අරගෙන බැලුවම තියෙන්නෙ "අන්තිම බින්දුව තෙක්ම වටී" කියල. දෙවනිය මාසයකට පස්සෙ "රොත්මන්ස්" කියල එවන්නෙ. අම්ම රොත්මන්ස් සුරුට්ටු පෙට්ටිය අරගෙන බැලුවම තියෙන්නෙ "අතිශයින්ම විශාලයි" කියල.

      තුන්වෙනියගෙන් ලියුමක් නෑ. මාස තුනකට පස්සෙ වෙව්ලන අකුරින් ලියල එවනව "එතිහාඩ් එයාවේස්" කියල. අම්ම සඟරාවක් අරගෙන එතිහාඩ් ඇඩ්එක බලනව. ඊට පස්සෙ කලන්තෙ දාල වැටෙනව. ඒකෙ තිබුනෙ "දිනකට දහවතාවක් සතිය පුරාවටම දෙපැත්තටම" කියල!

      Delete
    3. පට්ට බං. ඕක රස කරල ලිව්ව නං එළ රසකතාව. තැන්කූ

      Delete
    4. මාත් හිතුවේ නෙස්කැෆේ කතාව කියලා....

      Delete
  2. දැං මේක සින්ඩියකත් එල්ලලා තියෙන නිසා ........ ඉස්සරහට කට පරිස්සම් කරගෙන හිටියොත් හොඳයි කියලා හිතෙනවා... හි හි...

    පිස්සුද.... මේ හිරු පැත්ත ගියත් ඇත්ත තමා කියන්නේ... හි හි....

    ReplyDelete
    Replies
    1. ඔය කට ඉතිං පරිස්සං කරල වැඩක් නැතෙයි කියල අන්න මාතලං කිව්වා කලින් පුරාවෘත්තයේදී. හික්..හික්.. අනිවා අපි දන්නවනේ ළමයගේ හැටි. කෙලින් කතාව කෙලින් වැඩ..

      Delete
  3. හැක්ස් හොක්ස් හූ..!! පස්ට කතා ටික.. :D

    ReplyDelete
    Replies
    1. පස්ට තැන්කූ. සතියට එකක් විතර දැම්මම ඇති නෙව

      Delete
  4. මං නං කැමති පොඩි දූට...

    ReplyDelete
    Replies
    1. තිසර ක්ලින්ටන්ද බං උඹේ නම??? හැබැයි පොඩි දූගේ නම මොනිකා ලෙවින්ස්කි නෙමෙයි මං හිතන්නේ.. හහ්

      Delete
  5. පොඩි දුව තමයි වැඩේ පිළි වෙලට කරලා තියෙන්නේ.... අන්ත් උන්ට ඉතින් හදිස්සිය...

    පෝස්ටුව ෆටේ ෆට්ටය..

    ReplyDelete
    Replies
    1. ආයිත් අහල. අම්මගේ උපදේසේ කටේ හිරඋනාම මක්ක කරන්නද?

      Delete
  6. අඩේ පට්ට පොස්ටුවනේ දේශකයෝ පොඩි දූ හරිම කීකරුයි. එල එල. හිකිස්

    ReplyDelete
    Replies
    1. නැතිව නැතිව.. ඒකනේ මාත්තුරුකාව කීරරු දියණිය කියල දැම්මේ.එහෙනං. කෝරලේ මහත්තයට නොසෑහෙන්න ස්තුතියි ඔක්කොම බැලුවට. මම මේක ආසාවට කරන එකක්.

      Delete
    2. මේ සයිබර් අවකාශය නම් කෝරලේ රාජක්කාරී කොරන ප්‍රධාන නිලධාරියා විදියට මාගේ අණ වන්නේ මෙම බෝග වාඩාත් දියුණු කොට වැඩි පබ්ලිසිටියක් ලබාදී ටොප් බ්ලොග් අතරට එකතු කරන ලෙසයි. වහාම ක්‍රියාත්මකවව් නැතහොත් තා සති දෙකකට දඬුකඳේ ගසන්නට නියෝග කරමි.

      Delete