Friday, January 11, 2013

අනේ සොරි විජේ!!

මේක හැබැයි අර අපි ප්‍රේමදාස මහත්තයට හදන විහිළු කතා වගේ එකක්. එහෙම උනාට කාටවත් ගැහීමක් නොවන බව සැබෑවටම කියමි.

ඒ දවස් වල ඒ කියන්නේ තරුණ කාලේ,.. තරුණ කාලේ..

ජේ ආර් ජයවර්ධන උන්නාන්සෙයි, සිරිමා මැතිණියයි, තව විජේවීර සහෝදරයයි එකම වේදිකාවක දේශපාලන රැස්වීමකට සහභාගී වෙනවා. රැස්වීමේ මුල් පුටු මේ තුන්දෙනාට දෙන්න ඕන විත්තිය නොකිය මනාය. ප්‍රධාන ආසන තුනේ මැද සිරිමි. වම් පැත්තේ විජේවීර, දකුණේ ජේ ආර්. රැස්වීමේ කතා කරන හාදයගේ කතාවට ඇහුංකං දෙන ජේආර් කීප සැරයක්ම තරුණ සිරිමා දිහා බලල හූල්ල හූල්ල හිටියා. අපිට වගේ තමා ඉතිං ඇහැට කනට පේන චීත්තයක් දැක්කම මොනා නැති උනත් ඇහැවත් දුවනවනේ.

ඉතිං ඔහොම යද්දී... හුටාරේ කියල එක පාරටම විදුලි බලය ඇණ හිටියා. හිතන්නකෝ පිට්ටනයේ කරන්ට් එක ගියාම ඒක පාළු පිට්ටනියක් වෙන හැටි. මේ අල්ලපනල්ලේ ජේ ආර්ගේ වල් හිත ක්‍රියාත්මක උනා. ඒකට හරියන්න මොලෙයි ඇගයි සෙට්වෙලා ජේ ආර් හිමීට සිරිමගේ මූණ ඉබ්බා. මේ කරුවලේ මොන ජංජාලයක් උනාද කියල ලැජ්ජ බයට හැදුන සිරිමට නොතේරුනාට මුණ ඉම්බ විත්තියක් නං නොතේරෙන්න විදියක් නෑනේ. ඒත් සිරිමට සැක ජේ ආර් ම තමා. ඒත් එක්කම ලයිට් ආවා. සිරිමා තරහෙන් පුපුර පුපුර ජේ ආර් දිහා බැලුවට ම්හු.. මිනිහා මෙලෝ දෙයක් නොදන්න ගානට අහිංසකයා වගේ ඉන්නවා. එ මදිවට මේක රැස්වීමක් නෙව කියල ඔන්න සිරිමා පොඩ්ඩක් සැර බාල කරල ආයේ රැස්වීමට සෙට් උනා. දැං ආයි කතා යනවා..

හුටාරේ කියල මෙන්න බොලේ ආයේ ලයිට් ගියා. මේ පාරත් ගිය පාර වගේම වල් ජේ ආර් තමන්ගේ වැඩේ කොරා.

ලයිට් ආවා. සිරිමා තරහෙන් බැලුවට ජේ ආර් ගෙන් කිසිම ක්ලු එකක් නෑ. ඔන්න ඔහේ සද්ද නැතිව හිටියා. දැං සිරිමා හිතනවා ආයේ ලයිට් ගියෝතින් නං මං හොද කල්පනාවෙන් ඉදල මූට ගහනව හොද පාරක් කියලා. ඒත් එක්කම කල්පනා උනා රැස්වීමක් නේ.. එහෙම කලොත් මහ නස්පැත්තියක් වෙනවා. තව කල්පනා කොරල කොරල හිතා ගත්තා “ඉදපං මං බොට හොද වැඩක් කොරන්න“ කියලා.

ජේ ආර් ගේ කරුමේ කියන්නේ සිරිමා හිතපු විදියට තුන්වෙනි පාරටත් ලයිට් ගියා. සිරිමා සුදානං.. ජේ ආර් එයාගේ වල් වැඩේටත් සුදානං. ඔන්න ජේ ආර් මූන ඉඹින්න කිට්ටු උනා. එතකොටම ජේ ආර් ගේ කටේ රැවුල් බූසියක් ගෑවුන නිසා මිනිහ එක පාරට මංඤ්ඤං උනත් 

අනේ සොරි විජේ“ කියල කියන ගමන්ම ඉක්මනට තමාගේ පුටුවෙ සෙට් උනා. දැං ලයිට් ආවා.

හීන් හිනාවක් දාපු සිරිමා ජේ ආර් ගෙන් අහනවා..

“ඔහේ හිතන්නේ ලයිට් ගියපු වෙලාවේ විජේ මගේ පුටුවේ හිටියයි කියලද“ කියලා.




23 comments:

  1. ඇයි බන් පැහැදිලි කළේ... හි හි....

    ReplyDelete
  2. anthimata warahan ethule theyan eka ain karapan. Eken rasa adu wenawa

    ReplyDelete
    Replies
    1. රායිටෝ මචෝ අයින් කරා.. තැන්කුයි..

      Delete
  3. මරු කතාවක්. කලින් අහලා තියනවා. මෙවැනි කතා බොහොමයි. ඒ වැඩි හරියක් බ්ලොගක ලියන්න බැරි ඒවානේ.....
    මමත් හිතන්නේ පැහැද්ලි කිරීම නොකළ නම් හොදයි.

    ReplyDelete
    Replies
    1. මම ට්‍රයි කොරනවා හැකි ඒවා ලියල දාන්ට. තැක්කියු. ඔන්න අයින් කරා වෙද මහත්තයෝ අදහසට තැන්කුයි

      Delete
  4. වරහන් ඇතුලේ ලියලා කතාව ඊටින් කොරලා...

    ReplyDelete
    Replies
    1. අයියෝ ඊටිං එක අයිං කරා මාරෝ... තැන්කුයි. පළමු ප්‍රතිචාරයට

      Delete
  5. හප්පට සිරි.. මරු කතාව...
    අන්තිම පේලිය අයින් කරලා දාමු.. ඔහොම තව කතාවක් තියනවා බස් එකක ගිය කෙල්ලෙක් ගැන.. දේශා දන්නවත් ඇති. මන්නාරම් සීන් එකක්. :)

    ReplyDelete
    Replies
    1. තැන්කුයි මචෝ. ඔන්න අයින් කරා

      Delete
  6. ඕක ඔහොම නෙවේ බං. අන්තිමට ජේආර් ලොක්ක කියන්නෙ
    "හපෝ.... විජේ දත් මදින්නෙ නැද්ද?"

    ReplyDelete
    Replies
    1. උඹලත් එක්ක මොන මගුලවත් කොරන්න බෑ නෙව.. මේකට ෂෙයාර් කරල කතා ටිකක් දාපන්කෝ බං...මේක මේ මගේ මගුලත් විදියට කොරන්න ඕන නෑ නෙව..

      Delete
  7. :) :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  8. හප්පේ මේ දෙශක තුමා! නියම කතාව. හිනා වෙන එක සෞඛ‍යයට හොදා නොවැ.

    ReplyDelete
    Replies
    1. හිනා වෙන එක නං හොදා. මේ වගේ වැඩ කොරන එක තමා නරක නේද??

      Delete
  9. Replies
    1. සෝයි කොමෙන්කටුව මල්සරා

      Delete
  10. dan nam meka tube light, mokakda aththatama wune ????????????

    ReplyDelete
    Replies
    1. අඩේ තේරුං යන්නැත්ද බං.. (චැක්. කොහොමෙයි ඇදුම උස්සං පුටුව උඩ නැගල හිටියම)

      Delete
  11. අර අන්තිමටික නොකීවනම් මේ කතාව තෙරුම්ගන්න මරු




    …මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
  12. යකෝ චික් නාකි සිරිමා............

    ReplyDelete