Thursday, February 7, 2013

මාලිගා හැදීම

ඔන්න ලංකාවේ ඇමති කෙනෙක්ගේ බොහොම හිතවත් මිත්තරයෝ දෙන්නෙක් ඉන්නවා ඇමරිකාවේයි එංගලන්තෙයි. මේ දෙන්නත් ඇමතියො තමා. එක දවසක් ඇමරිකාවේ යාළුවා අපේ හාදයට මිනිහගේ ගෙදරට එන්න කියල ඉන්වයිට් කොරා. ඉතිං අපේ එකත් ඇමරිකාවේ ගියා යාළුවගේ ගෙදර. ගෙදර ගියාම.. . ඒක ගෙදරක් නෙමෙයි දිව්‍ය මාලිගාවක් වගේ හින්දා මූ කට කනේ තියාගෙන මුළු ගේම ඇවිද්දා. කියල වැඩක් නෑ සුපිරි මාලිගාවක්. දැං අපේ පොරට අවශ්‍යයි දැනගන්න මෙච්චර ලොකු ගෙයක් කොහොමද හැදුවේ කියල.

“මචං. පට්ට ලස්සන ගෙයක් බං. තෝ කොහොමද මෙච්චර සිරා ගෙයක් හැදුවේ.. සල්ලි බර ගානක් යන්න ඇතිනේ බං.. “

“ඒක රහසක් බං.. උඹට ඕන්නං මම කියන්නං“

“අනේ බං කියපංකෝ“

“වරෙන් අතන ජනෙලේ ගාවට“ හා කියල දෙන්න එක්ක එතනට ගියා.

“උඹට පේනවද අර ගග මැද තියෙන මහා විසාල පාලම“

“කෝ බං මට මහ විසාල එකක් නං නෑ ඔය ලේන් හතරක් තියෙන පාලමක් නෙව“

“ඔව් යකෝ... ඕක මහා විසාල ලේන් 10 ක් තියෙන පාලමක් තමයි.. උඹට පේන්නැත්ද??“

“නෑ බං“

“හ්ම්... ඕකෙන් තමා මම මේ ගේ හැදුවේ.. හහ්හහ්හා“

අපේ එකා පුල් අන්දොස් වෙලා ඇමරිකන් යාළුවා හෙන පොරක්ම තමා කියල හිතාගෙන ටික දවසක් ෆන් එකක් දාලා ආයේ ලංකාවට ආවා.

ඊට ටික දවසකට පස්සේ බ්‍රිතාන්‍ය යාළුවා අපේ එකාට ඉන්වයිට් කොරාම එහේ ගිහිල්ල, මේකා ඇමරිකන් යාළුවටත් වඩා පත මාලිගාවක් හදල තියෙනවා දැක්කම අපේ එකා උගෙනුත් ඇහුව මේ ගැන. එතකොට අර විදියටම ජනේලේ ගාවට ගිහිල්ල ගග පෙන්නුවා පොර..

“උඹට පේනවද අර අති විසාල කේබල් පාලම“

“මොන කේබල්ද බං.. ඒක නිකං පාලමක් නේ“

“මොන පිස්සුද යකෝ ඒක කේබල් පාලමක්. හෙන ගානක් යන කේබල් තමා දාන්න උනේ“

“හැක්.. ඉතිං යකෝ කේබල් අඩියක් වත් එතන නෑනේ“

“හෙහ්.. එහෙම තමා බං මේ ගේ හදලා තියෙන්නේ“

අපේ එකාට හෙන අන්දොස් ආයෙත් මිනිහ හිතුවා දැන්නං මටත් පුළුවන් ගෙයක් දොරක් හදාගන්න කියලා..

ඒ විදියට හිතල මූ අරුන් දෙන්නගේ මාලිගා වලට කිට්ටු වෙන්න තියා හිතන්නවත් බැරි සුපිරි මාලිගාවක් හදල ගේ පදිංචි වෙන දවසේ අර යාළුවෝ දෙන්නටත් ඉන්වයිට් කොරා. උන් දෙන්න ඇවිල්ල ෆුල් හොල්මන් උනා. යකෝ හෙන පුදුමයි නේ අපි නං පෝසත් රටවල් ඒත් මේ දුප්පත් රටේ ඉදගෙන මූ කොහොමද මේ තරං සුපිරි එකක් හදන්නේ කියලා.. උනුත් අර විදියට මුගෙන් ඇහුව කොහොමද හැදුවේ කියලා. එක්කං ගියා ජනේලේ ගාවට පෙන්නුවා ගග.

“උඹලට පේනවද අර ගගේ තියෙන ලංකාවේ දිගම පාලම???“

“ම්හ්.. පේන්නේ නෑ බං.. හුගක් දුරද මගේ ඇස් පේනවත් හොරයි වගේ“

“නෑ යකෝ ඔය ළගම තියෙන්නේ“

“ඉතිං බං එතන පාලමක් නෑනේ“

“ඒක තමා ඉතිං.. මමත් ගෙයක් හැදුවේ ඒකෙන් තමා“ කියල හෙන ආඩම්බරෙන් කිව්වා

20 comments:

  1. haiyen huuuu,
    Ethana gangak thibuna ekath pudumai bn. Mokada ape un paalam daanne gangakuth nethuwane.

    ReplyDelete
  2. කාගෙන් හරි ආදර්ශ ගන්නනම් අපේ මිනිස්සු තරම් ජාතියක් නෑ තමයි... වැඩිපුරම කපටි වැඩ වලට... හි හි

    ReplyDelete
    Replies
    1. හෙහ් විහිළුවක් වත් තේරෙන්නෙ නෑ අප්පා බොලාට. ලංකාවේ තරං අහිංසකයෝ කොහේද ඉන්නේ

      Delete
  3. හික්!!! :) :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හිකි හිකිස්.. අඩේ රජෝ මම මේ උඹේ කොමෙන්ට් කොරන විලාශය අධ්‍ය්‍යනය කොරනවා. කෙලින්ම ඩිරෙක්ට් නෙව...

      Delete
  4. hayyo me moone...denawa dekak dekak karanawata..
    oka machan hariyatama giye 2004 may 12 ...
    mokada oka yaddi mamai MCR eke wada kare ABC Network eke..
    arawindaya thama desa baawe...

    ReplyDelete
    Replies
    1. විස්තරේ දැනගත්ත එකට සතුටුයි. මම කොහේදි ඇහුවද කියල මතක නෑ බං...

      Delete
  5. පට්ට කතාව... සත්‍යයට සමීපයි වගේ..

    ReplyDelete
    Replies
    1. තැන්කෝ චන්දන.. උඹල හින්දා තමා අමාරුවෙන් හරි මේක කොරන්නේ වෙලාව හොයාගෙන...

      Delete
  6. Replies
    1. මොකද බං වචන අඩුවෙන්.. ලොල් සහගතයි නෙව උඹේ වචනේ... හික්

      Delete
  7. හික්ස්! මරු කතාව.

    ReplyDelete
  8. අපේ උන්නම් කොරන්නේම මෙහෙම වැඩ තමයි

    ReplyDelete
    Replies
    1. හෙහ්.. ඒක නෙව කියන්නේ.. උඹ ආපු එක ගැන හෙන සතුටුයි බං

      Delete
  9. මෙවගෙ වැඩ නිසා තමයි. අපෙ රටෙ ගොඩක් අය සැපට ඉන්නෙ. පට්ට ඇත්ත.

    ReplyDelete
  10. ලංකාවේ ඉන්න හැම දේශපාලුවා ගැනම නෙමෙයිනේ. 99.99% ගැනනේ මේ ලියලා තියෙන්නේ

    ReplyDelete
  11. ලංකාවේ ඉන්න හම දේශ පාලුවම ඔහොමයි හැබැයි දේශකයා එහෙම නැහැ.

    ReplyDelete