Thursday, February 14, 2013

යුනියන් ජැක් (Union Jack)

A True Story... වචනයක් ගැන පොඩි දැනුමක් දෙන පොඩි කතාවක් හොදේ..

දැං කාලේ උනත් ඕං ප්‍රින්සිපොල් කෙනෙක් ස්ථාන මාරු වෙලා යන කොට අර ඉන්වෙන්ට්‍රි මේ ඉන්වෙන්ට්‍රි චෙක් කොරල භාර දීල අත්සන් කොරල තමා යන්නේ අළුතින් එක එක්කෙනාට. ඒකට කියන්නේ බඩු භාරදෙනවයි කියල නෙව..

මේක ටික කාලෙකට විතර ඉස්සර කේස් එකක්..

ඉතිං ඕං ඉස්කෝලෙකට ප්‍රින්සිපොල් කෙනෙක් මාරු වෙලා එනවා. එයා නං ටයි කෝට් එහෙම දාල ජැන්ඩියට එන්නේ. ඒත් යන්න ඉන්න කෙනා නැෂනල් කිට් එක ගහපු එක්කෙනෙක්..

දැං බඩු බාර දෙන්නයි සුදානම.

“එහෙනං මහත්තයෝ, ඔන්න ලැයිස්තුවේ විදියට බඩු බාරගන්න“

කියල පරණ කෙනා ලිස්ට් එක කියව කියව බඩු පෙන්නනවා. එතකොට අළුත් කෙනා ඒවට හරි දාගෙන යනවා..

ටිකක් ඔහොම බඩු ගනන් කර කොට පරණ එක්කෙනා කියනවා.. අතට ලී කොට කෑල්ලක් අරගෙන, අර කොළ වලට තියන බරක් වගේ එකක්...

“යුනියන් ජැක් එකායි“

අළුත් කෙනා හරිය දාන්න ලෑස්ති වෙලා බඩුව බලනවා...

“මොකක්ද ස්කෝලේ මහත්තයෝ කිව්වේ... යුනියන් ජැක්“

“ඔව් මේ යුනියන් ජැක්..“

“හෙහ්.. ඉස්කෝලේ මහත්තයට විස්වාසද ඕකමෙයි කියල“

“නැතිව නැතිව .. මම මේකට ආපු වෙලාවෙත් ඕක තමා බාර ගත්තේ යුනියන් ජැක් කියලා.. මම ඒත් දන්නේ නෑ මොකක්ද කියල, වට්ටෝරු පොතේ දාපු හින්දා බාර ගත්තා“

“ස්කෝලේ මහත්තයෝ මේක යුනියන් ජැක් එකක් නෙමෙයි නේ“

“අනේ මන්ද මහත්තයෝ ඕක ඔය සුද්දගේ කාලේ ඉදලම තියෙන එකක්. මහත්තයා බොරු නං කලින් පිටුව හරවල බලන්නකෝ එදා ඉදලම ඕක අළුත් අය ආවම භාරගෙන තියෙනවා.“

“හෙහ් හෙහ්.. මහත්තයෝ වචනේ හරි ඒත් මේක යුනියන් ජැක් එක නෙමෙයි.. ඔබතුමා දන්නෙත් නෑනේ යුනියන් ජැක් කියන්නේ මොකක්ද කියලා“

“ඔව් මහත්තයෝ මොකක්ද එතකොට“

“යුනියන් ජැක් කියන්නේ... ඉංගිරිසි කොඩියට.. මහත්තයා කිව්වා හරි ඒක සුද්දගේ කාලේ ඉදල මෙහේ තිබිල තියෙනවා. හැබැයි කව්රු හරි මහත්තයෙක් ඔය අතරේ කොඩිය අරන් මාරු වෙලා තියෙන්නේ මේ මේස කොඩිය හයි කරන බරුව විතරක් ඉතුරු කරල.. එදා ඉදල ලී බරුව තමා යුනියන් ජැක් කියල ඔහේල තියාගෙන ඉදල තියෙන්නේ“

“සෙහ්.. වස කන වැඩක් නේ මේක මහත්තයෝ..“

22 comments:

  1. මේ වගේ සිද්ධි ඇත්තටම තියනව දැනටත්

    ReplyDelete
    Replies
    1. ඔව් බං උඹලට නං අහුවෙනවා ඇති අනන්තවත්. ඇයි තොපි යනවනේ බෝඩ් ඔෆ් සර්වේ

      Delete
  2. අපොයි දෙයියනේ ඉස්කොලෙ මහත්තයට වෙලා තියෙන දෙයක්.

    ReplyDelete
    Replies
    1. මේකත් දේශකයගෙ එකක් කියල පස්සෙනෙ දැක්කෙ.

      Delete
    2. තැන්කුයි ප්‍රසා...

      Delete
  3. අෆ්ෆා... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. මට නම් මේකට හිනා ගියේ නෑ ඕං...

    ReplyDelete
  5. මං මේ කල්පනා කලේ ඔහොම ටපල ගත්තු ඒවා තව මොනවද තියන්නේ කියල.. එකක් කැසට් හෙඩ් එක..
    තව තිබුනා මතක් වෙන්නේ නෑ. වැරදිලා හරි පොතේ යුනියන් කෑල්ලත් හැලුන නම් තමා වැඩේ :)

    ReplyDelete
    Replies
    1. එහෙනං ඉතිං බඩු තමා... හෙන කේස් එකක්...

      Delete
  6. දේශකයා නම් ගහන්නේ යුනියන් ජැක්ලු නේද?.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මෝල් ජැක් එකක් ගහන්නේ

      Delete
  7. අඩුගානේ ප්‍රින්සිපල් අවංකයි... දන්නේ නෑති එක දන්නේ නෑ කියලා කිව්වානේ.. හි හි

    ReplyDelete
  8. අනෙ අප්පේ මේ දේශක තුමාටත් මතක් වෙන එව්වා. නැෂනල් කිට් එක ගැහුවත් එයා අවංකව ඒ දේ කීවනේ, ඒක වටිනවා නොවැ. හිනා නම් ගියේ නෑ ඔන්න.

    ReplyDelete
    Replies
    1. හා හා හිනා නොගියට මොකෑ.. ආවට මට හිනා හොදේ....

      Delete
  9. චඃ.. ජැක් එක තියල නේ ගිහින් තියෙන්නේ..

    ReplyDelete
  10. වෙලා තියෙන්නේ මුලින් වරද්දපු එක දිගටම වරද්දන් ඇවිත්

    ReplyDelete