Monday, March 11, 2013

මල් කඩන පොඩි කතා (ලාමක ටිං ටිං)

“නංගි“

“ඇයි“

“අයියෝ නංගි ඇයි ඔච්චර ගනන්“

“ගනන් නෑ. ඇයි කතා කරේ“

“නෑ නංගි මට ඔයාට කියන්න දෙයක් තියෙනවා“

“ඉතිං කියන්නකෝ“

“නංගි මේ.... ඔයා අද ක්ලාස් යනවද“

“ඔව් යනවා. මොකක්ද කියන්න තියෙන්නේ“

“මේ... මේ... නංගි.... ඔයාගේ යාළුවා අද එනවද“

“ඔව් එනවා ඇයි? එයාට පණිවිඩයක්ද?“

“නෑ නංගි.... ඔයාට කියන්නයි ඕන“

“ඉතිං කියන්නකෝ වද නොදී... අම්ම දැක්කොත්“

“ඇයි නංගි... අම්ම දැක්කොත් මොකද“

“අනේ මේ විකාර නැතිව යනවද නැත්නං මං යන්නද“

“නෑ නෑ... ඉන්න... නංගි මේ....මේ..... ඔයාට කොල්ලෙක් ඉන්නවද“

“නෑ.. ඇයි හොයල දෙන්නද?“

“නෑ... නංගි... මම මේ...... කියන්න.... මේ... හැදුවේ... මේ....මේ......“

“ඉතිං කියනවකෝ මල වදේ“

“නංගි.... මේ...... මේ.... මේ...... මේ.........“

“අයියෝ මාර ගොතයක්නේ? කියනවකෝ ඉතිං... මට වැඩ තියෙනවා“

“මේ.... මේ.....“

“දූ ඔය කව්ද ඔතන“

“මේ ක්ලාස් එකේ අයියා කෙනෙක්“

“අනේ පත්තිනි මෑනියනේ මොකාද මේ අලුගුත්ත්තේරුවා. ඉවරයි ඉවරයි. හොදට හැදීගෙන ආපු රෝස පැලේ.. මූ කොල ටික ඔක්කෝම කාලා... වසවර්තියා“

කොල්ලා රෙද්ද උස්සන් දුවන පෙනේ...


******************************************************


“මේ නංගි“

“ඇයි“

“නෑ නිකං මට ඔය මූන හොදට දැකල පුරුදුයි“

“වෙන්න බෑ අයියා...මං නැතිව මේ මූන කොහේවත් යන්නෑ“


******************************************************


“දූ කවුද ඔය කතා කරන්නේ බලන්න“

පැය භාගයකට පසු

“මොකද.. ළමයෝ තාම ඔය පෝන් එක කනේ ගහගෙන.. ඕක කනවද“

“නෑ අම්මේ.. මේක වැඩ කරන්නේ නෑ...“

“එහෙනං ඔය මුණු මුණු ගාන්නේ උඹ“

“නෑ අම්මේ මම මේ ටෙස්ට් කොරනවා මේක“


******************************************************


22 comments:

  1. ඇයි බං රෝසපැලේ කොල කඩන්න ගියේ.

    ReplyDelete
    Replies
    1. මේකනේ බං... ඇඹරෙන කොට ළග තියෙන දේක කොල කඩ කඩ දගලන එක හෙන වාතයක් නේ. සමහර උන් කියන වචනේ ගානේ එක කොලේ වෙන්න කඩනවා.. හැක්

      Delete
  2. Replies
    1. මොකෑ බං... ලාමක ටිං ටිං

      Delete
  3. රෝස මලේ නටුවේ කටූ
    නැන්දම්මගෙ කටේ කටූ

    ReplyDelete
    Replies
    1. හික් හික්. කවි නියමයි ආ තව පේලි දෙකක් දුන්නනං අඹරලා.. එළස් තමා

      Delete
  4. හෙහ් හේ.. දේශා සුට්ටි කතා ටිකක් දාල. ටෙස් කොරන කතාව එල..

    ReplyDelete
    Replies
    1. තැන්කුයි බං. කම්මැලි කමට කෙටුවේ ඕවා...

      Delete
  5. හැක් හැක් නංගිලා තමයි නංගිලා

    ReplyDelete
    Replies
    1. හෙහ්.. මල්ලි කොරපු වැඩේ හරිද එතකොට...

      Delete
  6. හි හි හී..

    මගෙ යාළුවෙක් කොල්ල එක්ක කතා කරන්න රෑට මාට කට්ටක් කෑවලු. මොකද අම්මා නිදා ගන්නෙත් ඒකිගෙ කාමරයේ හන්දා.. අම්මා එක ඇඳක..මේකි තව ඇඳක. කොල්ලට කියලා තියෙන්නෙ ඒකි කතා කරන්න නෑ.කියන දේ අහගෙන ඉන්නම් කියලලු. ඉතින් කොල්ලා කතා කරද්දී කෙල්ලට හූ මිටි වත් තියන්න වෙනවනේ...මේකි හිමීට හිමීට " හම්ම් හම්ම් " ගානවලු. අම්මා මේක නෝට් කරන් ඉඳලා..එක දවසක් කෑ ගහලා ඇහුවට.." ඇයි පොඩී හැමදාම ඔය කෙඳිරි ගාන්නේ..බඩේ අමාරුවක්නම් කියපන් බේත් ගන්න යන්න " කියලා

    ReplyDelete
    Replies
    1. ඒක නං මරු.. නියම ප්‍රතිඥාවක් දීලා ඇත්නේ කොල්ලට. කට හොල්ලන්නෑ කියලා...

      Delete
  7. හෙහ් මරු ටෙස්ට් කිරිල්ල :3

    ReplyDelete
    Replies
    1. තැන්කුයි දිලුම් නොහොත් ....

      Delete
  8. මෝටර් රථයෙන් යන අයියා, පාරේ යන නංගී අමතා...

    ."නංගි කොහෙද යන්නේ"
    "මං ගෙදර යන්නේ අයියේ"
    ."එන්න නගින්න, මං ලිෆ්ට් එකක් දෙන්නම්"
    "නෑ අයියේ ඕනෙ නෑ, මං ඉන්නෙ තට්ටු නිවාසෙක නෙමෙයි"

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං මක්කැටෙයි ලිප්ට් එකක්...

      Delete
  9. හිකිස්... මරු මල් කතා ටික...

    ReplyDelete
  10. හිකිස්... :) :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete