Saturday, July 20, 2013

පොඩි උන්නාන්සේ

පන්සලේ නායක හාමුරුදුවෝ හැඩි දැඩි පුද්ගලයෙක්. වයසත් ඕන නං අවුරුදු 50 ක් විතර ඇති. ඇති පදමට වළදපු දානේ හින්දා, හාමුදුරුවෝ රාම තෙල් පාරක් ඇර ඇර ආවාසේ හාන්සි පුටුවට වෙලා ඉන්නවා. එහෙම ඉන්නවනං මදෑ. හාමුරුවන්ගේ ජුන්ඩා අහලින් වෙච්ච කැසිල්ලක් හින්දා, බුලත් විටත් හප කර කර, හොද එකෙන්ම කකුල කස කස ඉන්නේ.

කකුල කසන කොට සිව්රත් ටිකක් උඩට ඇවිල්ලා. ඒ අස්සේ පන්සලට ආපු දායකයෝ හෙම ඇවිල්ල හාමුදුරුවන්ට වැදල කරල යනවා. හාමුදුරුවොත් කකුල කස කස, බුලත් හපේ කටේ පුරවගෙන “තෙරුවන් සරණයි“ කියල වදාරනවා.

සෑහෙන්න වෙලාවක් ගියත් මේක නතර උනේ නැතත්, දායක දායිකාවෝ ඇවිත් වැදල යනවා. ඒ අතරේ ආපු වයසක උපාසිකාවක් හාමුරුවන්ට වැදල ගිහිල්ලා, ටික වෙලාවකින් ඇවිල්ල ආයිත් වැන්දා..

හාමුදුරුවො අහනවා.

“ඈ උපාසිකාව දැං එක පාරක් වැදල නේද ගියේ“

“ඔව් ලොකු හාමුදුරුවනේ එහෙයි“ කියල උපාසිකාව උත්තර දෙනවා.

“එහෙනං ආයිත් වැන්දේ“ හාමුදුරුවො අහනවා.

“ආ. ඒ පොඩි උන්නාන්සෙට නේ අපේ හාමුදුරුවනේ“

19 comments:

  1. පොඩි උන්නා‍න්සෙගෙ දෙපැත්තෙ ඉන්න උන්නාන්සෙල දෙන්නට ආයෙ පාරක් ඇවිල්ල වැන්දෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. පොඩි උන්නාන්සෙගෙ දෙපැත්තෙ ඉන්නෙ ඇබිත්තයො දෙන්නෙක් නෙ.

      Delete
    2. ඒ උපාසික ඇත්තෝ ඇබිත්තයෝ ගනං ගන්නෑ අනේ..

      Delete
  2. තෝ මේ වල ඉහලා කොයි යන්ටද තනන්නේ ?

    ReplyDelete
  3. මේක ලියන්නේ අපේ දේශකය ද?

    ReplyDelete
    Replies
    1. ඌගේ තමයි.. බිව්වම ලියන එකක්. මම දැක්කා කෙන්ජියා වෙන කාගෙද කොමෙන්ට් එකක් මාරයගෙ එකේ දාලා....

      Delete
    2. ඔව් ඔව් ඒ යකා දේශයකා ම තමා.. හැක්..

      Delete
  4. යකෝ අග්‍ර ශ්‍රාවකයෝ දෙන්නට වැන්දේ නැතැයි ?

    උපාසිකා අම්මගේ ශ්‍රද්ධාව බලකො

    ReplyDelete
    Replies
    1. නෑනේ බං උන්ට වැදල නෑ වැඩක් ගන්න දෙයක් නෑනේ...

      Delete
  5. "පොඩි හාමුදුරුවෝ දැන් සැතපිලා, ඇහැරිලා ඉන්න වෙලාවක ආවනං" කියලා කිව්වලු ලොකු හාමුදුරුවෝ...

    ReplyDelete
    Replies
    1. ශ්‍රද්ධාව එහෙමයි බං...

      Delete
  6. හාමුදුරුවොත් ඉතින් පෘතග්ජනයෙක් නෙ.

    ReplyDelete
    Replies
    1. ඇයි පොඩි උන්නාන්සේ එතුමත් එහෙම තමා නේද??

      Delete
  7. අපේ කිරිඅම්මලා වගේ තමයි. හත්ගව්වක් තියා වැඳගෙන එන්නේ. නරකක් නෙවෙයි. හොඳය....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් හරිම හොදයි දමියෝ...

      Delete