Saturday, April 26, 2014

හුළං බැලීම

කාලෙකින්.. හැක් හැක්

තමන්ගේ මිත්‍රයා ඉස්පිරිතාලේ හදිසි අනතුරු වාට්ටුවේ ඉන්නවා කියල ආරංචි වෙලා එකෙක් ගියා ලෙඩාව බලන්න. ඒ යනකොට ඒ හාදයා අත පය වෙලාගෙන දත කට කඩාගෙන ඉස්පිරිතාලේ ඇදකට වෙලා ඔහේ ඉන්නවා කෙඳිරි ගගා.

“මොකක්ද බං බොට උනේ...?“

“වැටුනා බං පුස් සයිකලෙන්“

“ඉතිං බං සයිකලෙන් වැටුනම ඔච්චර තුවාල වෙන්නේ කෝමද?“

“එහෙම තමා බං මම පොල්ලේ වාඩි වෙලා ගියෙ.“

“කව්ද පැද්දේ“

“අන්න අර යකා බං“ (අනිත් ඇදේ ඉන්න එකා පෙන්නයි)

“ඇත්තටම මොකක්ද බං උනේ“

“මොනා වෙන්නද බං... පල්ලමේ යන ගමන් අර යකා ඉස්සරහ රෝදේ හුලං මදි වගේ කිව්වම මං ටයර් එ අල්ලලා හුලං අඩුද බැලුවා එච්චරයි මතක“

25 comments:

  1. හොද වැඩේ දේශකයට ..

    ReplyDelete
  2. ෂැහ්
    හොදම වැඩේ එක එක එ්වා ඔබ ඔබ යනවට..

    ReplyDelete
  3. මාරාන්තික රිය අනතුරක්.

    ReplyDelete
  4. ඇඟේ ලේ පිරිසිදු කරගන්න මෙහෙම කතා තියෙන්නත් එපායෑ. දිගටම ලියන්න සහෝදරයා.

    ReplyDelete
  5. ඇපල් ගෙඩියක් දොඩම් ගෙඩියක් අරන් එන්නම්කො උබව බලල යන්න :D

    ReplyDelete
  6. ඔන්න මමත් බ්ලොග් දර්ශකයක් හැදුවා ඔයාලට ප්‍රයෝජනයක් වෙන් විදිහට. ඔයාලගේ බ්ලොග් අඩවි වල ලින්ක් මට එවන්න මගේ බ්ලොග් දර්ශකයට දාන්න. එම්න්න මගේ බ්ලොග් දර්ශකය.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
  7. ෂා නියම යාලුවෙක්.ඇත්තටමත් ඔයවගෙ වැඩක් වුනා.අනුරාදපුරෙදි කාර් එකක් හයියෙන් යනකොට එහා පැත්තෙ හිටපු එකා හිම් ඉන් යමන් කියල හැන්බ්‍රෙක් ඇදල.කාරෙක වට ගානක් පෙරලිල ගහක වැදුන.ඩ්‍රයිව් කල කෙනා මැරුන.එ ඇක්සිඩන්ට් එකෙ ෆොටොස් හැමතැනම ගියා එ දවස්වල

    ReplyDelete
    Replies
    1. කාර් රේස් වලදි හෑන්ඩ් බ්‍රේක් එක වාහනේ හරවන්න පාවිච්චි කරනවා කියලා අහලා තියෙනවා.. ඇත්ත බොරු මන්දා ..

      Delete
    2. @ හරී, එහෙම කරනව තමයි. ඒත් පලපුරුද්දක් නැතුව ඒ දේ කරන්න ගියොත් වැඩේ අල වෙන්න පුලුවං.

      Delete
    3. හරී කියන්නෙ ඩ්‍රිෆ්ටින් ගැන, මන් ආසම වැඩ කෑල්ලක් තමා ඒක, කාර් එකක් ගත්ත කාලෙක ට්‍රයි කරල බලන්න ඕන :D

      Delete
  8. ඒකයි මේ කාලෙකින්.. හැක්.. හැක්..

    ReplyDelete
  9. කීයෙ වාට්ටුවෙද ඉන්නෙ බං. කෝක් එකක්වත් අරගෙන බලන්න එඤ්ඤං.

    ReplyDelete
  10. හැක්.. හැක්.. මාර මොලේ... පින්නට අහුවෙන්න දෙන්න එපා කියන්න..

    ReplyDelete
  11. හැක් හැක් මාර ආතල් නෙ දෙන්නෙ, කවුද ඒ පොර? හිහි

    ReplyDelete
  12. ඉතින් අනේ පාරේ යන කෙනෙකුට හරි වෙන බයිසිකලේක යන කෙනෙකුට හරි කියන්න තිබුණනේ හුළං බලලා දෙන්න කියලා.

    ReplyDelete
  13. ඉස්පිරිතාලේ ගිහින් බේරුණා මදැයි..

    ReplyDelete
  14. හුලං බොකල තියෙන්නේ

    ReplyDelete
  15. පට්ට යකෝ..... එහෙම උත්තලත් නැතිවෙන්න බැහැ යකු සී ලංකාවෙ .....

    ReplyDelete
  16. උඔටයි යාලුවටයි දැන් අඞුද?

    ReplyDelete
  17. තරහකාරයෝ මොකද්ද අප්පා මේ වගේ යාළුවො ඉන්දැද්දී :)

    ReplyDelete