Sunday, June 22, 2014

වඩේ කතාව (රොනී ලීච් ගේ)

මේ කතාව කිව්වේ රොනී ලීච්... කොපි චැට් ද මොකක්ද එහෙක.. ඔන්න මං ඔයැයිටත් හුආපි ඇහෙන්න කියනවා මේක..

දවසක් පිටකොටුවේ එළවළු මාර්කට් එකට ගියපු මහත්තයෙක් අත් දෙකෙන්ම එළවලු මළු දෙකක් අරගෙන පාරේ ඇවිදගෙන යන කොට මිනිහට මාර බඩගින්නක් ආවා. ඒ පාර පොර ළගම තිබුන සයිවර් කඩේ ළගින් නතර වෙලා වේටර්ගෙන් මෙහෙම අහනවා.

“වේටර්.. ඉදිආප්ප තියේද??“

“අයියෝ නේ ෂර්... මේ දැන් තෙමා ඉවෙර වෙලා“

“සැහ්..ඉට්ලි තියේද?“

“ෂොරි ෂැර්. අද එදුවේ නෑ ඉට්ලි“

“මොන මගුලක්ද.. ගන්නවා එහෙනං වඩේ එකක් වත්“

“ඉන්න ෂැර්.. මේ ගේනවා“

වේටර් ගෙනාපු වඩේ එක බාගෙට කැඩුවම වඩේ එක වටේම මයිල් මයිල්.. මේක දැකල මහත්තයට ඌරු ජුවල්.

“ඒයි මල්ලි. මෙහේ එනවා.. බලනවා මේ වඩේ.. ඒක ඇතුලේ මයිල්“

“අනේ ෂෑර්.. ඉන්න මං වෙන එකක් ගෙන්නං.. ෂොරි සෑර්“

වේටර් තව එකක් ගෙනාවම ඒ වඩේ එකත් දෙකට කඩල බැලුවා.

“අයිසේ බලනවා මේ වඩේ එකෙත් මයිල් තියෙනවා“

“අයියෝ මාත්තියා වෙන වඩේ එකක් ගන්න“

“තියාගන්නවා තමුසෙගේ වඩේ එක. මට පෙන්නනවා ඔය වඩේ හදන එකාව..“

“එන්න සෑර් ඇතුලට. මං පෙන්නන්නං“

කුස්සිය ඇතුලට ගියපු වේටර් මහත්තයා එක අතක් නැති තනි අතින් වැඩ කරන පොරක් පෙන්නුවා.

“අන්න සෑර්.. මෙයා තමා වඩේ හදන්නේ“

“අයිසේ තමුසේ කෝමද වඩේ හදන්නේ“

“සර්.. මං තනි අතින් වඩේ එක ගුලි කරල පපුවේ තියල තමා තලන්නේ“

මහත්තයට වැැඩේට තරහ ගියේ නැහැ. මේක විතරයි කිව්වේ හිනා වෙලා.

“තමුසේ උළුදු වඩේ හදන හැටි මට හොදට හිතාගත්තැකි“

21 comments:

  1. හෙහ් හෙහ් හෙහ් උළුඳු වඩේ........

    ආ මටත් මතක් උනා ඔයවගේ කතාවක්. රබර් වලින් එක එක අයිටම් හදන කර්මාන්ත ශාලාවකට ගියාලු ඉස්කෝලෙක ළමයි ගුරුවරු ටිකක් අධ්‍යාපන මෙව්ව එකකට. වැඩේ සිද්ධ වෙන්නෙ මෙහෙමයි. ඔන්න ඉස්සෙල්ලම රබර් ග්ලව්ස් හදනව. එකෙක් රබර් දියර එකට අත දානව රත් වෙච්ච මොකද්ද එකක් උඩින් අත් තිව්වම වේලෙනව. ඊට පස්සෙ ගලවල ගන්නව. රබර් සපත්තු හදන කාමරය ඊට පස්සෙ. මෑන් කෙනෙක් කකුල බස්සනව දියර එකට. අර වගේම වේලගන්නව ගලවනව. ඔහොම බලාගෙන ගිය මිස්ල ටික එකපාරටම කාමරයක් ලඟින් ආපහු හැරිල ආවලු. සර්ල බැලුවලු මොකද්ද කේස් එක කියල. බැලින්නං දොරේ ගහල තියනවලු 'උපත් පාලන කොපු නිපදවීමේ අංශය' කියල.

    ReplyDelete
    Replies
    1. මෙකනම් කලින් අහල නැ.

      Delete
  2. පට්ට කතා දෙක අෆ්ෆා...

    ReplyDelete
    Replies
    1. මං බැලුවා.. ඔය කිව්වේ රාජ් ගේ එකත් එක්ක නේ.. හැක්

      Delete
  3. නෙදකින්, මැද හිල වඩේ කෑමත් එපා උනා.

    හදීසියෙ ගැහැණු කෝකි වරියක් නම් ඕක කොහොම හදයිද?

    ReplyDelete
  4. හෆ්ෆා... වඩේ කෑමත් එපා වෙනව මේව ඇහුවම...

    ReplyDelete
  5. අපොයි... මෙව්වාට මොනා කියන්නද දේශ්... හෙක් හෙක්...

    ReplyDelete
  6. හැකිස් හික්ස් පට්ට

    ReplyDelete
  7. ලැක්චරයෝ....එක අතක් තියෙන ගෑනු කෙනෙක් පැටිස් සීල් කරෙත් අහවල් තැන තියලා තද කරලාලු. එතකොට අර සීල් කරපු තැන ඉරි ඇඳුනේ.....ඒ 'කෑලිච්ච වෙරි' පාරවල්ට අහුවෙලාලු.

    ReplyDelete
    Replies
    1. එහෙනං ඒ ටිකක් තරුණ ගෑණියෙක් වෙන්න ඕනේ. වයසක ගෑනු හැදුවම ඒ අච්චුවේ වදින්නේ හැලප

      Delete
    2. විචා....ඒකත් ඇත්ත. හැලප හැදෙන එක කොහොම වුනත් ,පැටිස් එක සීල් වෙන එකක් නැහැ :D

      ඕක පොඩි එවුන් තේරුම් ගන්න ඔන්න. කොහොමද පැටිස් මැෂිමට සාධරනයක් කරන්න ඕන කියලා. ඕක හොඳට තේරුම් ගන්න පුළුවන් මේක තුලින්. පැටිස් මැෂිමත්, අනිත් සියළු දේමත් ඔහොම තමයි. මේ සර්පයා නොහොත් කේ.කේ.කේ.සමන් කුමාර ලියු ලිපියක් Jamie McCartney ගේ නිර්මානයක් ඇසුරෙන්. The great wall of vagina.

      මහා හුතු පවුර

      Delete
    3. ඕක කේ කේ ද ලිව්වේ.. දැනට වහල තියෙන “තටු නැති පිටු“ බ්ලොග් එකේ මේ ලිපිය ගියා...

      Delete
  8. මචෝ රොනියා පිම්පියා. උගේ ගෑනියි දුවයි පට්ට ගොන්නු. ඒ නිසා මූ මේ වගේ පිම්පි ටෝක්ස් දෙන්න හපනා.

    ReplyDelete
  9. හැලපයා හැලප හදන හැටි කියලා මට හැලප කන්නත් ඒපා උනා..

    ReplyDelete
  10. එළ කතාව මාතියා..............

    ReplyDelete
  11. ඔය කතාව මම අහල තියෙන්නෙ මූ කිහිල්ලෙ තියල වඩේ තැලුවයි කියලයි. කොහොම උනත් කතා දෙකම මරු.

    ඔය රොනිය ඔහොම හිනා උනාට මල පනිනව අම්බානෙට.

    දවසක් මූ ගල්කිස්ස හන්දියෙ එනව පයින්. මමයි තව උන් දෙන්නෙකුයි ස්කූල් කට් කරල ෆිල්ම් එකක් බලල කලින් ගෙදර එන ගමන සුපර් මාකට් එක එහා පැත්තෙ බස්ටෑන්ඩ් එක අයිනෙ ඉඳන් ගෝලිප් එකක් ගහන ගමන්.

    අපි මූව දැකල "අඩෝ තට්ටයා" ගෑව. මූ බැලුව. ආයි ගියා. අපේ එකෙක් "මොනාද ඩෝ බලන්නෙ උඹගෙ පුකේ මයිල්දෝ" කියල දිගට කෑ ගහද්දි රොනිය බැලුව, අපිව දැක්ක.

    අම්ම මෙන්න මූ දුවනගෙන එන්න ගත්ත අපි දිහාට කඟ වේන වගේ. නිකං නෙමෙයි සින්දුවකුත් දාගෙන "xරි වේස කොලො හිටපිය මගේ මයිල් පෙන්නන තොපිට" කියල.

    අපි දිව්ව හුරේ රන්.

    අපි සුපර්මාක්ට් එක වටේ දුවන හිනා වෙවී, මේක එලෝනව කුණුහරුප වක්කර වක්කර. ත්‍රී වීල් කාරයො, කඩ කාරයො බඩවල් අල්ලන් හ්නා වෙනව.

    ටිකකින් ඌටම තේරුනා ඌ බයිට් උනා කියල. ඒ හින්ද හිමීට ත්‍රීවීල් එහෙක නැගල මාරු.

    ReplyDelete
    Replies
    1. @ ඉන්දික....ඕකා එහෙම තමයි..කාලයක් ඕමාන් හිටියා... මුගේ කසින් සැමුවෙල් ලීච් මාත් එක්ක ඔබරෝයි එකෙත් වැඩ කරා. ජොලි බුවාලා බන්.

      Delete
    2. උපේ බොලා නං මරේ මරු...

      Delete
  12. මීට පස්සේ උළුඳු වඩේ කන එක නවත්තල, පැටිස් කන්න පටන් ගන්නව !

    ReplyDelete