Wednesday, January 2, 2013

පිස්සු කතා

ස්පෙයා වීල්

ඔන්න එක මහත්තයෙක් තමාගේ කාර් එක පිස්සන් කොටුවක් ගාව පාර්ක් කරලා කොහේද ගිහිල්ල ආයේ එනවා කාර් එක ගාවට.

“හුටා.. එක රෝදයක් නෑනේ“

මහත්තයා වට පිට බැලුවා, බලන කොට තමා දැක්කේ පිස්සන් කොටුවේ තාප්පෙට උඩින්, අර තොප්පි වෙලෙන්දගේ කතාවේ වදුරෝ වගේ එල්ලිල බලන් ඉන්නවා.

මහත්තයා වට පිට ඇවිදල කරල බැලුව. ම්හ්.. රෝදෙ නෑ.. දැං ඉතිං මොකද කරන්නේ කියල හිතල ස්පෙයා වීල් එකත් කාර් එකෙන් අරගෙන ලෑස්ති වෙනවා රෝදේ මාරු කරන්න. ආයේ හුටා මුං වීල් නට් ටිකත් උස්සලනේ. දැං මහත්තයා රට වටේ කල්පනා කරනවා මොකෝ කරන්නේ කියලා..

ඒ අස්සේ මහත්තයට ෂුවර් මේක අලුගුත්තේරු වැඩේ කරේ අර වදුරෝ වගේ එල්ලිල ඉන්න පිස්සන්ගෙන් කෙනෙක් කියලා. ඒක හින්ද පිස්සන්ට ගෙම්බර් මූඩ් දාගෙන මහත්තයා ලත වෙනවා යන්න විදියක් නැතිව. මේක පැයක් විතර බලං ඉදපු එක පිස්සෙක්.

“මේ.. මහත්තයා මොකෝ ඔහේ රෝදේ මාරු කරන්න දන්නැත්ද?“

“යනවා ඕයි යන්න තමුසෙල මගේ රෝදේ උස්සල ඒ මදිවට නට් ටිකත් අරගෙන.. පිස්සෝ“

“මේ මහත්තයා දැං ඔහේ කවදයි ඕක අරං යන්නේ“

“යනවා අයිසේ තව මගේ ඔළුව අවුල් කරන්නේ නැතිව“

තාප්පෙන් පැනල හෙමින් මහත්තයා ගාවට කිට්ටු කරපු පිස්සා මෙහෙම කියනවා.

“මහත්තයා. මං මේ හොදට දන්න හින්ද කියන්නේ. ඔය රෝදෙවත් නට් එකවත් ආයේ හම්බ වෙන්නේ නෑ“

“ඉතිං දැං කොහොමද මං ස්පෙයා වීල් එකවත් දාගන්නේ නට් ටික නැතිව“

“මේ මහත්තයා ඔහේ මට වැඩිය පිස්සෙක් නෙව. ඔය රෝද තුනෙක් එක නට් එක ගානේ ගලවල ස්පෙයා වීල් එක දාගෙන යන එක නෙව තියෙන්නේ“

******************************************************
බුදුන් වැදීම

ඔන්න පිස්සන් කොටුවේ බණ දේශනාවක් පවත්වන්නට දොස්තර මහත්තයාට ආස හිතුනා. ඒ ගමන ඔක්කොම ලෑස්ති කරල බණ දේශනාව තියන්න ලෑස්ති කරල හාමුදුරුවොත් වඩම්මවල, පිස්සෝ සෙට් එකත් යාන්තං වාඩි කෙරෙව්වා.

දැං හාමුදුරුවන්ගේ වාරේ

“පින්වත්නි. සාධු නාදයක් දෙන්න“

පිස්සෝ නියම පින්වතුන් වගේ සාධු නාද දෙනවා.

“පින්වතුනි, දැන් නමස්කාරය කියන්න“

ආයේ නියමෙට දෙනවා පිස්සො ටික. අහගෙන ඉන්න ආසාවේ බෑ.

“පින්වතුනි, දැං මම කිව්වට පස්සේ කියන්න... බුද්ධං සරණං ගඡ්ඡාමි“

ම්හු.. කිසි සද්දයක් නෑ.

“පින්වතුනි, මා කියුවාට පසුව කියන්න.. බුද්ධං සරණං ගඡ්ඡාමි“

ඒත් කිසි සද්දයක් නෑ. හාමුදුරුවන්ට දැං තරහයි.

“පින්වතුනි, මම කිව්වට පස්සේ මේ වාක්‍ය කියන්න. බුද්ධං සරණං ගඡ්ඡාමි“

ඒත් නෑ.. හාමුදුරුවන්ට මළ

“මොකද බුදුන් වදින්න බැරිද ඔහේලට“

පිස්සෝ ටික කියනවා

“නෑ නෑ හාමුදුරුවොම කියන්න අපි වේලාවට දෙන්නං“ කියල

හාමුදුරුවන්ට අප්‍රබංස, ඕන දෙයක් කියල හාමුදුරුවෝ තනියම වදාරනවා

බුද්ධං සරණං ගඡ්ඡාමි
ධම්මං සරණං ගඡ්ඡාමි
සංඝං සරණං ගඡ්ඡාමි

ඔන්න එතකොට වේරම්භ වාතයක් සේ නැගි හිටිය පිස්සන් කැල මෙහෙම කියනවා.

“ඔබේ රාගී මන කැලඹේදෝ
පිරිසිදු හදවත පෑරේදෝ
එම විට පවසනු මුවින් ඔබේ“


බුද්ධං සරණං ගඡ්ඡාමි
ධම්මං සරණං ගඡ්ඡාමි
සංඝං සරණං ගඡ්ඡාමි

******************************************************
එක පිස්සෙක්ට බෙහෙත් පොවන්න දොස්තර මහත්තයා සෑහෙන්න මහන්සි ගන්නවා. කොච්චර උත්සාහ කළත් මේකා බෙහෙත් බොන්නේ නෑ..නර්ස් නෝනා ට්‍රයි කරනවා. අටෙන්ඩන්ට් ට්‍රයි කරනවා. ඒත් බෑ.. ඒ මදිවට දගලනවා. දැං මළ පැන්න දොස්තර මහත්තයා පොඩි පොල්ලක් අරගෙන තග දානවා.

“බොනවා බෙහෙත් ටික නැත්නං ගහනවා මේකෙන්“

ඒත් පිස්සා කනකට ගන්නේ නෑ.

කීප වතාවක් කරලත් හරි යන්නේ නැති පාර, මේක බලං ඉදපු එක පිස්සෙක් දොස්තර මහත්තයා ළගට ඇවිල්ල කියනවා.

“දොස්තර මහත්තයා,. මට දෙන්න ඔය පොල්ල. මං මේකට බෙහෙත් පොවන්නං“

“මේ මේ පිස්සු කරන්න එපා..“

“නෑ එහෙම එකක් නෑ මහත්තයෝ මං මේකට බෙහෙත් ටික දෙන්න ඕන හින්දා කියන්නේ. මට දෙන්න ඕක“

ඒ පාර දොස්තර මහත්තයා පොල්ල දුන්නා පිස්සට. පොල්ල අතට ගත්ත පිස්සා,

“යකෝ මැරං නොකා බෙහෙත් ටික බීපං“ කියල කිව්ව විතරයි පූසා වගේ අරූ බෙහෙත් ටික බිව්වා.

මේක දැකපු දොස්තර මහත්තයට පුදුමයි වගේම තරහයි.

“තමුසේ මාර බඩුවක් නේ. මං අච්චර හොදින් කියද්දිත් තමුසේ බෙහෙත් බිව්වේ නෑ. ඒත් අර මිනිහා එක පාරක් කිව්ව ගමන් මීයා වගේ බෙහෙත් ටික බිව්වා. ඇයි ඒ“

“දොස්තර මහත්තයා පොල්ල තියාගත්තට ගහන්නැති බව මං දන්නවා නේ. ඒත් අරු පිස්සා ඕක ෂුවර් නෑනේ ඒකයි මං ඌ කියන එක ඇහුවේ“

23 comments:

  1. උදේ පාන්දරම හිනා උනා ඕං... අර පළවෙනි කතාව නම් මරු..

    ReplyDelete
    Replies
    1. එහෙනං මරු ලිහිණියෝ

      Delete
    2. පලවෙනි එකේ ඉන්නේ මමයි දේෂයි දේශා තමයි පිස්සා

      Delete
  2. උඹ ගිය ටිකේ පදිංචි වෙලා හිටියේ පිස්සන් කොටුවේ නේද... හි හි..

    ( උණ උණ කියලා අපිට බොරු කියලා මෙතන... හිතං ඇති අපි අඳියි කියලා ඔය බොරු වලට.... හි හි...)

    ReplyDelete
    Replies
    1. උණ හැදුනේ බං පිස්සෝ ටිකක් එක්ක දවස් හතරක් පිස්සු සවාරියක් ගියපු හින්දා නෙව.. ගමන ගිහිල්ල ආවම මට ෂුවර් උනා උන්ට වගේ මටත් පිස්සුයි කියලා. තැන්කුයි ආවට

      Delete
  3. අනේ බං අද කතා සෙට්එකම කලිං අහපුවා. නැද්ද අලුත් එකක්?

    ReplyDelete
    Replies
    1. මට බෑ බං උඹ අහපු නැති දෙයක් හොයාගන්න.. උඹ ඉතිං මේ විශ්වයේ තියෙන නිදහස්ම තැන පිස්සු කෙලපු එකෙක් වෙච්චි එකේ..!! තැන්කූයි.. ලබන සතියේ දානව සොරි විජේ..

      Delete
  4. යකෝ දේශක මේක උබද කරන්නේ ?
    එල එල ...නියම කතා ටික ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කාන්සියට කොරන්නේ... තැන්කුයි Sahan de silent

      Delete
  5. හිකිස් :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හා චූ රජා නියමයි මේ පැත්තේ ආවා එහෙනං.. තැන්කුයි

      Delete
  6. මේකෙත් පාළුව යන්න කතා ටිකක් දාපු එක නම් හොඳයි.. පන්සිල් ගන්න කතාව නම් මරු.
    තව ටෝච් එළියෙන් හඳට ගිය කතාවකුත් තියනවා නේද..
    ඔය පොල්ලෙන් ගහල බෙහෙත් පොවන කතාවෙත් වෙන වර්ෂන් එකක් තියනවා. ඒකෙ පිස්සා පොල් ගහකට නගිනවා, බහින්නේ නෑ. දොස්තර පොරවක් අරන් ගහ කපන්න කලින් බහින්න කියනවා. ඉතුරු ටික එමමයි..:)

    ReplyDelete
    Replies
    1. තැන්කුයි චන්දන.. ඔව් බං මේ කතා සෙට් එකේ විවිධ වර්ෂන් තියෙනවා..

      Delete
  7. අලුත් අවුරුද්දෙ නියම කතා ටික. දේශක තුමාට සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. චන්දි ස්තුතියි.. ඔබටත් එසේම වූ සුභ නව වසරක් වේවා..

      Delete
  8. හිකිස් පළවෙනි කතාව නම් මරු..

    ReplyDelete
    Replies
    1. තැන්කුයි. එක චන්දනයෙක් ඉන්න හින්දා උපුල් කියල කියන්නං.

      Delete
  9. කලින් අහල තියෙන කතා ටිකක් වුණත් ආයෙමත් රසවින්දා, ඔබට සුබ නව වසරක් වේවා

    ReplyDelete
  10. සිරා කථා සෙට් එක බන්.. මට පේන්නේ උඹ ඉන්නේ පිස්සන් කොටුව ළග වගේ..
    ගෙට්ටුවේ දී සෙට් වෙමු..

    ReplyDelete
    Replies
    1. සොරි තමා සිරා කිව්වා ගෙට්ටුවට පිස්සෝ ගන්නෙ නැතෙයි කියල.

      Delete