Friday, August 23, 2013

ඔෆිස් කතා

ලයිට් බිල

එක දවසක් ප්‍රධාන කාර්යාලයේ ඉදල වෙනත් ස්ථානයකට දුරකතන ඇමතුමක් දුන්නා.

එහා පැත්තෙන් උත්තර දුන්නා.

හලෝ

මට ලයිබ්බ්‍රිය දෙන්න

සර් පොඩ්ඩක් ඉන්න

රිසිවරෙන් ඇහෙනවා එහා පැත්තේ කව්ද එක්ක කතා කරනවා. ටිකකින් උත්තර දුන්නා

සර්.. ඒක නං හරියටම දන්නෑ තාම ඇවිත් නෑ වගේ.

මොකක්ද.. කව්ද ඔය කතා කරන්නේ

සර් මම එස් ඕ කෙනෙක්..

එහෙනං මට ලයිබ්බ්‍රිය දෙන්න..

ඒක තමා සර් කිව්වේ.. ලයිට්බිල තාම ඇවිත් නෑ...



අතේ ගැසීම

අපේ ඔපීසියේ ප්‍රින්ටරය කැඩිලා එකෙකුට කිව්වා ඉක්මනට ඕක හදාගන්න ඕන හින්දා වෙන තැනකින් ප්‍රින්ට්අවුට් එකක් අරන් එන්න කියලා..

මිනිහා ටික වෙලාවකින් ආවා. ඒත් ලියුම නෑ.

“මිස්ටර් චක්.. කෝ ලියුම ගන්න ඉක්මනට අපිට මේක හදාගන්න ඕන හදිසියි“

“මිස්ටර් බොස් පහල ප්‍රින්ටර් දෙකම කැඩිලා ඉතිං ප්‍රින්ට්අවුට් එකක් ගන්න බෑ“

“හරි හරි මොකක් හරි කරනවා ඉක්මනට“

තව ටික වෙලාවකින් ආයේ මතක් කරලා ඇහුවා.

“මිස්ටර් චක් වැඩේ හරිද“

“ආ ඒක හරි. ප්‍රින්ට් අවුට් ගන්න විදියක් නෑ. ඒක නිසා මම ඒක අතේම ගහල දැං ඇරියේ..“

(මිස්ටර් බොස් මිසිස් කෙනෙක්)

13 comments:

  1. මේ ඉන්නෙ දේශකයා. පේන්න නැතුව හිටියෙ ප්‍රින්ට් අවුට් ගන්න ගියාද :D:D

    ReplyDelete
  2. එහෙනම් උඹ ප්‍රින්ට් අවුට් ගන්න යන්න ඇති නේද මෙච්චර කල්!

    ReplyDelete
  3. ලයිට් බිලනම් තාම ඇවිත් නැති එක හොඳයි දේශකයෝ

    ReplyDelete
  4. අනේ බං උඹත් කාලෙකින් ලියපු කතා...

    අපේ ඔෆිස්සෙකේ අක්ක කෙනෙක් දවසක් පියන් කෙනෙක්ට ලියුමක් දුන්න ෆැක්ස් කරන්න. ටික වෙලාවකින් උගෙං ඇහුව ෆැක්ස් කළාද කියලා. ඌත් ඔව් කිව්ව. ඒ ගමන අක්ක අහනව, ‘එහෙනං ෆැක්ස් කළානං කොහෙන්ද මේ ඔරිජිනල් ලියුම මේසෙ උඩ තියෙන්නෙ?‘ කියල.

    ReplyDelete
  5. හි හි :-)

    ReplyDelete
  6. හි හි :-)

    ReplyDelete
  7. ප්‍රින්ටරේ කැඩිලා නිසා වෙන්න ඇති ආවේ නැත්තේ? පලවෙනි වතාවට මම කමෙන්ට් දාන්නේ..

    ReplyDelete
  8. දේශකයට ප්‍රින්ට් අවුට් ගන්න මෙච්චරකල් ගියාද.

    ReplyDelete
  9. මේ දවස්වල ඔයාගේ රස කතත් මහ කම්මැලියි දේශකයෝ....

    ReplyDelete
    Replies
    1. //මේ දවස්වල ඔයාගේ රස කතත් මහ කම්මැලියි දේශකයෝ....//

      යකෝ දේශකයා මේ මෙලෝ රහක් නැති එව්වා ලගියනවා කියලා මම අදනේ දන්නේ

      Delete
  10. මේකා පහුගිය කාලේ පෙන් හිටියේ නැත්තේ ප්‍රින්ටරේ නැති නිසා අතේ ගහල ප්රිටවුට් ගන්න ගමන් වෙන්න ඇති

    ReplyDelete
  11. හැමෝටම ස්තුතියි කියවල බලල ප්‍රතිචාරත් දාලා ගියාට. ආයේ එන්න ඕන හොදේ...

    ReplyDelete