Friday, November 1, 2013

ලාභ බිස්නස්..

මේක ඇම්ඩන්ගේ කතාවක්ද මන්දා.. මට හරියට මතක නැහැ කොහොම උනත් ඔන්න කතාව.

කොල්ලට දාමු නමක්.. හ්ම්.... ඕන නැ ඇම්ඩන් කියමු.

ඇම්ඩගේ තාත්තා උදේට වැඩට යන්නේ ඉස්කෝලේ නොයන ඇම්ඩට අම්මව බලාගන්න කියල උපදෙස් දීලමයි. කොල්ලා ඉතිං තාත්තා කියපු දේ හරියටම අහනවා.

ඒත් ළගක ඉදල තාත්තා වැඩට ගියාට පස්සේ කව්ද අංකල් කෙනෙක් ඇම්ඩගේ ගෙදර එනවා. ඇවිල්ල ඇම්ඩට ටොපි දෙක තුනක් දීලා කියනවා.

“ඔන්න පුතේ.. මම ඔයාට සෙල්ලමක් කියල දෙන්නං. පුතා එළියට වෙලා හොදට බලං ඉදල පාරේ යන අය ගණං කරන්න ඕන.. ඊට පස්සේ මම ඇවිල්ල ඔයා ගණං කරපු ගානට... ඒ කියන්නේ පාරේ ගියපු එක්කෙනෙකුට රුපියල ගානේ දෙනවා. කොහොමද වැඩේ!!“

ඇම්ඩත් උඩ පැනල කැමති උනා. මිනිහට ඉතිං අතට ගානක් එන වැඩක් නං මොන ලවක් දෙවක් වත් තියෙන එකක්යැ.

ඉතිං මිනිහා පැනල වැඩේට කැමති උනා නෙව. දැං උදේම අංකල් ආවම ටොපි දෙක අරගෙන ඇම්ඩ දුවනව තාප්පේ ගාවට විගහට. එක රුපියලක් හරි මිස් උනොත් හෙම. අපරාදේ නෙහ්. ගිහිල්ල තාප්පෙං එබිලා පාරේ යන උන් ගණං කරන්න පටන් ගන්නවා. 

පැය දෙක තුනකට පස්සේ අර අංකල් එළියට ඇවිල්ල පර්ස් එක ඇදල මෙහෙම අහනවා.

“ආ.. පුතේ කී දෙනෙක් පාරේ ගියාද?“

“අංකල් අද පස් දෙනයි ගියේ“

“එහෙමද එහෙනං මෙන්න රුපියල් පහක්ම.. ටටා මම යන්නං“ කියල අංකල් කාරයා පැනල යනවා.

ඔය විදියට හැමදාම පාරේ යන උන් ගණං කරත් ඇම්ඩගේ කරුමෙට කවදාවත් රුපියල් දහයකට වැඩිය අංකල්ගෙන් ගන්න බැහැ. මොනව උනත් ඇම්ඩ සත්‍යවාදියා. කවදාවත් බොරු කියන්නේ නැහැ. ඒත් මේකට හරිම අවුල් ඇයි පාරේ මීට වැඩිය මිනිස්සු නොයන්නේ කියලා.

තව දවසක් ඔය වගේ රාජකාරියට බැහැල ඉන්න වෙලාවේ ඇම්ඩට පාරේ එහා කොනෙන් පේනවා ඩග ඩග ගගා බෙර ගහමින් කස්ටියක් එනවා. ඔව් ඒ අය ඇම්ඩගේ ගෙවල් පාරෙමයි එන්නේ.. හැබෑටම ඒක පෙරහැරක්. හොද සෙනගක් ඉන්නවා දැක්කම ඇම්ඩට පුදුම සන්තෝසයක් ආවේ. කස්ටිය ලං වෙන්න කලින් මේක අංකල් කාරයට කියල එන්න ඕන කියලා ඇම්ඩා දුවල ගියා. ගිහිල්ල අම්මගේ කාමරේ දොරට තඩි බාලා මෙහෙම කිව්වා.

“අංකල් අංකල්.. රුපියලට දෙකට *කපු කාලේ ඉවරයි. ඔන්න පෙරහැරක්ම එනවා පාරේ“ 

11 comments:

  1. එදානං අංකල්ට *කෙන්න ඇති.

    ReplyDelete
  2. හි හි හි ඉදගෙන ,, ,,

    සතියට එක ගානේවත් ලියන්න උතුමාණනි

    ReplyDelete
  3. අංකල් මොනවද කියුවෙ?
    ගාන ගෙවුවද?

    ReplyDelete
  4. ඊට කාලෙකට පස්සේ ඇම්ඩලා පදිංචියට ගියා තට්ටු නිවාසෙකට. අර අංකලයා එහෙත් එනවා. ඇම්ඩගේ අම්මා කියනවා පුතා බැල්කනියට වෙලා පාරේ වෙන දේවල් කියන්න කියලා. ඕන්න ඇම්ඩා කියනවා රතුපාට කාර් එකක් උඩහට ගියා කියලා. අම්මා උත්තර දෙනවා 'ම්උහ්' කියලා. ඔයවගේ පාරේ වෙන දේවල් ඇම්ඩා කෑ ගහලා කියනවා අම්මට ඇහෙන්න. ඇම්ඩ දවසක් කිව්වා ඉස්සරහගෙදර සුදු නංගිත් බැල්කනියට ඇවිල්ලා කියලා. අම්මා ඇහුවා 'එහ්..මොඛ..දහ්' කියලා හති දදා. එයාගේ අම්මත් අංකල් කෙනෙක් එක්ක ඔය අම්මා කරන වැඩේම කරනවලු කියලා ඇම්ඩා උත්තර දුන්නා.

    ReplyDelete
  5. ඔන්න නියම (***ගෙ) පුතාල :D

    ReplyDelete
  6. ඇම්ඩන් කියන්නෙ කවුද?කොහෙන්ද ඔය කතා හොයා ගන්නෙ? :D

    ReplyDelete
    Replies
    1. ඇම්ඩන් කියන්නේ මේක ලියන එකා වගේ එකෙකුට

      Delete
  7. ඇම්ඩන් කියන රියල් නමින් එන්න හොද නැති නිසා දේශකයා කියලා නමකින් එකෙක් ඉන්නවා කියලා ආරංචියි.

    ReplyDelete
  8. ඉදහන්කෝ මම හෙට දිහාට පෝස්ට් එකක් දානකන්... ඒකේ තියෙනවා බයින හැටි :))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  9. අද කියෙව්වේ කතන්දර ඔක්කොම. සිරා ඈ !! :D

    ReplyDelete