A True Story... වචනයක් ගැන පොඩි දැනුමක් දෙන පොඩි කතාවක් හොදේ..
දැං කාලේ උනත් ඕං ප්‍රින්සිපොල් කෙනෙක් ස්ථාන මාරු වෙලා යන කොට අර ඉන්වෙන්ට්‍රි මේ ඉන්වෙන්ට්‍රි චෙක් කොරල භාර දීල අත්සන් කොරල තමා යන්නේ අළුතින් එක එක්කෙනාට. ඒකට කියන්නේ බඩු භාරදෙනවයි කියල නෙව..
මේක ටික කාලෙකට විතර ඉස්සර කේස් එකක්..
ඉතිං ඕං ඉස්කෝලෙකට ප්‍රින්සිපොල් කෙනෙක් මාරු වෙලා එනවා. එයා නං ටයි කෝට් එහෙම දාල ජැන්ඩියට එන්නේ. ඒත් යන්න ඉන්න කෙනා නැෂනල් කිට් එක ගහපු එක්කෙනෙක්..
දැං බඩු බාර දෙන්නයි සුදානම.
“එහෙනං මහත්තයෝ, ඔන්න ලැයිස්තුවේ විදියට බඩු බාරගන්න“
කියල පරණ කෙනා ලිස්ට් එක කියව කියව බඩු පෙන්නනවා. එතකොට අළුත් කෙනා ඒවට හරි දාගෙන යනවා..
ටිකක් ඔහොම බඩු ගනන් කර කොට පරණ එක්කෙනා කියනවා.. අතට ලී කොට කෑල්ලක් අරගෙන, අර කොළ වලට තියන බරක් වගේ එකක්...
“යුනියන් ජැක් එකායි“
අළුත් කෙනා හරිය දාන්න ලෑස්ති වෙලා බඩුව බලනවා...
“මොකක්ද ස්කෝලේ මහත්තයෝ කිව්වේ... යුනියන් ජැක්“
“ඔව් මේ යුනියන් ජැක්..“
“හෙහ්.. ඉස්කෝලේ මහත්තයට විස්වාසද ඕකමෙයි කියල“
“නැතිව නැතිව .. මම මේකට ආපු වෙලාවෙත් ඕක තමා බාර ගත්තේ යුනියන් ජැක් කියලා.. මම ඒත් දන්නේ නෑ මොකක්ද කියල, වට්ටෝරු පොතේ දාපු හින්දා බාර ගත්තා“
“ස්කෝලේ මහත්තයෝ මේක යුනියන් ජැක් එකක් නෙමෙයි නේ“
“අනේ මන්ද මහත්තයෝ ඕක ඔය සුද්දගේ කාලේ ඉදලම තියෙන එකක්. මහත්තයා බොරු නං කලින් පිටුව හරවල බලන්නකෝ එදා ඉදලම ඕක අළුත් අය ආවම භාරගෙන තියෙනවා.“
“හෙහ් හෙහ්.. මහත්තයෝ වචනේ හරි ඒත් මේක යුනියන් ජැක් එක නෙමෙයි.. ඔබතුමා දන්නෙත් නෑනේ යුනියන් ජැක් කියන්නේ මොකක්ද කියලා“
“ඔව් මහත්තයෝ මොකක්ද එතකොට“
“යුනියන් ජැක් කියන්නේ... ඉංගිරිසි කොඩියට.. මහත්තයා කිව්වා හරි ඒක සුද්දගේ කාලේ ඉදල මෙහේ තිබිල තියෙනවා. හැබැයි කව්රු හරි මහත්තයෙක් ඔය අතරේ කොඩිය අරන් මාරු වෙලා තියෙන්නේ මේ මේස කොඩිය හයි කරන බරුව විතරක් ඉතුරු කරල.. එදා ඉදල ලී බරුව තමා යුනියන් ජැක් කියල ඔහේල තියාගෙන ඉදල තියෙන්නේ“
“සෙහ්.. වස කන වැඩක් නේ මේක මහත්තයෝ..“
මේ වගේ සිද්ධි ඇත්තටම තියනව දැනටත්
ReplyDeleteඔව් බං උඹලට නං අහුවෙනවා ඇති අනන්තවත්. ඇයි තොපි යනවනේ බෝඩ් ඔෆ් සර්වේ
Deleteඅපොයි දෙයියනේ ඉස්කොලෙ මහත්තයට වෙලා තියෙන දෙයක්.
ReplyDeleteමේකත් දේශකයගෙ එකක් කියල පස්සෙනෙ දැක්කෙ.
Deleteතැන්කුයි ප්‍රසා...
Deleteමරු
ReplyDeleteතැන්කුයි ලොකු ජෝන්
Deleteඅෆ්ෆා... :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මොකෝ අෆ්ෆා!!!
Deleteමට නම් මේකට හිනා ගියේ නෑ ඕං...
ReplyDeleteඒකට කමක් නෑ බං...
Deleteමං මේ කල්පනා කලේ ඔහොම ටපල ගත්තු ඒවා තව මොනවද තියන්නේ කියල.. එකක් කැසට් හෙඩ් එක..
ReplyDeleteතව තිබුනා මතක් වෙන්නේ නෑ. වැරදිලා හරි පොතේ යුනියන් කෑල්ලත් හැලුන නම් තමා වැඩේ :)
එහෙනං ඉතිං බඩු තමා... හෙන කේස් එකක්...
Deleteදේශකයා නම් ගහන්නේ යුනියන් ජැක්ලු නේද?.
ReplyDeleteනෑ නෑ මෝල් ජැක් එකක් ගහන්නේ
Deleteඅඩුගානේ ප්‍රින්සිපල් අවංකයි... දන්නේ නෑති එක දන්නේ නෑ කියලා කිව්වානේ.. හි හි
ReplyDeleteඒකනේ කියන්නේ
Deleteඅනෙ අප්පේ මේ දේශක තුමාටත් මතක් වෙන එව්වා. නැෂනල් කිට් එක ගැහුවත් එයා අවංකව ඒ දේ කීවනේ, ඒක වටිනවා නොවැ. හිනා නම් ගියේ නෑ ඔන්න.
ReplyDeleteහා හා හිනා නොගියට මොකෑ.. ආවට මට හිනා හොදේ....
Deleteචඃ.. ජැක් එක තියල නේ ගිහින් තියෙන්නේ..
ReplyDeleteකව්ද බං ඒක තියල ගියේ
Deleteවෙලා තියෙන්නේ මුලින් වරද්දපු එක දිගටම වරද්දන් ඇවිත්
ReplyDelete