Friday, September 5, 2014

ඇණය..!!

ගව පට්ටි හිමිකරුවෙකු හා පශු වෛද්‍යවරයෙකු අතර කතාවක්..

“අයිසේ.. මේ වැඩේ හරි යන්නෑ“

“අැයි දොස්තර මහත්තයෝ“

“තමුසෙගේ වැස්සිට පැටව් දාන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා“

“ඒ කිව්වේ මහත්තයෝ“

“අයිසේ..මේ වැස්සි එක් උනාට පැටව් ලැබෙන්නේ නැති ජාතියේ එකෙක්“

“අනේ මහත්තයෝ.. දැං මොකද කරන්නේ“

“තමුසේ කලබල වෙන්න එපා.. මට පුළුවන් ඔය වැඩේ කරන්න“

“අනේ ලොකු දෙයක් මහත්තයෝ“

“තමුසේ මේ කළමණා ටික ලැහැස්ති කරල මට ඇවිත් කියනවකෝ.. අපි මේ වැස්සිට කෘතිම සංසේචනයක් කරමු. එතකොට හරි යාවි..“

“මක්කද මහත්තයෝ මට නං තේරෙන්නෑ. මහත්තයා වැඩේ හරියට කරනවනං මම අවස්ස කළමණා ටික ලැහැස්ති කොරන්නං“

“හරි. තමුසේ දවස් දෙක තුනකින් ඇවිත් මට කියනවකෝ එහෙනං.. “

“හොදයි මහත්තයෝ.. මම යන්නං එහෙනං“

දින තුනකට පසු..

“ආහ්.. ආවද?? තමුසෙ ඔක්කෝම ලැහැස්ති කරාද?“

“අපොයි ඔව් මහත්තයෝ. ඒ ඔක්කොමත් ලැහැස්ති කොරල, මම කලිසම එල්ලන්නත් ඇණයක් ගැහුවා බිත්තියේ