ඔන්න අපේ
යාළුවෙක් හිටියා නීල් කියල. මිනිහගේ තාත්ත කරන්නේ මාර්කට් එකේ එළවළු බිස්නස්. නීලා
ඉස්කෝලේ යන කාලේ අමර පිස්සා. ඕන දෙයක් කරනවා. අරක්කු, සිගරට්, මල් ඔය ජාති ඒවා
හොදට ගන්නවා.
එක දවසක් උදේ
ලැට් එකට යන්න ලෑස්ති වෙචිචි නීල්ගේ තාත්තා කාමරේට ඇවිල්ල එයාගේ ෂර්ට් එකේ සාක්කුව
දෙපාරක් විතර අවුස්සල බලල නැති තැන ඒක අතට අරන් හොදට බැලුවා. දෙපැත්තට ඔළුව වනපු
තාත්තා, මහ හයියෙන්,
“නීල්..
නීල්.. මෙහෙ වරෙං“
“එනෝ ඉන්නෝ“
කියාගෙන නීල් ආවා කාමරේට
“උඹ ඊයේ මම
කමීසේ ගැලෙව්වට පස්සේ ඒකේ සාක්කුව ඇවිස්සුව නේද“
“පිස්සුද
තාත්තේ“
“මේ උඹ මට
බොරු නොකර ඉදිං හරිය.. මම දැන් දවස් ගානක් ඇහැගහගෙන හිටියේ උඹ ගැන“
“මං මොකක්ද
කරේ. මම ගත්තෙඑකක් නෑ ඕකෙන් සල්ලි“
“ඔව් මං
දන්නවා උඹ මේකෙන් සල්ලිත් ගන්නවා“
“නෑ මම ගන්නේ
නෑ.. .පිස්සුද“
“පිස්සුද, ඔව්
මට තමා පිස්සු.. මම අහන්නේ උඹ ඇයි ගත්තේ“
“මොකක්ද“
“සාක්කුවේ
තිබ්බ බ්‍රිස්ටල් එක“
“පිස්සුද මම
ගත්තේ නෑ“
“තොට මම කන
කුඩු වෙන්න ගහනවා ආයේ ගත්තොත් හෙම මේකෙ තියෙන ඒවා“
“මම ගත්තේ නෑ
කිව්වනේ.. තේරෙන්නැද්ද“
“මොකක්ද යකෝ
කිව්වේ. මම ඊයේ රෑ ඔය බ්‍රිස්ටල් එක තිබ්බේ උඹ ගන්න විත්තිය දන්න හින්දමයි“
“මම ගත්තේ නෑ මගුල් බ්‍රිස්ටල් එක“
“තෝ එනවද එකට
එක කියන්න“
එහෙම කියමින්
නීල්ගේ කනෙන් අල්ලගෙන කන හරහා හොදවයින් දෙකක් දුන්නම නීල් මහ හයියෙන් අඩන්න ගත්තා.
“තොපි හැදෙන
විදිය. යකෝ ඉස්කෝලේ යන ඈයෝ කරන වැඩද මේවා.. පරයා“
නීල් මහ
හයියෙන් අඩන හඩ ඇසී අම්මා දුවගෙන එයි.
“මොකෝ මොකෝ
මේ. මයේ කොල්ල අඩන්නේ“
“අනේ ඔහේගේ
ඌරු පැටියා“
“ඇයි කොල්ලට
ගහන්නේ“
“ගහන්න නෙමෙයි
මරන්නයි තියෙන්නේ. මූ මගේ සාක්කුවෙන් සිගරට් අරගෙන බීලා“
“ඇත්තද පුතේ
මේ කියන්නේ තාත්තා“
“ඉහි ඉහි
නෑ මම ගත්තේ නෑ අම්මේ ඉහි ඉහි“
“තොපි දෙන්න
ඕන කුදයක් ගහගනිල්ල.. ආයේ අහුවෙන්න එපා. මං තෝව මරනවා දෙකක් නෑ“
එසේ කියමින්
නීල්ගේ තාත්තා පිටව යයි. නීල් තාමත් හැඩූ කදුලෙන්ය.
“උඹ අඩන්න එපා
පුතේ.. නරක වැඩ කරන්න එපා පුතේ“
“ඉහි ඉහි. මං
බොරු නෙමෙයි ඉහි ඉහි... කිව්වේ අම්මේ.. මම තාත්තගේ බ්‍රිස්ටල් එක ගත්තේ නෑ. ඉහි ඉහි
ඉහි... අනික ඉහි ඉහි ඉහි... මම බ්‍රිස්ටල් බොන්නෙත් නෑ ගෝල්ලීෆ් විතරයි බොන්නේ“
තාත්තා දුන්
කනේ පාර, අම්මාද නීල්ට ඒ මොහොතේම දුන්න විත්තිය පසුව නීල් හිනා වෙවි අපට පවසන ලදි.
ශ්‍රී ලංකික තරුණ ප්‍රජාවේ වත්මන් පරිහානිය මත් ද්‍රව්‍ය
ReplyDeleteසමග බැඳී ඇති ආකාරය ඔබ යම් විකට රසයක්ද මුසු
කර ගෙන හැර පා ඇති ආකාරය පැසසිය යුතුමය ...
( අද හවසට වැස්සේ නැති උනොත් වරෙන් ඈ )
පන්සල් යන්ඩද
Deleteස්තුතියි ස්තුතියි..
Deleteමට නං ඕවා බිව්වාම කට තිත්ත එනවා. දහ ජරාව!
ReplyDeleteඅම්මා ගායි බැට් එකෙන් කිව්වලු
Deleteබලලා මල්ලෙන් පැනලානේ :)
ReplyDeleteඑහෙමද බොල...
Deleteකොල්ල තාත්තා වගේ ගාන අඩු ඒවා බොන්නේ නෑ. :D
ReplyDeleteඒකනේ ඌ කියල තියෙන්නේ.. සිගරට් බොන එක ගැන නෙමෙයි
Deleteමම බ්‍රිස්ටල් බොන්නෙ නෑ,, මම බොන්නෙ ගෝල්ලීෆ්... :ඩී :ඩී :ඩී
ReplyDeleteහිහිහි
Delete//නීලා ඉස්කෝලේ යන කාලේ අමර පිස්සා//
ReplyDeleteදැන් අමරට මොකද උනේ ඉතිං?....
අමර මැරුණා ඌ දැන් පිස්සා..
Deleteඅද පිරිහෙන සමාජයේ එක් පැතිකඩක්. ස්තූතියි!
ReplyDeleteඒකත් එහෙමද හයියෝ..
Deleteතාමත් මිනිහා යහතින් ඉන්නවද ?
ReplyDeleteතාමත් ගෝල්ලීෆ් තමා බොන්නේ..බං
Deleteඅපේ යාලුවෙක් තාත්තගෙන් ඇහුව ‘තාත්තෙ, දුං වළලු යවන්න දන්නවද?‘ කියලා. තාත්තා ‘නෑ‘ කිව්ව. ‘අයියෝ ඒක හරි සිම්පල් වැඩක්නෙ. මෙහෙ දෙන්න සිගරැට් එක‘ කියලා අරූ උදුරල අරං දුං වළලු දෙක තුනක් යවල පෙන්නුව. ඒකෙත් අවසානය අලි ගුටි පූජාවක් තමා.
ReplyDeleteඒ වගේම සීන් එකක් තමා බං මේකත්.. හැක්.. දෙන්න ඇති රඹටි හැලෙන්න.. අනේ හැබෑට උඹටත් ඉන්නේ මට වගේම මැටි මෝල් යාළුවෝ නෙව
Deleteකොල්ල ඇත්තමනේ කියල තියෙන්නේඕකට ඇම්ඩා කියල දැම්ම නම් නම තවත් සෙට් වෙනවා
ReplyDelete